SHARE

Microsoft සමාගම ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය හදුන්වා දීමේ ප්‍රධානම අරමුණ වුයේ සියලුම Windows උපාංග පහසුවෙන් සම්බන්ධ කිරීමයි. අද අපේ සූදානම මේ මෙහෙයුම් පද්ධතිය සමඟ පැමිණෙන නවතම අංග පිලිබදව කුඩා විවරණයක යෙදෙන්නට.

Start Menu අංගය නැවතත්

Microsoft සමාගම desktop පරිගණක සහ ස්පර්ශ සංවේදී තිර සහිත උපාංග සඳහා පොදු මෙහෙයුම් පද්ධතියක් Windows 8 සමඟ ගෙන ආවා. නමුත් එහි පරණ start menu අංගය නම් තිබුනේ නැහැ. නමුත් Windows 10 සමඟ ඔවුන් නැවතත් එම අංගය ගෙන එනවා. Windows 10 තුල Start Menu එක සම්පූර්ණ තිරය පුරාම විහිදිය හැක. මම පෙර ලිපි වලදීත් සදහන් කල ආකාරයට Microsoft සමාගම Continuum නමින් අංගයක් ද හදුන්වා දුන්නා. මෙමගින් ඔබේ Windows දුරකථනය පරිගණකයක් බවට පත් කර ගන්නට පුළුවන්. Wi-Fi, Bluetooth වැනි settings වලට පහසුවෙන් ළඟා වීමට Action Center එකක්ද මෙහි දක්නට ලැබෙනවා.

Cortana ඔබේ පරිගණකයට

ඔබේ කටහඬ මගින් පරිගණකය හසුරුවන්නට Microsoft සමාගම Windows 10 සමඟින් ඔබට හැකියාව ලබා දෙනවා. ඒ Cortana පුද්ගලික සහයකයා Windows සමඟ ලබා දෙමින්. Windows 10හි taskbar එකෙහි cortana සඳහාම ඉඩක් වෙන් වී ඇති අතර Windows Phone එකෙහි දක්නට ලැබූ සියලුම මුලික Cortana අංග ක්‍රියාත්මකයි. Cortana කටහඬ හෝ පාඨ මඟින් ක්‍රියාත්මක කල හැක. “Play my music” මගින් Music මෘදුකාංගය විවෘත කර ගැනීමටත්, “Please be quiet” මඟින් එය නැවැත්වීමටත් හැකියාව තිබෙනවා. මෙය හදුන්වා දීමේදී Microsoft සමාගමේ Joe Belfiore විසින් ප්‍රශ්න කීපයක් අසමින් Cortana හි හැකියාවන් ප්‍රදර්ශනය කර තිබෙනවා.

Edge Browser එක සැබෑවක් බවට පත්වෙයි.

නවතම Microsoft Edge Browser එක Windows 10 සමඟ පරිගණක සහ ජංගම දුරකථන සදහා පැමිණෙනවා. මෙම නව Browser එක සමග නවතම අංග රැසක් පැමිණෙනවා.

XBox සහ Windows 10

Microsoft සමාගම තීරණය කරලා තිබෙනවා Xbox app එක Windows 10 ධාවනය වන සියලුම උපකරණ සදහා ලබා දෙන්නට. Microsoft සමාගම දැනටමත් Games ආශ්‍රිතව ප්‍රමුඛයෙකු ලෙස සිටියත් ඔවුන් පරිගණක ආශ්‍රිත ක්‍රීඩා සදහා තවමත් පසුබෑමකයි සිටින්නේ. එය මගහරවා ගැනීමට මෙය මනා රුකුලක් වෙනු ඇත. මේ XBox app එක සමඟින් Xbox one තුලින් පරිගණකයට Games Sync කර ගැනීමට හැකි වෙනු ඇත. මෙය නම් ආකර්ෂණය දිනා ගන්නා අංගයක් වෙවී.

ජංගම දුරකථන වලටත් Windows 10

විවිධ හැඩයන්ගෙන් සහ ප්‍රමාණයන්ගෙන් යුතු උපාංග Windows 10 හරහා ඒකාබද්ධ කිරීමේ Microsoft හි වෑයමේ තවත් වැදගත් පියවරක් ලෙස ජංගම දුරකථන වලටත් Windows 10 පැමිණෙනවා. Notifications ආදිය තත්කාලීනව පරිගණක සහ දුරකථන අතර Sync වන අතර අඟල් 8 ට වඩා අඩු උපාංග සදහා Windows 10 හි විශේෂ සංස්කරණයක් පැමිණෙනවා.

Universal apps

Microsoft සමාගම නිවේදනය කලා Windows සදහා universal apps පැමිණෙන බව. ඒ අනුව දැන් මෘදුකාංග සකසන්නන්ට එක කේතයකින් phones, tablets, PCs සහ Xbox One සදහා මෘදුකාංග සැකසිය හැක.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY