July 2, 2015

දිව්‍ය ඔසුවක් බදු මත්ස්‍ය තෙල් ඔබත් ආහාරයට එකතුකර ගන්නවාද?

ට්‍රවුටි, මැකරල්, ටුනා, හෙරින්, සාඩින් සහ සැමන් යන මත්ස්‍යයන්ගෙන් නිස්සාරණය කරගනු ලබන මත්ස්‍ය තෙල් බොහෝ ලෙඩ රෝග සදහා දිව ඔසුවක් බව හදුනා‍ගෙන ඇත.
මෙම මත්ස්‍ය තෙල්වල ඔමෙගා 3 මේද අමිල වන  DHA (docosahexaenonic acid)  සහ EPA(eicosapentaenoic acid) යන මේද අම්ලයන් අඩංගු වේ.එයට අමතරව විටම්න් A සහ D වලින් පොහොසත්ය. මත්ස්‍යයන්  ආහාරයට ගන්නා ඇල්ගි හරහා මෙම EPA මේද අමිලය ඔවුන්ගේ ශරීරගත වන බව කරන ලද අධ්‍යයන කටයුතු හරහා අනාවරණය වි ඇත.
මිනිසාගේ ඇසෙහි, ශුක්‍රාණු සහ මොළයේ පවතින ප්‍රධාන සංඝටකයක් ලෙස DHA මේද අමිලය හදුනාගෙන ඇත.මොළයේ අඩංගු බහු අසංතෘප්ත මේද අමිලයන්ගෙන් 40% ක් DHA මේ අමිලය අඩංගු වන බව හදුනාගෙන ඇත. නියුරෝන ප්ලාස්මා පටල ස්කන්ධයෙන් අඩක්ම අඩංගු වනුයේ DHA මේ අමිලයයි. මවිකිරිවලද DHA මේ අමිලය බහුලව දැකිය හැක.

අප ගන්නා ආහාර වේලක මත්ස්‍ය තෙල් අඩංගු වු විට අපගේ ශරීර සෞඛ්‍ය කෙරෙහි ඇතිවන හිතකර වු බලපැම් ගැන ඔබ දන්නවාද?

තම ආහාරය සදහා අවශ්‍ය පරිදි  DHA මේද අමිලය ලබාගැනීමත් සමගම  වයසත් සමග ඇතිවන දෘෂ්ඨි ආබාධ අඩුකර ගත හැකිවේ.
මව්වරුන් තම ප්‍රසුත කාලසීමාවේ අවසාන මාස 3 ඇතුලත, ඔමේගා 3 මේද අම්ල පරිභෝජනය කිරීම තුලින් ගර්භයේ වර්ධනය සහ දරුවාගේ සන්නිවේදන හැකියාව වැඩිදියුණුවන බව නවතම පර්යේෂණ මගින් සොයාගෙන ඇත.
තවද හෘද රෝග අඩුකරලමින් හදවතට නිරෝගි සුවය ලඟාකරදිමට සමත්වේ. ට්‍රයි ග්ලිසරයිඩ මටිටම(ඝනත්වය අඩු කොලෙස්ටරෝල් )  අඩුකරමින් රුධිර නාල තුල කොලෙස්ටරෝල් තැමිපත්වීම අවම කර, රුධිරය ගලායාම පහසු කරයි. එනමි ඝනත්වය වැඩි කොලෙස්ටරෝල් මටිටම (ශරීරයට හිතකර කොලෙස්ටරෝල් මට්ටම) ඉහළදැමිම සිදුවේ. සමහර පුද්ගලයන් තුල රුධිර පීඩනය නිතරම අඩුමටිටමක පවතින බැවින් ,  ඔමේගා 3 මේද අමිල වෛද්‍ය අනුමැතියකින් තොරව නිතර භාවිතය හානිදායක විය හැක. 

තරුණ ව්යේදි හැසිරිම් වල සිදුවන අසාමාන්‍යතා මගහරවාලීමටද මතක ශක්තිය වර්ධනය කර ගැනිමටද මෙමගින් හැකියාව ලැබේ.ආහාරයට ගන්නා ඔමේගා 3 මේද අම්ල ප්‍රමාණය අනුව මතක ශක්තියද වර්ධනය වේ.
අපස්මාරය සහිත රෝගීන් දිනපතා සුළු ප්‍රමාණවලින් ඔමේගා 3 පරි‍භෝජනය කිරීම තුලින් එම ‍රෝගීන් තුළ ක්ෂණිකව ඇතිවන අසාධ්‍ය ‍රෝගී තත්වය අඩුකරගැනීමටද හැකියාව ලැ‍බෙන බව කරන ලද පර් ‍යේෂණ හරහා අනාවරණය වී ඇත. ‍‍මේදය අඩු ආහාර‍ වේලකට හුරුවු  පුරුෂයන් තුල  වෘෂණ කෝෂ පිලිකා ඇතිවීම  අඩුකරලීමටද මෙමගින් හැකියාව ලැබෙන බව තවදුරටත් වෛද්‍ය පර්යේෂණ හරහා අනාවරණය වී ඇත.
ව්ටමින් ඒ වලින් අනුනවු මත්ස්‍ය  තෙල් වැඩි වශයෙන් ශරීරගතවු විටද අක්මාවේ ගැටළු ඇතිවිය හැකි බවද අනාවරණය වී ඇත.එබැවින් අනුමත ප්‍රමාණවලින් ගත්විට එම ගැටළු මගහරවා ගත හැක.

මෙහි අවාසිදායක තත්වයන් ‍ලෙස කර්මාන්තශාලා හරහා සිදුවන ජල දුෂණය නිසා  රසදිය, ලෙඩි යනාදි බැර ලෝහ සහ අනෙකුත් රසායනික අපද්‍රව්‍යය මත්ස්‍යයන්ගේ ශරීරගතවිම හා ඒ හරහා එම රසායනික ද්‍රව්‍යය  නිරෝගි පුද්ගලයන්ගේ ශරීරතුලටද ඇතුල්විම ‍පෙන්වා දිය හැක.එය මත්ස්‍ය තෙල් පරිභෝජනයේ අවාසිදායක තත්වයකි.


එනමුත්  බොහෝ    ගුණාංගයන්ගෙන් සපිරි මත්ස්‍ය  තෙල් තම ආහාරවේලට එකතුකර ගැනීම නි‍රෝගි දිවියකට මං ‍පෙතක් බව  ඔබටත් අවධාරණය කරමි.
 
 
උපුටාගැනීම - www.medicalnewstoday.com

කේ.එච්.එම්.එම්.එම්.ඡයවර්ධන
විද්‍යා හා තාක්ෂණ නිලධාරි

2 comments:

ලංකාවෙ Fish oil ගිණි ගනන්නෙ

Fish oil sharirayata hithakarada

Post a Comment