Monday, June 29, 2015

නිහඬ සම්භාවනාව පුදන්නට | සොළොස්වන ගීය

විශ්ව මංගල්‍යයට
ලැබී තිබුණා ඇරැයුම්
ඉන්ම මා දිවියට
ආසිරිවාද ලද්දෙම්.
මා දෑස දකින'තර
මා සවන සවන් දුනි.

මේ මංගල්‍යයේ
මගේ පැවරුම
වීය තුරු නද වැයුම
ඉටු කළෙම් එය
මා සතු සියලු සවියෙන්

කිව මැනවදැන්
කාලය පැමිණ නොමැතිද
පැමිණ ගෙතුළට
ඔබේ මුව දෙස බලමින්
පුදන්නට මාගේ
නිහඬ සම්භාවනාව

__________________________________________________________________

I have had my invitation to this world's festival, and thus my life has been blessed. My eyes have seen and my ears have heard. It was my part at this feast to play upon my instrument, and I have done all I could. Now, I ask, has the time come at last when I may go in and see thy face and offer thee my silent salutation?


2 comments:

  1. ලස්සනයි. ඒත් හැමදාම ලියන කවි වල පොඩි ඒකාකාර ගතියක් තියෙයි. වෙනසක් කරමුද

    ReplyDelete
  2. ස්තුතියි අදහසට. ඒත් මේක මගේ ස්වාධීන කවි එකතුවක් නොවන නිසා මට අවශ්‍ය වුවත් විශාල වෙනසකට යා නොහැකියි. ඒ නිර්මාණ කරුවාගේ (තාගෝර්) මුල් කෘතියට නිසි ගෞරවය දිය යුතු නිසා. මෙහි ඒකාකාරී බවක් දැනෙනවා ඇත්තේ මෙය කාව්‍ය එකතුවක් නොව එකම තේමාවක් ඔස්සේ ලියූ කාව්‍යාවලියක් නිසයි. ඒත් කෘතිය තුළම යම් ආකාරයක වෙනස් කම් ඉදිරි කවි වලදී සිදු වේවි.

    ReplyDelete