මොකක්ද මේ Hyperlapse කියන්නේ?

මොකක්ද මේ Hyperlapse කියන්නේ?

2785
0
SHARE

Microsoft සමාගම පසුගිය සතියේ කල නවතම හදුන්වාදීමක් තමයි Hyperlapse මෘදුකාංගය. මෙමගින් first-person videos වලින් smooth time lapses සකසා ගත හැකිය. ඔබට මෙය Android ,Windows සහ Windows Mobile සදහා Download කර ගන්න පුළුවන්. මෙය තරමක් ඔබට හුරුපුරුදු වන්නට පුළුවන්. මොකද මෙම තාක්ෂණය මුලින්ම එලි දැක්වුවේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදීයි. ඒ වන විට Hyperlapse තිබුනේ පරීක්ෂණ මට්ටමේ. නමුත් දැන් වාණිජව ලබා ගන්න පුළුවන්.

සාම්ප්‍රදායක timelapses බොහෝවිට සැකසුනේ static camera භාවිතයෙනි. නමුත් සාමාන්‍යයෙන් first-person camera මගින් ලබා ගන්නා videos සෙලවෙන සුළුය.

මෙම තාක්ෂණයේදී භාවිත කෙරෙන Algorithm එක මගින් මුලින්ම film කරමින් සිටින landscape එකේ 3D model එකක් සකසනවා. ඊළගට ප්‍රධාන චරිත හදුනාගන්නවා. පසුව වෙනස් frames එකට එකතු කර වඩාත් සුමට මුල් video එකේ තත්වයම ප්‍රේක්ෂකයාට දැනෙන පරිදි hyperlapse සකසනවා. තවද video එකෙහි යම් කිසි අවස්ථාවක වැඩි යමක් සිදු නොවේ නම් එය මග හරවන්නටද මෙම තාක්ෂණය සමත්.


තාක්ෂණික වශයෙන් නිෂ්පාදන 3ක් තිබෙනවා. එනම් Windows සදහා Microsoft Hyperlapse Pro ද Windows Phone සහ Android සදහා Microsoft Hyperlapse Mobile ද වේ. Microsoft Hyperlapse Pro විශේෂයෙන්ම හදුන්වා දී ඇත්තේ වෘත්තියමය වශයෙන් ඡායාරූපකරණයේ නියැලී සිටින අයටයි. ඕනෑම Camera එකකින් ලබා ගත් video එකකින් Hyperlapse සකසා ගන්න පුළුවන්.

Azure Media Services සදහා වූ Hyperlapse මගින් Developers ලට Websites සහ Apps තුලට Hyperlapse අන්තර්ගත කරන්න පුළුවන්. දැනට Preview මට්ටමේ තිබෙන නිසා සියලුම Azure Media Services ගිණුම් සදහා මෙම පහසුකම ලබා දී තිබෙනවා.

 

Microsoft Research තාක්ෂණික වශයෙන් මෙය මුලින්ම හදුන්වා දුන්නත්, Facebook හි Instagram ද ඔවුන්ගේම Hyperlapse app එක සති කීපයකට පසු iOS සදහා හදුන්වා දුන්නා.

නමුත් ඔවුන් තවම Windows සහ Android සදහා Apps නිකුත් කර නැහැ. තවද Microsoft සමාගමද තවමත් iOS සදහා මෙය නිකුත් කර නැහැ. Microsoft සමාගමේ විසදුම වඩාත් බල සම්පන්නයි. නමුත් ඔවුන්ට මෙය ප්‍රචලිත කරන්නට තවමත් සමාජ ජාල වෙබ් අඩවියක් නම් නැහැ. කෙසේ වෙතත් මෙම සමාගම් අතර තරගය video කර්මාන්තයට අනර්ග නිපැයුම් රැසකට මග පාදාවී.

Download for Windows 

Download for Windows Phone 

Download for Android

venturebeat ඇසුරිනි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY