ඉංග්‍රීසි භාෂාව ගැන මේ දේවල් දන්නවද?

6/07/2015 11:46:00 AM Prageeth Liyanaarachchi 32 Comments




හැමෝටම ඇති නේද ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ගිහිල්ලා යාන්තමට හරි ඇඬුණ යුගයක්? මට නම් තිබුණා. ඒ කාලේ මට ඉංග්‍රීසි තරම් අප්‍රියජනක වචනයක් හෝ කාල පරිච්ඡේදයක් පාසල් කාල සටහනේ වෙන තිබුණේම නැහැ. හැබැයි ඒ හැඟීම ඒ විදියට දිගටම තිබුණානම් අද මම කොහෙද කියලා හොයන්නත් නැහැ. ඉංග්‍රීසි භාෂාව අද ඒ තරම්ම අපේ ජීවිතයට අත්‍යවශ්‍ය වැදගත් අංගයක්. 

ඒ දවස්වලම ඕක හොඳටම තේරුම් අරගෙන තිබුණා මගේ අම්මා. අම්මා මාව ගිහින් දැම්මා අම්මාගේ හොඳම යෙහෙළියක ළඟට. අම්මගේ මේ යෙහෙළිය තමන්ගේ පාඩුවේ ගෙදර වැඩක් කරගෙන හිටිය බර්ගර් ජාතික ගෘහණියක්. මගේ ඉංග්‍රීසි භාෂාව ඔපමට්ටම් කරලා හදන වැඩේ ඇය අම්මාගෙයි ඇයගෙයි මිත්‍රත්වය වෙනුවෙන් බාරගත්තා. ඇය මට ඉංග්‍රීසි දියකරලා පෙව්වේ නැති ටික විතරයි. හැම සතියකම දවස් දෙකක් ඒ බර්ගර් ගුරුවරියගේ ගෙදර මං වෙනුවෙන් අනිවාර්ය උපකාරක පන්ති. කිසියම්ම හෝ හේතුවක් නිසා යම් දවසක පන්තියට සහභාගි වෙන්න නොහැකිනම් නොපැමිණෙන වග දන්වලා ඉංග්‍රීසි භාෂාවෙන් ලිපියක් ලියලා වැඩිහිටියෙකුගේ අත ඒක ඇයට යවන්න ඕන. එහෙම යැව්වාම මගේ ගුරුතුමිය ඒක බලලා, රතු පෑනකින් හරි වැරදි ලකුණු කරලා, සතුටුදායක තරම් නිවැරදිව ලිපිය ලියලා තියෙනවනම් මම ඒ දවස්වල දකින්න ආසම කරපු Very good එකකුත් දාලා අර වැඩිහිටියාගේ අතේම ආපහු මට එවනවා. 

අපි හැමෝම දන්නවනේ ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර භාෂාව කියලා. සැකයක් නෑ ඉංග්‍රීසි භාෂාව ඉතාම වැදගත්. ලෝකයේ රටවල්වලින් 1/4 ක් පමණ, ඒ කියන්නේ රටවල් 50 කට වඩා වැඩි සංඛ්‍යාවක් ඉංග්‍රීසි භාෂාවට තමන්ගේ රටේ නිල භාෂාවක තත්ත්වය ලබාදී තිබෙනවා. ඒත් ඉංග්‍රීසි කියන්නේ ලෝකයේ වැඩියෙන්ම භාවිතා වෙන භාෂාව නෙවෙයි. චීන ජනතාව භාවිතා කරන මැන්ඩරීන් හෙවත් සම්ප්‍රදායික චීන භාෂාවත් ස්පඤ්ඤය සහ ලතින් ඇමරිකාවේ බහුලව භාවිතා වන ස්පාඤ්ඤ භාෂාවත් තමයි පිළිවෙලින් ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන භාෂා අතරින් එක සහ දෙක. ඉංග්‍රීසි භාෂාවට හිමිවෙන්නේ මේ ලැයිස්තුවේ තුන්වෙනි තැන. 

අවම වශයෙන් අකුරු 08 කට එක වරක් හෝ යෙදෙන නිසා ඉංග්‍රීසි භාෂාවේ වැඩියෙන්ම භාවිතා වෙන අකුර E අකුර කියලයි කියන්නේ. එතකොට වැඩිම වචන ගණනක් පටන්ගන්නේ S අකුරෙන්. අවම භාවිතයක් ඇති අක්ෂරය විදියට සැලකෙන්නේ Q අක්ෂරය. 

