Wednesday, May 20, 2015

"නරසීහ ගාථා"

"නරසීහ ගාථා" පුදුම ලස්සනයි

තමන් ඉපදුනු දවසෙම ගිහිගෙයින් නික්මුනු තමන්ගෙ තාත්තව අවුරුදු ගාණකට පස්සෙ පළවෙනි වතාවට දකින රාහුලට තමන්ගෙ පියාව අඳුන්නලා දෙන්න යශෝධරාව ගායනා කරන නරසීහ ගාථා පුදුම ලස්සනට උදේට නෙත් fm යනවා. මම මුලින් හිතන් හිටියේ ඒ දෙමළ ඇක්සන්ට් එකක් කියලා පස්සෙයි දැන ගත්තේ බංගලි ඇක්සන්ට් එක බව.
උදේ පාන්දර ඇහෙද්දි දැනෙන්නේ පුදුම හැඟීමක්
අහලා බලන්න. පුදුම ලස්සනයි.

"නරසීහ ගාථා සිංහලෙන්"

සක් ලකුණෙන් වර රත් සොඳ පාදේ
ලස්සනයෙන් වැඩුණු විළුඹැත් දික්
සේමර සත් බැබළුු දෙපතුල් ඇත්
මේ තෙම තා නරපිය වේ නරසී වූ

පුන් සස ලක් සඳවන් මුහුණක් ඇත්
දෙව් මිනිසුන් ප්‍රිය වූ නරනාථා
මත් ගිජිඳුන්ගේ විලස් ගමනැත්තේ
මේ තෙම තා පිය වේ නරසී වූ

සක් කුමරා වර සිව්මැලි වූ ඒ
ලස්සනයෙන් පළ පුන් සිරුරද ඇත්
ලෝ වැඩෙහී ඇලුණූ නරවීරා
මේ තෙම තා පිය වේ නරසී වූ

කැත් කුලයෙන් පළ වූ කුලවත් වූ
දෙව් මිනිසුන්ගෙ වැඳුම් ලද පා ඇත්
සීල සමාධි ගුණෙන් සිත තැන්පත්
මේ තෙම තා පිය වේ නරසී වූ

දික්ව ද උස්ව ද පිහිටිය නාසේ
ගෝ පිය වන් පිය වන් නිලුවන් නෙත්
දෙව්දුනු තුල් අබිනිල් දෙබැමින් යුත්
මේ තෙම තා පිය වේ නරසී වූ

ආවට වූ මට වූ ගෙල ඇත්තේ
සීහනු යුත් මුව රාජ සරීරැත්
රන් පැහැ යුත් සිරියෙන් පැහැපත්වූ
මේ තෙම තා පිය වේ නර සී වූ



1 comment:

  1. i copeid this lovely post in my FB profile.hope this will ok admin

    ReplyDelete