සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

සයිබර් අවකාශය හරහා මුදා හැරුණු සමාජ සද් කාර්යයන් දෙකක ට මම ද සෘජු ලෙස සංවිධාන කටයුතුවලින් මැදිහත් වුණෙමි. 

ඉන් පළමු වැන්න වූයේ අමුමිරිස් අභියෝගයයි.
#‎SLAmumirisChallenge‬ දෙවැන්න උඩුදුම්බර කහට ලියද්ද චූලාභය විදුහලේ ජල ව්‍යාපෘතියයි. එය මේ වන විට අති සාර්ථකව අදියර දෙකක් නිමා කොට අවසන් අදියර ක්‍රියාත්මක වෙමින් පවතී. 


එහෙත් බොහෝ දෙනා කුකුසෙන් යුතුව විමසා සිටි අමුමිරිස් අභියෝගය ද නිමා කරන්නට අප දැන් සූදානම් ය. 

අමුමිරිස් අභියෝගය හරහා ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන මගින් පොළොන්නරු රෝහලේ වකුගඩු ඒකකයට අවැසි යන්ත්‍රසූත්‍ර රැ‍ගෙන දීම අපේ අභිප්‍රාය විය. අප දස දෙනකුගෙන් සමන්විත සංවිධායක මඩුල්ලක් හරහා මේ කාර්යය දියත් කෙරිණි. එහි සමාරම්භය අප සනිටුහන් කළේ සුන්දර විල්පත්තු වන මැද ගලා යන කලා ඔය දිය කඳ මැද සිටයි. (රූ සහෘද සංසදයේ වනගත චාරිකාව අතර මැද)
එහි දී අමුමිරිස් අභියෝගය සංකල්පයේ නියමු රසික නානායක්කාර විසින් දිය මැද සිට මිරිස් කරල් තුනක් කමින් අප හිත මිතුරන් පස් දෙනකුට අභියෝග කරන ලදී. එහිදීම පළමු අභියෝගය භාරගත්තේ අප හිතවත් නිමන්ත රාජපක්ෂ සොයුරායි.
එතැන් පටන් අභියෝගය පැතිරෙන්නට විය. අර මුදල ක්‍රමයෙන් තර වන්නට විය.  අමු මිරිස් අභියෝගය වු කලී අමරිකානු සංකල්පයක් (අයිස් බකට් චැලේන්ජ්) දේශියත්වයට ගැලපෙන අයුරින් අප විසින් නිර්මාණය කරගන්නා ලද්දකි.

