Saturday, June 20, 2015

QuickBooks සිංහලෙන් - Part I (Introduction)

QuickBooks කියන්නේ Accounting Software එකක්. මේ Software එක හදලා වැඩිදියුණු කරන්නේ Intuit කියන ආයතනය. ගොඩක් ආයතනවල මේ වෙනකොට ගිණුම් තියන්න භාවිතා කරන්නේ මේ QuickBooks Accounting Package එක. කුඩා ප්‍රමාණයේ සහ මධ්‍යම ප්‍රමාණයේ ආයතන තමයි වැඩි වශයෙන් මේ Software එක පාවිච්චි කරන්නේ. වර්තමානය වෙනකොට මේ Software එක on-premise සහ cloud based විධියට භාවිතා කරන්න පුළුවන් විදියට සංවර්ධනය කරලා තියෙනවා. ව්‍යාපාරික ගෙවීම්, ලැබීම්, වැටුප් ආදී සියලු අංශ ආවරණය වෙන විධියට මේ Software එක හදලා තියෙන්නේ.

1983 දි Scott Cock සහ Tom Proulx විසින් කැලිෆෝනියාවේ දී නිෂ්පාදනය කරපු මේ Software එක මුලදී හැදින්වුනේ Quicken කියන නමින්. මුලදි මේ Software එක ද්විත්ව සටහන් තියන්න පුළුවන් මට්ටමේ නොතිබුනත් 1994 වන විට ඒ මට්ටමට සංවර්ධනය කරගන්න පුළුවන් වුනා. අද වෙනකොට 85% කුඩා හා මධ්‍ය මට්ටමේ ආයතන තමන්ගේ ගිණුම් මෘදුකාංගය විධියට Quickbooks පාවිච්චි කරනවා. 

ආයතනයක ගිණුම් තියන මුල් අවස්ථාවේ ඉදලා අවසාන ගිණුම් ගන්න අවස්ථාව වෙනකන් හැම දෙයක්ම ටිකෙන් කියන්නයි බලාපොරොත්තුව. QuickBooks Pro 2013 කියන Software එක තමයි මේකට යොදාගන්නේ. ඒත් අද වෙනකොට QuickBooks 2015ත් වෙළෙදපොලේ තියෙනවා.

71uGHLoYSSL._SL1500_


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...