.

Saturday, July 4, 2015

මිථුන ලග්න පලාපල - ජූලි 2015

මිථුන

හොඳ පෞර්ෂයකින් යුතුව කටයතු කිරීමට මිථුන ලග්න හිමියන්ට අවස්ථාව ලැබෙන හොඳ මාසයකි. එහෙත් තමන් ගැන අධි මානසිකත්වයෙන් කල් නොගෙවිය යුතුය. අන්‍යයන් හා කරන කටයුතුවලදී තම මතයටම වැඩ කිරීම සුදුසු නොවේ. වහා කේන්ති එන ගතියක් ඇති වුවත් කෝපාවිශ්ෂ වීම තමන්ට අවාසියකි.

හදිසි ධන ලාභවලට සුළු ඉඩක් පවතී. ඒ නැතත් තැන්පත් ධනය ක්‍රමයෙන් වර්ධනය කර ගැනීමට අවශ්‍ය වටා පිටාව සැකසෙනු ඇත. හිතෙන හිතෙන සුඛෝපිභෝගී දේ මිල දී ගැනීමට සිතුනත් අරපරිස්සමෙන් වියදම් කරන අයට එදිනෙදා කටයුතුවලට කිසිදු ආර්ථික අපහසුතාවයක් ඇති නොවන මාසයකි

රැකියා තත්වයේ ව්‍යාකූළ භාවය වෙනුවට ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට අවශ්‍ය කල්පනා ශක්තිය වර්ධනය වේ. නමුත් විටෙක ඇති කරන අලසකම සහ ඕලාරික අදහස් පිටු දැකිය යුතුය. නව රැකියා බලාපොරොත්තු වන අයට ඇවිදිමින් කරන රැකියා පහසුවෙන් ලැබේ. උත්සාහයේ කැපකිරීමේ තරමට ආදායමද ලැබේ. ඉංජිනේරුමය, මිනින්දෝරු වෘතිය, ගෘහ නිර්මාණ ශිල්පීන්ට, පරිගණක, වෙබ් අඩවි නිර්මාණකරුවන්ට යහපත් මාසයකි.

අධ්‍යාපනික කටයුතු සාර්ථක වෙයි. තරඟ විභාග ජය. පරිගණක, ඉංජිනේරු, කාර්මික යන වෘත්තීය අධ්‍යාපයේ නියැලෙන්නන්ට විශේෂ දස්කම් පෙන්විය හැකි මාසයකි.

ගෙදර දොර පරිසරය හිතකරය. නමුත් ගෙදර රැඳීමට තරම් කාලයක් නැති තරමටම වැඩ කටයුතු යෙදේ. වේගයෙන් යන වාහන ගැනීමට හෝ පැදීමට සිත් යොමු වේ. ගමන් බිමන් බහුල වේ. ඉන් අනවශ්‍ය හෝ අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන්වලින් වැළකී සිටීමට සුදුසුය.

වැටීම් තැලීම් හදිසි අනතුරුවලින් ආරක්ෂා විය යුතුය. සෙම් රෝග බඩේ අජීර්ණ යනාදියට ඉඩ ඇත

ජය වර්ණය නිල්
ජය අංක 2, 7

Gemini monthly horoscope for July 2015

0 comments :

Post a Comment