එකම අකුර දෙපාරක් යොදන්නේ නැතිව ලියන්න පුළුවන් දිගම වචනය uncopyrightable. දැනට තියෙන දීර්ඝම වචනය pneumonoultramicroscopicsilicovolcanoconiosis. ඔව්, ඕක තමයි දීර්ඝම වචනය, උච්චාරණය කරලා බලන්න. ඔය වචනය උච්චාරණය කෙසේ වෙතත් මම මුලින්ම කළේ වචනයට තියෙන අකුරු ගණන ගැණලා බැලීම. මේ වචනය පෙනහලු ආශ්‍රීතව අැතිවෙන Silicosis කියන රෝගය හඳුන්වන්න භාවිතා කරන වචනයක් කියලයි සඳහන් වෙන්නේ. මෙච්චර සරල පොඩි වචනයක් තියෙද්දි මොකටද කාටවත් කියවගන්න බැරි අර තරම් දීර්ඝ වචනයක්? 1935 දි ඔය වචනය හඳුන්වා දෙන්න කලින් ඉංග්‍රීසි භාෂාවේ දීර්ඝම වචනය වශයෙන් තිබිලා තියෙන්නේ electrophotomicrographically

ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා එහි අකුරු 26 ම යොදාගෙන ලියැවෙන වාක්‍ය. මේවගේ වාක්‍යවලට කියන්නේ pangram කියලා. ඔබ අතරින් බොහෝ දෙනෙක් pangram කියන වචනය අහලා නැති වෙන්න පුළුවන්, නමුත් හැමෝම වගේ pangram එකක් දැකලා තියෙනවා. මේ තියෙන්නේ ඒ හැමෝම දන්න pangram එක. 


Lipogram කියලා ඉංග්‍රීසි වචනයක් තියෙනවා. එ් වචනයේ අර්ථය කිසියම් නිශ්චිත අකුරක් හෝ අකුරු කිහිපයක් නොයෙදෙන විදියට ලියූ වාක්‍ය/ජේදය කියන එක. අපි දැන් දන්නවනේ ඉංග්‍රීසි භාෂාවේ වැඩියෙන්ම යෙදෙන අක්ෂරය E කියලා. පුලුවන්ද E අකුර යොදාගන්නේ නැතිව වාක්‍යයක් හදන්න? 

ක්‍රි.ව 1873 -1939 කාලයේ අර්නස්ට් වින්සන්ට් රයිට් කියලා ඇමරිකානු ජාතික ලේඛකයෙක් හිටියා. මෙයා රචනා කරලා තියෙනවා පොතක් Gadsby කියන නමින්. මේ පොතේ වචන 50,000 කට වඩා තියෙනවා, ඒ වගේම එය තරමක රසවත් කතාවක් අන්තර්ගත පිටු 282 කින් යුත් නවකතාවක්. නමුත් පොතේ කිසිම තැනක E අකුරක් සහිත එකම එක වචනයකවත් නැහැ. වින්සන්ට් රයිට් මේ පොත රචනා කරද්දි එයාට තිබුන ලොකුම ගැටලුව වුනා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ Regular verbs වශයෙන් හඳුන්වන ක්‍රියා පද.  එවැනි ක්‍රියා පදවල අතීත ස්වරූපය ලියද්දි අගට -ed යෙදනෙවා. ඒ නිසා වින්සන්ට් රයිට් තමන්ගේ මේ පොත ලියලා තියෙන්නේ ඒ විදියේ Regular verbs මුලුමනින්ම මගහැරලා. මේ පොත බුද්ධිමය දේපළ අයිතියෙන් නිදහස් පොතක් (Public domain mark). කැමති කෙනෙක් ඉන්නවානම් archive.org වෙතින් පොතේ මෘදු පිටපතක් නොමිලයේම භාගතකරගෙන කියවන්න පුලුවන්. 


