Microsoft Revolve තවත් අලුත්ම අලුත් app එකක්

Microsoft Revolve තවත් අලුත්ම අලුත් app එකක්

2724
0
SHARE

Microsoft සමාගමෙන් ඉකුත් දින කීපය තුලදීම විවිධාකාරයේ ඉතා ප්‍රයෝජනවත් වන apps කීපයක්ම නිකුත් කලා. උදාහරණයක් ලෙස OneClip app එක. නමුත් Microsoft technologies ගැන නිතරම අවදානයෙන් ඉන්න අයටනම් මේ Revolve app එක එතරම්ම අලුත් වෙන එකක් නෑ.

 
Revolve app එක සරලව කිවුවොත් Social app එකක් . මෙහි ප්‍රධාන වැදගත්කම නම් ඔයාලට එදිනෙදා ජීවිතයේ Office එකේදී, Business වැඩවලදී එහෙම මුන ගැහෙන විවිධ පුද්ගලයි සමග අපි ආරම්භ කරන පළමු conversation එකේ ඉදන් ඒ conversation එක දිගටම continue කරගෙන යාමට උදව්කිරීමයි.ඒ විතරක් නෙවෙයි ඔබගේ කාර්යාලයේ පවත්වන meetings සමගද මේ app එක sync කරලා ඒ පිළිබඳ අවදානය තැබීමටත් එහිදී හමුවන විවිධ පුද්ගලයින් පිළිබඳ තොරතුරුත් මේ ඇප් එකෙන් ගන්න උදවු කරනවා. මේ මගින් ව්‍යාපාරික ජීවිතයේදී හමුවන පුද්ගලයින් පිළිබඳව ඉතා හොද අවබෝධයක් ලබාගැනීමට හැකිවනු ඇති.

මෙහි තවත් ඉතා වැදගත් feature එකක් නම් එක් එක් පුද්ගලයින් ගේ Facebook, LinkedIn වැනි දැනට පවතින Social Networks වලින් data ලබාගැනීමේ හැකියාවයි. Revolve app එක Windows, iOS, Andriod යන platform 3ටම නිකුත් කිරීමට සිටින බව Microsoft සමාගම පවසා සිටිනවා. Revolve මඟින් ව්‍යාපාර ජීවිත්යේදි හා කාර්‍යාලජීවිතයේදී එකිනෙකා අතර අන්‍යෝන්‍ය අවබෝදය ගොඩනැගීම තුලින් අලුත්ම ආකාරයක experiance ලබාදෙනු ඇත.

Revolve app එකේ screen shots කීපයක්

r5 r3 r4

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY