Thursday, June 4, 2015

නියම සුද්දා සහ නිවට කළු සුද්දා!!!

බ්‍රිතාන්‍යය ක්‍රිස්තියානි රටක් බව ද එය කීමට අප බිය විය යුතු නැති බව ද බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් තම රටේ ජනතාවට කියයි. මේ අතර අපේ රට සිංහල රට යැයි ජනතාව කියන විට අපේ පාලකයෝ වියරු වැටී ලංකාව සිංහලයින්ගේ රට නොවන බවත් එසේ කියන්නේ ජාතිවාදීන් බවත් පවසා ජනතාවට ගරහති. නින්දා කරති.

බයිබලය සිය රටේ සංස්කෘතිය, හර පද්ධතිය නිර්මාණය වීමට පදනම සැපයූ බව වසර 1300 ක්‍රිස්තියානි ඉතිහාසයක් හිමි ලිබරල් රටක් වන බ්‍රිතාන්‍ය අගමැති එරට ජනතාවට කියන කියයි. රටේ මහා සංස්කෘතියට පදනම සැපයූ වසර 2500කටත් එපිටට පැතිර යන බෞද්ධ පදනමක් සහිත ඉතිහාසයක් මෙරටට තිබුණ ද ලංකාව බහු-සංස්කෘතික, බහු-ආගමික, බහු-ජාතික රටක් බව අපේ පාලකයෝ අපට කියති. 

ජාතික ගීය දෙමළෙන් ද ගැයිය යුතු බව කියති. ජාතික කොඩියේ සිංහයා පන්නා දැමිය යුතු බව කියති. ඒ සඳහා ජනතා ඇසට වැලි ගසමින් නේක උපා යොදති. බලය බෙදා රට ෆෙඩරල් කොට බෙදිය යුතු බව කියති. උතුරේ ජනතාව තුළ බෙදුම්වාදී අදහස් ව්‍යාප්ත කිරීමට ඉඩ දෙමින් ඊළමට පාර කපති. ඒ කිසිවක් නැතිව බ්‍රිතාන්‍යයෝ කතිර කොඩිය සෙවණේ ඉංග්‍රීසි බසින් ජාතික ගීය ගයමින් අභිමාණයෙන් වෙසෙති. ඔවුහු පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ස්කොට්ලන්තය බ්‍රිතාන්‍යයෙන් වෙන්ව ස්වාධීන රාජ්‍යයක් වීමට එරෙහි ස්කොට්ලන්ත ජනතාව බල ගන්වා ස්වාධීන වීමේ තීන්දුව ජනමත විචාරණයෙන් පරාජය කරති. ඔවුහු සිය රටට ආදරය කරන නියම සුද්දෝ වෙති. කළු සුද්දන් මෙන් සිය උපන් බිමට ද්‍රෝහීකම් නොකරති.

සිය රටේ ඉතිහාසය සමඟ නිවැරදිව සිට ගෙන බ්‍රිතාන්‍යය ක්‍රිස්තියානි රටක් බව නොබියව කී ඩේව්ඩ් කැමරන් එරට ජනතාව විසින් 2015 දෙවන වාරය සඳහා ද අගමැති ධූරයට පත් කර තිබේ. එසේ නම් මේ රටේ ඉතිහාසයට ගරහන නින්දා කරන නිවට පාලකයින්ට ජනතාව ඉදිරි මැතිවරණයේ දී ලබා දිය යුතු වැදගත් පණිවිඩයක් ඇත්තේ නො වෙද? මෙවැනි අමන සංස්කෘතික විහීන මෝල්ලුන් යටතේ පාලනය වීම අපට සැබවින් ම ලැජ්ජාවක් නොවන්නේ ද? මෙවැනි නිවට කළු සුද්දන් අපේ මාතෘ භූමිය සිතු සේ අපහරණය කරන්නේ රට වෙනුවෙන් අපි අපේ යුතුකම පැහැර හැරීමක් නොවන්නේ ද?



No comments:

 
සිය රට දේ සිරි සැප දේ !