ඒ නිසාම දෝ ආරම්භයේ සිටම අපට විවිධ දොස් මුරද නොලැබුණා නොවේ. විදේශ රටවල දේවල් අපට නොගැලපේ වැනි මත පැතිරෙන්නට විය. එහෙත් සියලු බාධක මැද අමුමිරිස් අභියෝගය ගලා ගියේ ය. වකුගඩු රෝගින් වෙනුවෙන් හිත උණු වී ගිය අපේ හිතවතුන්ගෙන් ආධාර ගලා එන්නට විය. 
ඒ අතර රටේ හටගත් දේශපාලන වාතාවරණයන් මත අප කණ්ඩායමට ද විවිධ කාර්යයන් හි නියැලෙන්න සිදු වූ බැවින් අමුමිරිස් අභියෝගයේ ගලා ගිය රිද්මය මදක් මන්දගාමී විය.
එයට තවත් හේතු කීපයක්ද තිබිණි. ඉන් ප්‍රධානම දෙය වූයේ මිරිස් කෑම විඩියෝ ගත කරගන්නට අප හිතවතුනට පහසුකම් නොතිබීමයි. තනිකරම වීඩියෝ ක්ලිප් මත රදාපැවැති මෙහි ජීව ගුණය සුරැකුණේ එම දසුන් මගිනි. එකී තාක්ෂණ පහසුකම් නොමැතිකම ද මෙහි ප්‍රචාරණ කටයුත්තට අපට ගැටලුවක්ම විය.
ඒ කෙසේ වුව අපි රුපියල් ලක්ෂ හතකට වැඩි මුදලක් මේ සද්කාර්ය වෙනුවෙන් ආරම්භ කළ ගිණුමට එකතු කොට ගතිමු. මෙහි සියලු විස්තර මේ  ගෘපයේ දක්වා ඇත.  
අපේක්ෂිත කාලය ඉක්ම ගිය ද ඔබගේ නොමසුරු පරිත්‍යාගයන්ගෙන් එකතු වූ මුදලින් පොළොන්නරු රෝහලේ වකුගඩු ඒකකය වෙත පිරිනැමෙන වෛද්‍ය උපකරණ සියල්ල මේ වන විට එකී ඒකකය වෙත යවා අවසන් ය. යවන ලද උපකරණ ලයිස්තුවද ඉහත ගෘපයේ සටහන් කොට තිබේ. එහෙත් ඒවා නිල වශයෙන් රෝහලට භාර දෙන්නේ මේ මස 12වැනි දිනයි. 
මෙතෙක් ඔබ සහාය දැක්වූවා සේම ඔබේ දහදියෙන් හම්බකළ ඒ පරිත්‍යාගයන්ට නිසි වටිනකමක් ලැබුණාදැයි දැක බලා ගන්නට එන්න මේ දොළාස්වැනි දින ( ජූනි 12) දවල් 10.30ට පොළොන්නරු රෝහලට. දුක් විඳින ඒ රෝගින් වෙනුවෙන් අප ඇරඹූ කාර්ය නිමා කරන මොහොත දැක ගන්නට එන්න අප හා එක්වන්න. අදාළ සියලු විස්තර ගෘපයේ සහ මේ පේජයේ දක්වා ඇත.

සහෘදයින් එන්න එදිනට ඒ තුටු කඳුළු මුදා හරින්නට පොළොන්නරු රෝහලට....


9 comments:

  1. වීඩියෝ කරන්නට බැරි නිසා යැයි කීම විහිළුවකි. ෆෝන් එකෙන් වත්පොත සහ බ්ලොග් බලන අය වීඩියෝ නෑ කියන්නේ ඇයි?

    ප්‍රොජෙක්ට් එක බ්‍රේක් වුනේ බුද්ධික පතිරණ සහ පාලිත තෙවරප්පෙරුම ගෑවුණු පසු බව මගේ අදහසයි.

    ReplyDelete
  2. හිතවත් රසිකලොජිස්ට්,
    //වීඩියෝ කරන්නට බැරි නිසා යැයි කීම විහිළුවකි. ෆෝන් එකෙන් වත්පොත සහ බ්ලොග් බලන අය වීඩියෝ නෑ කියන්නේ ඇයි?//
    මෙහෙම දෙයක් උනා අයියා... අභියෝගය ලැබූ බොහෝ දෙනෙක් මිරිස් කෑවේ නැහැ. විශේෂයෙන් පිරමීඩයේ තුන්වෙනි තට්ටුවේදී ඔය ගැටළුවට අපිට දැඩිව මුහුණ දෙන්න සිදු වුනා. තමන්ගේ හිත මිතුරන්ට අභියෝග කළ බොහෝ දෙනෙක් පෞද්ගලිකවම මගෙන් ඉල්ලා සිටියේ ඔවුන් අභියෝග කළ අයට ආයෙත් ඒ ගැන මතක් කරන ලෙස. සංවිධායකඅරයෙක් විදියට මම ඒ වැඩේ කළා... නමුත් සාර්ථක උනේ නැහැ...

