.

Saturday, July 4, 2015

තුලා ලග්න පලාපල - ජූලි 2015

තුලා

ඔබගේ උත්සාහය සහ ක්‍රියාශ්‍රීලිත්වය මගින් බොහෝ කටයුතු සපල කර ගැනීමට ඉඩ ලැබෙන මාසයකි. වෙනදාට වඩා ප්‍රබෝධයෙන් උනන්දුවෙන් එදිනෙදා වැඩ කටයුතුවල නිරත වන බවක් පෙනේ. පවුලේ අයට මෙන්ම පිටස්තර අයට උදව් උපකාර කිරීමට සිත් දේ. සමාජයෙන් පැසසුම් ලැබෙන ආ ගිය තැන කැපී පෙනෙන ලෙස හැසිරේ.

ආදායම් යහපත්ය ඉදිරි දියුණුවට කටයුතු කරයි. මුල්‍ය ආයතනවලින් ගත් කල්පසු වූ ණය පිළිබඳ ගැටලු ඔබට වාසිදායක ලෙස විසඳා ගැනීමට අවස්ථා ලැබෙන මාසයකි. විනෝදාස්වාදයට සහ නොයෙකුත් බඩු භාන්ඩ මිලදී ගැනීමට යම් වියදමක් දැරීමටද සිදු වේ. මාසයේ අවසාන භාගයේ අනපේක්ෂිත වියදම් ඇත.

රැකියා ස්ථානය තුළ සැහැල්ලුවෙන් සහ අන්‍යයන්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කරයි. රැකියා ස්ථානයේ ප්‍රධානියාගේ සිට සුළු සේවකාදීන්ගේත් සිත් දිනා ගනී. ස්වයං රැකියා හෝ තනි පුද්ගල ව්‍යාපාර ජනප්‍රිය කිරීමට හෝ දියුණු කිරිමට අවශ්‍ය පරිසරය සකස් වෙයි. කලාත්මක අංශයේ රැකියා සහ වෘත්තීන් දියුණුවට පත් වේ. විදේශ රැකියා අපේක්ෂකයන්ගේ අරමුණු සපලවේ. දුරපලාත්වල රැකියාවන්හි යෙදෙන අයට ද සුභ වේ.

අධ්‍යාපන සඳහා උගත් බුද්ධිමත් අයගේ ඇසුර සහ උදව් උපකාර හිමිය. ඔබගේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන කටයුතු කිසියම් ඉලක්කයක් කරා මෙහෙයවීමට අවශ්‍ය සියලු ග්‍රහ බලය පවතින මාසයකි.

අවිවාහකයන්ට මංගල යෝජනාද, තාරුණ අයට තම අනාගත සහකරු සහකාරිය තම හිතවතෙකු මාර්ගයෙන් හඳුනා ගැනීමට ලැබේ. යුග දිවි ගෙවන්නන් අතර ආදරය වඩාත් හොදින් වර්ධනය වේ.

දන්ත සහ විදුරුමස් ආශ්‍රිත රෝග චර්ම රෝග ආදිය ඇති වීමට ඉඩ ඇති අතර පවතින රෝගී තත්වයන්ට නිසි ප්‍රතිකාර ගැනීමෙන් රෝගී තත්වයන් පාලනය වේ

ජය වර්ණය රෝස
ජය අංක 3, 5, 8


Libra monthly horoscope for July 2015



0 comments :

Post a Comment