Queueing කියන වචනය හැදෙන්නේ පෝලිම/පේළිය වගේ අර්ථයන් දෙන Queue කියන වචනයෙන්. හොඳට බලන්න Queueing කියන වචනය ඇතුළේ අඛණ්ඩව ස්වර අක්ෂර (Vowels) 05 ක් යෙදිලා තියෙනවා. ඒ තමයි ස්වර අක්ෂර වැඩිම ගණනක් අඛණ්ඩව යෙදෙන ඉංග්‍රීසි වචනය. එතකොට ස්වර අක්ෂර නැතිව ලියන්න පුළුවන් දීර්ඝම වචනය තමයි Rhythm. දන්නවනේ ඕනම භාෂාවක තියෙනවා එකම රිද්මයට ශබ්ද වෙන වචන. දැන් cat, bat සහ fat වගේ සරල වචන ඒ වගේ රිද්මය අතින් සමාන වචන. පුළුවන්ද ඒ විදියට orange කියන වචනයට රිද්මය අතින් සමාන ඉංග්‍රීසි වචනයක් කියන්න? 

බෙල්ලට පොඩි ව්‍යායාමයක් එන්නත් එක්කලා SWIMS කියන වචනය උඩු යටිකුරු වෙන විදියට බලන්න. මොකද්ද පේන්නේ? එහෙම උඩින් බැලුවම ඒ විදියට පෙනෙන වෙනත් වචන ඉංග්‍රීසි භාෂාවේ තියෙනවද 

ඇයි අපි අකුරු ටයිප් කරන්න භාවිතා කරන යතුරුපුවරුවේ ඉංග්‍රීසි අකුරු අපිළිවෙළට තියෙන්නේ ? අපි අද භාවිතා කරන යතුරුපුවරුවේ ආරම්භය පැරණි යතුරුලියන යන්ත්‍ර. ඒවායේ අකුරු පෙලගස්වලා තියෙන්නේ අකුරු ටයිප් වෙන්න ඒ තුළ සකස් කර තිබුණු යාන්ත්‍රික ක්‍රමය එකිනෙක අකුරු එක්ක පැටලෙන්නේ නැති වෙන විදියට. යතුරුලියනය වෙනුවට පරිගණකය ආදේශ වෙද්දි යතුරුලියනයේ මේ ක්‍රමය පරිගණක යතුරුපුවරුවෙත් භාවිතා වුණා. අද අපි භාවිතා කරන යතුරුපුවරුවට කියනවා නමක් QWERTY යතුරුපුවරුව කියලා. යතුරුපුවරුවේ තිබෙන ඉංග්‍රීසි අකුරු අතරින් මුල්ම පේළියේ මුලින්ම තියෙන්නේ ඔය අකුරු 06. ඒ වගේම TYPEWRITER කියන වචනය අත එහා මෙහා නොකර යතුරුපුවරුවේ මුල් පේළියෙන්ම ටයිප් කරන්නත් පුළුවන්. 

කාටහරි කියන්න පුළුවන්ද ship shipping ship ships shipping ships කියන වාක්‍යයේ තේරුම? බැලූ බැල්මට මේක නිකන්ම වචන ටිකක්, ඒත් ඇත්තටම ගත්තොත් මේක පැහැදිලි අර්ථයක් තිබෙන නිවැරදි වාක්‍යයක්. හරියට 'නෝනා, නාන්න නම් නාන්න නෝනා. නොනා නොනා නේන්න නෝනා' වගේ. මේ වාක්‍ය මෙන්න මේ විදියට අරගෙන බලන්න, A ship shipping ship ships shipping-ships. දැන් පැහැදිලිද? ඒත් නැත්නම් මෙහෙම සටහන් කරොත් - A boat shipping boat transports shipping-boats. වාක්‍යයේ අර්ථය මෙහෙමයි - නැව් ප්‍රවාහනය කරන නෞකාවක් නාවික යාත්‍රා ප්‍රවාහනය කරමින් යාත්‍රා කරනවා. 


ඒ විදියටම මේ වාක්‍යයේ තේරුම කියන්න උත්සාහ කරන්න - Will, will Will will Will Will's will? තේරුම මෙහෙමයි. විලියම් කියන නම තියෙන පුද්ගලයන්ට කවුරුත් පහසුවට කතා කරන්නේ විල් කියලා. Will (විලියම් - පළමු පුද්ගලයා), will (අනාගත කාලය හඟවන ක්‍රියා පදය) Will (විලියම් - දෙවැනි පුද්ගලයා) will (පවරයිද) Will (විලියම්ට - තුන්වන පුද්ගලයා) Will's (විලියම්ගේ - දෙවැනි පුද්ගලයාගේ) will (අන්තිම කැමැත්ත)? විලියම්, ඔයා මොකද හිතන්නේ, අපේ විලියම් එයාගේ අන්තිම කැමැත්ත අර එහා ගමේ විලියම්ට පවරයිද? ඔන්න ඔය වගේ දෙයක් තමයි ඒකේ තේරුම.