    //ප්‍රොජෙක්ට් එක බ්‍රේක් වුනේ බුද්ධික පතිරණ සහ පාලිත තෙවරප්පෙරුම ගෑවුණු පසු බව මගේ අදහසයි.//
    මේ අදහසට පෞද්ගලිකව මම එකඟ වන්නේ නැහැ... අමුමිරිස් අභියෝගය ජාතික පත්තරවල මුල්පිටුවේ ප්‍රවෘත්තියක් උනේ, රූපවාහිනී ප්‍රවෘත්තියක් උනේ බුද්ධික පතිරණ මේ හා එක්වීම සමඟයි. හැබැයි බුද්ධික විසින් අපිට ලබදුන්න ප්‍රසිද්ධිය අපිට වාසිදායක විදියට කළමණාකරණය කරගන්න අපිට හැකි උනේ නැහැ. සංවිධායක මණ්ඩලය විදියට අපේ තිබ්බ ලොකුම දුර්වලතාවයක් ඒක. බුද්ධික පතිරණ අභියෝග කළ 5දෙනාගෙනුත් අභියෝගෙට එකතු උනේ පාලිත තෙවරප්පෙරුම විතරයි. රංගන ක්ෂේත්‍රයේ, මාධ්‍ය ක්ෂේත්‍රයේ සහ දේශපාලන ක්ෂේත්‍රයේ අනිත් 4දෙනාම අභියෝගය මග හැර හිටියා... ඒක ඔවුන්ගේ කැමැත්ත. අපිට කාටවත් බලකරන්න බැහැ... :-)

    ReplyDelete
    Replies
    1. රනා.. ඉතාම හොද පිළිතුරක්..

      Delete
    2. දේශා
      උඔ අර කමෙන්ටු වලට උත්තර දෙන්නෙ නැද්ද?

      Delete
  3. මටත් අභියෝගයක් ලැබුණා සහා ඒ අභියෝගය මා විසින් භාර ගනු ලැබුවත් එය ඉටු කිරීමට මටද නොහැකි වුනා.මම ඇත්තෙන්ම මිරිස් කාලා එය වීඩියෝ කරගනු ලැබුවත් අතපසුවීමක් නිසා මිරිස් කන දර්ශනය තිබුනත් එහි හඬ පටිගත වෙලා තිබ්බේ නැහැ.ආයෙමත් වතාවක් මිරිස් කන්න අපහසු නිසා මිරිස් නොකා මේ අරමුදලට කිසියම් මුදලක් බැර කිරීමේ බලාපොරොත්තුව ඇතුව සිටියත් සිතා සිටි පරිදි ඒ කිසිවක් කරන්න නොහැකි වුවා.

    මට මේ අභියෝගය ලබා දුන් "පොඩි කුමාරිහාමිගෙන්" වගේම නලින් අයියා ඇතුළු මේ "අමුමිරිස්"කාණ්ඩයමේනුත් මම සමාව ඉල්ලනවා මට මා භාරගත් ඒ අහියෝගය ඉටුකිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් පශ්චත්තාපයක් තවමත් මා තුල පවතින බැවින්.

    කෙසේ වෙතත් මේ සද්කාර්‍යට මම සුබපතන අතර ඉදිරිවැඩ කටයුතු සියල්ල සර්ථක වේවා කියා හදවතින්ම පතනවා.

    ReplyDelete
  4. කෑවා නොකෑවයින් එකතු වුනු මුදලින් කරන සද්කාර්යයට මගේ සුභ පැතුම්. එන්න නම් දුර වැඩියි සහෝ.

    ReplyDelete
  5. සත්කාරය සාර්ථකව නිමා වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා..

    ReplyDelete
  6. සුභ පතනවා..
    ඡයවේවා...
    එල ද බ්‍රා

    ReplyDelete
  7. සද්භාවයෙන් කෙරෙන මේ මෙහෙවර හොඳයි. හැබැයි අභියෝගෙනම් ඉහමොළ රත්කරන එකක්. වෙන දෙයක් තිබුණේම නැද්ද මෙයාලට.?

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT