.

Saturday, July 4, 2015

වෘෂභ ලග්න පලාපල - ජූලි 2015

වෘෂභ

තම කටයුතු සාර්ථකව පවත්වා ගෙන යා හැකි ග්‍රහ තත්වයක් නිර්මාණය වී ඇති නමුත් අනවශ්‍ය වාද විවාදවලට ද ඉඩ ඇත. හැඟීම් මෙන්ම වචන පාලනය ද අත්‍යාවශ්‍ය වේ. අදහස් ප්‍රකාශ කිරිමේදී දක්වන දුරුවලතා මගින් සාමයට සමගියට බාධාවන් ඇති වේ. තීරණ ගැනීමේදී දෙවරක් සිතා බැලීම වටී.

තැන්පත් ධනය වියදම් කිරීමට සාධාරණ වූ හේතු ඇති වන නමුත් රැකියාවෙන් ආර්ථික වාසි වැඩි කර ගැනීමට තරම් උත්සාහවන්ත වනු ඇත. කල්පනාකාරීව වියදම් සීමා කිරීමේන් එදිනෙදා කටයුතුවලට ආර්ථික භාධාවක් නොමැත.

රැකියාවේ ප්‍රගතියක් ඇති කර ගැනීමට නම් ඉතා කල්පනාවෙන් යුතුව කටයුතු කල යුතුය. ප්‍රධානීන්ගේ හොද හිත පළුදු වන තැන් ගැන හොඳ සිහියෙන් සිටිය යුතුය. සාමූහික රැකියාවන්හි නියුතු අය තම මතයට වඩා අන් අයගේ මතයට ඇහුම්කම් දීම නුවනට හුරුය. හවුල් ව්‍යාපාරවලට සුදුසු නොවේ. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට උත්සාහ කිරීමට මේ කාලය සුදුසුය.

පාසල් අධ්‍යාපනය ලබන වෘෂභ ලග්න හිමි දරුවන්ට දෙමාපියන් විසින් උදව් කල යුතු කාලයකි. ඔවුනගේ මනසේ නොසන්සුන්තාවයන් මගහැරීමට උදව් වෙන්න. උසස් අධ්‍යාපනයේ යෙදෙන අයට දියුණුව ගෙන දේ. තරඟ විභාග ජය ලැබේ. වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන්නන්ට ද මාසයේ මැද සිට යහපත්ය  දෙමාපියන්ට එවැනි අධ්‍යාපනය ලබන දරුවන්ගේ දියුණුව දැකිය හැක.

ගෘහ ජීවිතයේ වගකීම් ඉතා හොඳින් ඉටු කිරීමට සහ පවුලේ අය සමග සුහදත්වය වර්ධනය කිරීම පිණිස කැපකිරීමකින් යුතුව හොඳ සිහි කල්පනාවෙන් සිටිය යුතු මාසයකි. මත් පැන් භාවිතා කරන පිරිමි අය මේ මාසය නිම වන තෙක්ම ඉන් මිදීම ඉතාමත් සුදුසුය. කාන්තා පාර්ශවයේ අය ආගමික කටයුතුවලට දායක වීම යහපති. යුග දිවි ගෙවන්නන් අනෙක් පාර්ශවයේ වැරදි ගැන වෙනුවට පවතින හොඳ ගැන සිතීම සුදුසු වේ.

දියවැවියා වකුගඩු ආභාධ ඇති අය වෛද්‍ය උපදෙස්අනුව නිසි බෙහෙත් ගත යුතුය. ආහාර විෂ වන දේවල් ගැන කල්පනාකාරීවන්න.

ජය වර්ණය තැඹිලි
ජය අංක 1, 3, 5

Taurus monthly horoscope for July 2015

0 comments :

Post a Comment