ඒ වාක්‍ය ටික නම් තේරුම් ගන්න අපහසු වාක්‍ය. ඒ වුණාට, ඒ වගේද ඉංග්‍රීසි භාෂාවේ කෙටිම වාක්‍ය? අකුරු තුනයි තියෙන්නේ. Are you aware of the shortest sentence of the English language? කියලා කවුරුහරි ඇහුවොත් I am කියලා උත්තර දුන්නම හරියටම හරි.

රෝම නීතිය වැඩිදුර අධ්‍යනය කරනකොට රෝම නීතියේ ප්‍රධාන කොටස් 03 ක් තියෙනවා කියලා අපි ඉගෙන ගන්නවා. ඒ Ius naturale (Natural law), Ius gentium (Law of foreign people and nations), Ius civile (Law of roman citizens). ඔය පද තුනේම නීතිය කියන අර්ථය දෙන Ius කියන වචනයේ උච්චාරණ ශබ්දය 'jus' හෙවත් 'ජුස්' කියන ශබ්දය. ඇයි ඉතින් I අකුරෙන් ලියලා J අකුරෙන් ශබ්ද කරන්නේ? ඔය වගේම ජේසුස් කිස්තූන් වහන්සේට Jesus සහ Yesus කියලා නම් දෙකක් තියෙනවානේද? Hallelujah කියන වචනය ඇයි Ha-le-loo-Yah කියලා 'යා' ශබ්දයක් සහිතව උච්චාරණය වෙන්නේ? ඔය හැම තැනකම J ශබ්දය වෙනුවට යෙදිලා තියෙන්නේ Y හෝ I අකුරු දෙක. මේකට හේතුව තමයි දැනට වසර 500 කට පමණ ඉහතදී ඉංග්‍රීසි භාෂාවේ අකුරු අතර J යනුවෙන් අකුරක් නොතිබීම. ඒ නිසා J ශබ්දය බොහෝවිට පෙන්වලා තියෙන්නේ Iu, Ie, Ya විදියට. 

එතකොට ඔය ගොඩක් දෙනෙක් දන්නේ නැහැනේ ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා Fuck කියලා වචනයක්. මේක අසභ්‍ය වචනයක්. හරි, දැන් තමයි දැන ගත්තේ නේද? මේ වචනයේ නිරුක්තිය (Etymology) ගැන එක එක කතන්දර තියෙනවා. ඒ එක කතාවක් තමයි මේ වචනය අයර්ලන්ත නීති පද්ධතියේ තියෙන එක්තරා නිර්වචනයකින් හැදුණ එකක් කියන එක. යම්කිසි යුවලක් අනාචාරයේ හැසිරීමේ චෝදනාවට වරදකරුවන් වුණොත් අයිරිෂ් නීතිය යටතේ ඔවුන්ට දෙන දඬුවම නිර්වචනය කරන්නේ For unlawful Carnal knowledge වශයෙන්. එ් පද 04 මුල් අකුරුවලින් Fuck කියන වචනය බිහිවුණා කියන එක එක් අදසක්. 

තවත් අදහසක් තමයි මේ වචනයේ නිරුක්තිය මධ්‍යතන යුගයේ තිබුණ එක්තරා භාවිතයකින් සිදුවුණ එකක්යැයි කීම. මධ්‍යතන යුගයේ යුරෝපය පුරා මහාමාරිය වසංගතය පැතිර තිබුණ කාලයේ (Plague/Black death) බොහෝ යුරෝපා නගර රෝගය පැතිරීම පාලනය කිරීමේ අරමුන‍ෙන් නව දරු උපත් සිදුකිරිම සම්බන්ධයෙන් නීති පනවලා තිබුණා. එකේ අරමුණ රෝගය පාලනය කරන්න ඒ යුගයේ තිබුණ සීමිත සම්පත් වඩාත් ප්‍රයෝජනවත් ලෙස භාවිතයට ගැනීම. මේ නීතියට අනුව යුවලක් ලිංගික සම්බන්ධතාවයක් පවත්වනවානම් මුලින්ම ගිහින් රජුගෙන් ඒ කාර්යයට අවසර ගැනීම අනිවාර්ය වෙලා තිබෙනවා. කෙළින්ම ගිහින් රජතුමාව මුණගැහිලා අවසර ඉල්ලුවා නෙවෙයි, ඒ ඒ නගරවල හිටිය නගර ප්‍රධානීන් තමයි රජු නියෝජනය කරමින් අවසරය දීලා තියෙන්නේ. ඉතින් මේ විදියට අවසර අරගන්න අයට කොන්දේසියකුත් අදාළ වෙනවා. ඒ කොන්දේසියට අනුව, ලිංගික කාර්යයේ යෙදෙනකොට පාරේ ඉඳලා නිවසට තිබෙන පිවිසුමේ යම් තැනක  පැහැදිලිව පේන්න සඳහනක් තැබිය යුතුයි තමන් අවසර අරගෙනයි මේ කාර්යයේ යෙදී ඉන්නේ කියලා. නැත්නම් බලධාරීන් ඇවිත් අනාචාරයේ හැසිරෙනවා කියලා අත්අඩංගුවට ගන්නවා. ඉතින් ඔය විදියට දාපු සඳහන තමයි Fornication under the consent of King. මේ වාක්‍යයේ වචනවල මුල් අකුරු කිහිපය එකතුවෙලා Fuck කියන වචනය බිහිවුණා කියන එකයි දෙවැනි අදහස. 

