Monday, June 8, 2015

කැමැත්තෙන්ද, ඔබ බිලි වන්නෙ මුහුදට.



ගලා ගෙන ඇවිත් ගඟ
මුහුදට වැටෙන  
මෝය කට ලග හිඳ 
අසන පැනයක්
තියෙනවා, 
ගල් පර 

"කැමැත්තෙන්ද ඔබ
බිලි වන්නෙ මුහුදට. 
පසු කරන් ඇවිත් 
මිටියාවත"

කඳුලු පුරොගෙන ගඟ දිය 
හිස තියා ගෙන ඉවුරට 
පිරිමදින විට, සිත හිමිහිට

මුහුදු සුළග විත් නපුරුව 
අත දුගු කරයි දියඹට 

7 comments:

  1. පිච්චෙන බව දැන දැනත් පහන් දැල්ලට ලංවෙන පලගැටියා වගේ

    ReplyDelete
  2. අකමැත්තෙන් වුනත් කරන්න වෙනවා‍‍‍...

    ReplyDelete
  3. සියල්ල, අනුකම්පා සහගතව/විරහිතව තීරණය කරන විනිසුරුවා, සොබාදහමයි.

    ReplyDelete
  4. අකමැත්තෙන් ලබා ගන්න දේවල් වල රසය රහසේම විඳින්න තමයි වෙන්නේ..

    ReplyDelete
  5. අනේ මන්දා..මොකක්දෝ මෙව්වා එකක් දැනුනා බන් කියෙව්වාම...

    ReplyDelete
  6. Karam diyen
    sanahena
    Hitha mituru
    Gal paraya
    Mitiyawate
    Dagakauu
    Gangul diya
    mama
    Muthu sagauu
    Suraba lowa
    Kese magaharimida


    ReplyDelete
  7. Harima lassanai 😢 thava lassana kavi liyanna digatama...

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...