.

Saturday, July 4, 2015

වෘශ්චික ලග්න පලාපල - ජූලි 2015

වෘශ්චික

මෙම මාසය ඔබට සුභ අශුබ මිශ්‍රව ලැබෙන කාලයකි. එනමුත් බාධකවලට වඩා කටයුතු සඵල වීම් වැඩි නිසා සතුටු විය හැකි මාසයකි. මෙතෙක් මනසේ පැවති නොසන්සුන්කම ක්‍රමයෙන් පහව යන අතර විනෝදයෙන් කාලය ගෙවීමට අවස්ථා ලැබෙන බැවින් මනස සැහැල්ලු වේ.

තැන්පත්  ධනය වර්ධනය වන අතර තමන් නොසිතූ අයුරින් රැකියාවෙන් හෝ ව්‍යාපාරයෙන් අමතර ආදායම් ලැබේ. අතමිට මුදල් ගැවසෙන අතර අනවශ්‍ය සහ අත්‍යාවශ්‍ය නොවන වියදම් රැසක් ජනිත වන මාසයකි. වියදම් කළමනාකරණය නොකළහොත් ණය වීමට හෝ පසු තැවීමට ඉඩ තිබේ.

රැකියා ක්ෂේත්‍රෙය්දී කාර්ය බහුල තත්වයක් ඇතිවන අතර බොහෝ වගකීම් දැරීමටද සිදු වේ. ඔබගේ උත්සාහය සහ කැපකීරීම තම දියුණුවේ රහස බව සිතන ඔබට රැකියාව හෝ ව්‍යාපාරය සතුටින් කරන අතර එහිදී දැනෙන විඩාව නොසළකා හරී. තමා තුළ තිබෙන විවිධ කුසලතාවයන් ඉස්මතු වන අතර ඒවායින් නව ව්‍යාපාර ආරම්භ කිරීමට ද උනන්දු වන කාලයකි.

පෙම් සබඳතා ස්ථිර වෙන අතර වැඩිහිටියන්ගේ ආශීර්වාදය ලැබෙනු ඇත. අවිවාහකයන්ට මංගල යෝග ද අනාගතයට සුදුසු සහකරුවා හෝ සහකාරීය තෝරා ගැනීමට සිත යෙදෙන කාලයකි. එය සුබවාදී වෙයි. යුග දිවි ගෙවන්නන් අතර සතුට සමාදානය වර්ධනය වන අතර ඉදිරි දියුණුව සඳහා දරුවන් වෙනුවෙන් කටයුතු කිරීමට පෙළඹේ.

සෞඛ්‍ය අතින් යම් ගැටලු ඇති විය හැකි අතර, ඉක්මන්කාරීකම හේතුවෙන් හෝ පරිසම් නැතිකම ගැන අවධානයට ගත යුතුය. මාසයේ මැද තරමක් අගුණය. වැටීම් තැලීම් අස්ථි බිඳීම් ලේ ගැලීම් යනාදියට ඉඩ ඇත.

ජය වර්ණය නිල්
ජය අංක 3, 5, 8

Scorpio monthly horoscope for July 2015


0 comments :

Post a Comment