නමුත් සමහරුන්ට අනුව ඔය වචනයේ නිරුක්තිය සම්බන්ධයෙන් තිබෙන ඉහත සඳහන් අදහස් දෙකම 1960 දශකයෙන් පස්සේ හුදෙක් විනෝදය සඳහා නිර්මාණය කරගත් අදහස් (Urban legends). ඒ මතයට අනුව මේ අදහස් දෙකටම සැබෑ ඓතිහාසික පදනමක් නැහැ. 

දැන් ඔය සිංහල භාෂාවේ තියෙනවානේ මෙන්න මේ වගේ වාක්‍ය - චූටි ටීචගේ චූටි ටෝච් එක. අර නව පුරපුරේ ගායකයෙක්ගේ සින්දුවකත් තියෙන්නේ අල ලොරියයි ලුණු ලොරියයි එකට පෙරළිලා කියලා. මේවාට ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන්නේ tongue twisters කියන නම. කියවන්න බලන්න මෙන්න මේක දිව උලුක් කරගන්නේ නැතිව. 


Peter Piper picked a peck of pickled peppers.
How many peck of pickled peppers did Peter Piper pick?
If Peter Piper picked a peck of pickled peppers,
Where's the peck of pickled peppers Peter Piper picked?

හරිද? කාටවත් මොකුත් කරදරයක් නෑ නේද? හරි එහෙනම් දැන් මේක. 

sixth sick sheik’s sixth sheep’s sick.

කලින් එක තරම් දිග නැතිවුණාට ඕක තමයි ඉංග්‍රීසි භාෂාවේ තියෙන අමාරුම tongue twister එක. 

ඉංග්‍රීසි භාෂාව ගැන කතා කරනකොට අමතක කරන්නම බැරි වචන ටිකක් ලංකාවේ භාවිතයේ තියෙනවා. මජ්ජාඩ් එක දන්නවද? ඔය යතුරුපැදිවල එහෙම තියෙන්නේ පාරේ යනකොට ධාවකයාගේ ඇඟට රෝදයෙන් මඩ විසිවෙන එක වළක්වන්න (Mud guard). තව ඔය මෝටර් වාහනවලම තියෙනවා ටේලයිට් එක (Tail light). වාහන පාවිච්චි කරන අය දන්නවා අැති සොකැබ්සෝබර් (Shock Absorbers). එතකොට අලුතෙන් හදන ගෙයක ඉස්සෙල්ලම කරන්නේ බවුන්ඩේෂන් එක දාන එක නේද (Foundation)

අපි පොඩි කාලේ ඉඳන්ම අද වෙනතුරුත් පුංචි දරුවන්ට අනිවාර්යයෙන් කියලා දෙන ඉංග්‍රීසි කවියක් තියෙනවා. 
Twinkle, twinkle, little star             How I wonder what you are!
Up above the world so high              Like a diamond in the sky.

මේක ජේන් ටයිලර් කියන ඉංග්‍රීසි ජාතික කිවිඳිය විසින් රචනා කරලා 1806 වර්ෂයේ එළිදක්වපු කවියක්. වසර 200 කටත් වඩා පැරණි නිර්මාණයක්. බෙහෝමයක් දරුවන් දන්නේ ඔය උඩින් තියෙන පද 04 විතරයි, ඒත් ජේන් ටයිලර් මේක නිර්මාණය කළේ පේළි හතරේ කවි 05 ක් තියෙන කවි පංතියක් විදියට. මේ තියෙන්නේ ඒ කවි පංතියේ ඉතිරි කවි 04.

