අද අහස අඳුරුය.
ඛේදසහගතය.
මගේ හදවත වාගේය
මොහොතකින් වැසි බිඳු
වැටී මහා පොළොවට
හෑල්ලු කරාවි ඔබේ බර
මොහොතකින් යලි ඉර
බබලාවී අහස මැද
කිසිදිනක වැසි වලා නොදුටු සේ
කඳුළු මට නැත
සිඳී ගොස් ඇත
ඉදින් මා හැමදාම අඳුරුය
නොපායාවි නැවත ඉර
අහස මට ඔබ ගැන ඊර්ෂ්යා සිතේ!
හැමෝමට වෙලාවකදී අහස ගැන ඉරිසියා හිතෙනවා බන්!!
ReplyDeleteහැමෝම කෙළ හලන
ReplyDeleteසඳ තියාගෙන අහසෙ මැද
ඔච්චමට වගෙ විරිත්තනකොට
අහස මට උඹ ගැන ඉරිසියා හිතෙයි
හිහි
හා හා නියමයි :D
Deleteලස්සනයි............. හැබැයි දුකයි තමයි
ReplyDeleteඅහස ගැන මටත් ඉරිසියා හිතේ
ReplyDelete