When the blazing sun is gone      When he nothing shines upon,
Then you show your little light      Twinkle, twinkle, all the night.

 Then the traveler in the dark     Thanks you for your tiny sparks;
     He could not see which way to go     If you did not twinkle so.

In the dark blue sky you keep       And often through my curtains peep
     For you never shut your eye      Till the sun is in the sky.

As your bright and tiny spark      Lights the traveler in the dark,
     Though I know not what you are        Twinkle, twinkle, little star.

මගේ ඉංග්‍රීසි ගුරුතුමියගෙන් ඉගෙනගන්න කලින් මම ඔය කවිය කිව්වේ මෙහෙමයි. 
  
  ට්විංකල් ට්විංකල් ලිට්ලිස්ටා          හව් අයි වොන්ඩ වට්ටූආ
          අප්අ බවුද වල්සෝ හයි           ලයික ඩයමන් ඉන්දස්කයි

මහාචාර්ය ඒ.වී. සුරවිර මහත්මයාගේ 'අකුරට යන වෙලාවේ' කියන කෙටිකතාවේ ඉන්න මැණිකා ඕක ගායනා කරන්නේ මෙහෙමයි.

                              ටිංකල් ටිංකල් ලිට්ල් ලිට්ල්               ස්ටා
                              අවුවයි වන්ඩ වට්යූ වට්යූ                      
                              අප්පේ බව්දා බව්දා වෝල්සෝ             හා
                              ලයිකේ ලයිමා ලයිමා ඉන්දස්              කා

හැම වසරකම ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට දළ වශයෙන් අලුත් වචන 4,000 ක් විතර එකතු වෙන බව සඳහන්. මේ එකතුවෙන වචනවලින් බහුතරයක් වෛද්‍ය විද්‍යාවෙන් ඉංග්‍රීසි භාෂාවට එකතු වෙන වචන. 

ඉංග්‍රීසි භාෂාවේ මිලියන ගණනක් වචන අතරෙන් මම කැමතිම වචනයක් තියෙනවා. හොරේෂියෝ වෝල්පෝල් (Horatio Wolpole) කියන ඉංග්‍රීසි ඉතිහාසඥයා තමයි මේ වචනය 1754 වර්ෂයේදී පළමු වතාවට භාවිතා කළා කියලා සැලකෙන්නේ. මේ තියෙන්නේ ඒ වචනය, ඒකට ගැලපෙනවා කියලා හිතුන ඡායාරූපයකුත් එක්ක



32 comments:

  1. නියම ලිපියක්

    ReplyDelete
  2. හොද ලිපියක්

    ReplyDelete
  3. Replies
    1. බොහොම ස්තූතිය අගයකරාට

      Delete
  4. ඉතා වටිනා ලිපියක්.......

    ඔබට බොහොම ස්තුතියි !

    --------- මෙය ද කියවන්න -----------

    ONLY THE ENGLISH COULD HAVE INVENTED THIS LANGUAGE

    We'll begin with a box, and the plural is boxes,
    But the plural of ox becomes oxen, not oxes.
    One fowl is a goose, but two are called geese,
    Yet the plural of moose should never be meese.
    You may find a lone mouse or a nest full of mice,
    Yet the plural of house is houses, not hice.

    If the plural of man is always called men,
    Then shouldn't the plural of pan be called pen?
    If I speak of my foot and show you my feet,
    And I give you a boot, would a pair be called beet?
    If one is a tooth and a whole set are teeth,
    Why shouldn't the plural of booth be called beeth?

    Then one may be that, and three would be those,
    Yet hat in the plural would never be hose,
    And the plural of cat is cats, not cose.
    We speak of a brother and also of brethren,
    But though we say mother, we never say methren.
    Then the masculine pronouns are he, his and him,
    But imagine the feminine: she, shis and shim!

    Let's face it - English is a crazy language.
    There is no egg in eggplant nor ham in hamburger;
    neither apple nor pine in pineapple.
    English muffins weren't invented in England.
    We take English for granted, but if we explore its paradoxes,
    we find that quicksand can work slowly, boxing rings are square,
    and a guinea pig is neither from Guinea nor is it a pig.

    And why is it that writers write but fingers don't fing,
    grocers don't groce and hammers don't ham?
    Doesn't it seem crazy that you can make amends but not one amend.
    If you have a bunch of odds and ends
    and get rid of all but one of them, what do you call it?

    If teachers taught, why didn't preachers praught?
    If a vegetarian eats vegetables, what does a humanitarian eat?
    Sometimes I think all the folks who grew up speaking English
    should be committed to an asylum for the verbally insane..

    In what other language do people recite at a play and play at a recital?
    We ship by truck but send cargo by ship.
    We have noses that run and feet that smell.
    We park in a driveway and drive in a parkway.
    And how can a slim chance and a fat chance be the same,
    while a wise man and a wise guy are opposites?

    You have to marvel at the unique lunacy of a language
    in which your house can burn up as it burns down,
    in which you fill in a form by filling it out, and in which an alarm goes
    off by going on.

    And, in closing, if Father is Pop, how come Mother's not Mop?

    AND IF PEOPLE FROM POLAND ARE CALLED POLES THEN PEOPLE FROM HOLLAND
    SHOULD BE HOLES AND THE GERMANS, GERMS.

    And lets not forget the Americans, who changed s to z, but that's another
    story............

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම ස්තූතියි. ඔය දාලා තියෙන්නේ තව අපූරු අදහස් ටිකක්. English is a beautiful language, but surely not a one logical. එහෙම නේද?

      Delete
    2. ලස්සන කමෙන්ට් එකක්. හැබැයි ඒක මුල ඉදන්ම අග දක්වාම ඉංග්‍රිසි භාෂාවේ ව්‍යතිරේකයන් (exceptions) හා නෛසර්ගික ලක්ෂණ මතම සකස් කරපු එකක් බව කීමට සිදු වෙනවා. මෙවැනි දේවල් හැම බසකම තිබෙනවා. උදාහරණයක් ලෙස "සදලංකාවට පුර සඳ පායන සද ලොප් සඳ උගන්වන සදරුවන් මැති සද" යන වාඛ්‍ය බලන්න. මෙහි සද/සඳවල් කොච්චර තිබේද? එහෙත් ඒවායේ තේරුම් හෝ සන්දර්භය වෙනස්ය.

      ඉංග්‍රිසියේ නාමපද බහුවචන කිරීමට ඉතාම විද්‍යාත්මක/තාර්කික ක්‍රමයක් ඇත (අගය s දැමීම). සාපේක්ෂව ඊට වෙනස්ව යන්නේ නාම පද ටිකක් පමණි.එලෙසම ක්‍රියාපද දස දහස් ගණනක් අතුරින් අක්‍රමික ලෙස අතීත හා පාස්ට් පාටිසිපල් සාදන්නේ ක්‍රියා පද 160ක් පමණි. අනෙක් සියලු ක්‍රියා තාර්කික පදනමක් මත වෙනස් වේ. අවම වශයෙන් සිංහල බසට වඩා හැම අතින්ම ඉංග්‍රිසි බස සරලයි තාර්කිකයි. ඒකෙන් කියන්නේ නැහැ ඉංග්‍රිසිය අනෙක් භාෂාවන්ට වඩා උසස් කියා (මා නිතරම කියන්නේ හැම බසක්ම ඊටම අනන්‍ය වූ ලක්ෂණවලින් හෙබි වටිනා බස් බවයි). එහෙත් ඉහත කවි ආකාරයට ලියා ඇති විස්තරය ඇත්තටම ඉංග්‍රිසි බසේ විසිතුරු බව පෙන්වීමට හා ඒ තුලින් ව්‍යතිරේකයන් ගණනාවක් කියවන්නා තුල පාඩම් කරවීමට තැනූවක් මිස ඉංග්‍රිසි බස අවුල් සහගත විකාර බවක් පෙන්වන්නක් නොවන බවද මතක තබා ගත යුතුයි. :)

      Delete
  5. හොදට ලියලා තියෙනවා. මං මේ එලකිරි එකේ දැකලා එතන කියවලයි ආයි මෙතන්ට ආවේ. පොටෝ එහෙම දාලා නියමයිනේ මෙතන. අන්තිමට දාලා තියෙන පොටෝ එක හොදයි මචං ඒ වචනේට හොදට ගැලපෙනවා වගේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. අද දවසේ බ්ලොග් එකට elakiri.com එකෙන් ගොඩක් හිට්ස් ඇවිත් තියෙනවා. මේ පොටෝ එක ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා - ජෝන් කෙරි ලංකාවට ආපු අවස්ථාවේ තිබුන උත්සවයක් අතරතුර ගත්ත එකක්.

      Delete
  6. කාර්මිකයන් අතරතව වචන තියෙනවා
    එල් අයිරන්
    එච් අයිරන්
    කේසාඩින්
    වීල් බ්‍රෂ්

    ReplyDelete
    Replies
    1. මේවා දැනන් හිටියේනෑ. මොනවද මේ වචනවල නියම ඉංග්‍රීසි වචන?

      Delete
    2. මෙහෙමයි ප්‍රගීත්,
      මම හිතන විදිහට උඩ ඇනෝවා කියන්නෙ මෙව්ව වෙන්න ඇති;

      L-iron
      H-Iron
      K-soldering
      Wheel Brace

      මේවා යාන්ත්‍රික / රථවාහන (ඕටොමොබිල්) ඉංජිනේරු ක්ෂේත්‍රවලදී යොදාගන්න ඇතැම් කොටස්/ උවාරණ හැඳින්වීමට යොදාගන්නා වචන කිහිපයක්. බොහෝ ගැමි පසුබිමක් සහිත තාක්ෂණික ශිල්පීන් මෙබඳු වචන බහුලව යොදාගන්නවා. මා බොහෝ අවස්ථාවල ඔවුන්ට නිවැරදි වදන් තේරුම් කරදී ඇත්තෙමි.

      Delete
    3. @AnonymousJune 23, 2015 at 5:50 PM
      ඔව් ඔබ කියන වචන වෙන්න ඇති ඔය මුල් ඇනෝ කියන විදියට උච්ඡාරණය වෙන්නේ. ගොඩක් අය ඉන්නවා එක එක ඉංග්‍රීසි වචන වැරදි විදියට භාවිතා කරන. ඒවා ඉතින් ඒ මිනිස්සුන්ගේ නෙවෙයි අපෙ අධ්‍යාපන ක්‍රමයේ වැරදිනේ නේද? ඔබ කරන දේ තමයි හොදම දේ - හැකි හැම අවස්ථාවකම ඔවුන්ට නිවැරදි වචන කියලා දීලා තේරුම් කර දෙන්න ඕන. ස්තූතියි ඔබේ අදහසට.

      Delete
  7. Well, this is very good post and I too from elakiri. I still learn English. As you said on this particular blog that you learnt English from that burger Aunt then you must have remembered how she was teaching to you so why don't you like to start threads in elakiri or in this blog by saying all those lessons. Then that will help lots of srilankans and they all will grateful to you if you do so !!

    ReplyDelete
    Replies
    1. Well,Thilanka, thank you very much for reading this and then commenting. She was indeed a good teacher with exceptionally rare qualities. It wasn't by any mean an ordinary English class. Every week there were some new practices for me; reading newspapers, learning English songs, delivering speeches, doing debates with my Teacher's son and many more. I do remember almost everything she did teach me, I also understand it will be a benefit for many if I initiate a tread or few blog posts, but I don't think I am worth or capable of doing that.Not with the huge workload I bear right at the moment. May be, I will consider it in near future. So, thank you again, Thilanka.

      Delete
  8. a very good post.i was very much inspired from it.i hope all could read this and gain knowledge,then the sri lankans will have a bright future.plus the last picture suits for the word

    ReplyDelete
    Replies
    1. Thank you for your comment, dear friend. I am glad that you liked this.

      Delete
  9. Thank you....very much...One of the most valuable post which i read...

    ReplyDelete
  10. Thank you ...one of the valuable post which i read

    ReplyDelete
  11. A great post. I'll give this 4 another to read

    ReplyDelete
  12. Very useful post.very valuable for everyone. Great effort. I was addicted to read it.!

    ReplyDelete
  13. Very useful post.very valuable for everyone. Great effort. I was addicted to read it!!

    ReplyDelete
  14. ලංකාවේ පෙර පාසැල් වල twinkle twinkle little star සින්දුව කියන්නේ " සුරතල් නංගියේ අපෙ අම්මා" සින්දුවේ තාලෙට

    ReplyDelete
  15. නියම සටහනක්.. ස්තූති ඔඹට

    ReplyDelete
  16. WOW GOOOD WEBSITE..THANKS FOR KNOWLEDGE..

    ReplyDelete
  17. බොහොම හොද ලිපියක්

    ReplyDelete