ඔබේ phone එකේ තත්වය දැනගන්න.


ඔබේ phone එකේ තත්වය දැනගමු

කොහොමද කට්ටියට, මම නම් හොදින්.
හරි අද මම කියන්න යන්නේ phones ගැන..... අලුතෙන් phone එකක් ගන්න හිතන් ඉන්න අයට මේ ලිපිය වැදගත් වෙයි කියලා හිතනවා. phone එකක් දැනටමත් තියෙන අය තමන්ගේ phone එක original එකද්ද කියල බලාගන්නත් පුලුවන් වෙයි........

මුලින්ම nokia phones ගැන කියන්නම්. nokia phones නේ හුග දෙනෙක් පාවිච්චි කරන්නේ.......
ඔය ගොල්ලෝ nokia එකක් ගන්න බලා පොරොත්තු වෙනවනම් මේ දේවල් වැදගත් වෙයි. මුලින්ම කියන්න ඕනේ phone එකක් ගනිද්දී ඒකේ ලස්සන විතරක් බලන්න එපා. පහසුකම් විතරක් බලන්න එපා. ඕව තිබ්බට සමහර විට පාවිච්චියට නුසුදුසු phone එකක් වෙන්න පුලුවන්. ඒ කිව්වේ පාවිච්චිය නිසා ශරීර සෞඛ්‍ය පිරිහෙන්න පුලුවන්. එ්ක ගැන විස්තර පහල තියෙන code එක ගහලා බලාගන්න පුලුවන්.

*#92702689#

හරිද? ඕකේ උඩින්ම තියෙනවා serial number කියලා එකක්. ඒක අංක 15කින් තියෙන්නේ. ඒකේ 7වෙනි අංකය සහ 8වෙනි අංකය දිහා බලන්න.......

XXXXXX78XXXXXXX

එතන තියෙන අංක දෙක මොකද්ද???? අංකය අනුව හොදද නැද්ද කියලා පහල විදියට ඔයගොල්ලන්ම චෙක් කර ගන්නකෝ........

  • 7 සහ 8 අංක දෙක 00 නම් බය වෙන්න දෙයක් නෑ. original company එකක හදපු එකක්.
  • 7 සහ 8 අංක දෙක 01 හෝ 10 නම් Finland වල හදපු එකක්. පාවිච්චි කරාට කිසි අවුලක් නෑ.
  • 7 සහ 8 අංක දෙක 02 හෝ 20 නම් UAE වල හදපු එකක්. quality එක බාලයි.
  • 7 සහ 8 අංක දෙක 08 හෝ 80 නම් German වල හදපු එකක්. quality එක තරමක් හොදයි.
  • 7 සහ 8 අංක දෙක 13 හෝ 31 නම් Azerbaija වල හදපු එකක්. quality එක අන්තිම නරකයි. පාවිචිය තමන්ගෙ සෞඛ්‍යට පවා අහිතකරයි.

හරිනේ phone එක originalද කියල බලා ගත්තද, phone එක හොදයි ද? මම ඔය code එක දුන්නේ වැඩ ඔක්කොම ටික කරගන්න පුලුවන් නිසා. serial number එක විතරක් බලාගන්න නම් පහත code එක මගින් බලාගන්න පුලුවන්........

*#06#

ඊලගට කොරන්න තියෙන්නේ (ඉස්සෙල්ල දීපු code එකෙන්) ටික ටික පහලට යනකොට phone එක හැදුවේ කවද්ද, phone එක කීවතාවක් රෙපයාර් කරල තියෙනවද, phone එකෙන් කොච්චර වෙලාවක් කතා කරලා තියෙනවද කියලා බලාගන්න පුලුවන්............

ඊලගට කියලා දෙන්න යන්නේ Nokia phone battery එක original ද කියලා හොයා ගන්න හැටි.

ඒකට කරන්න තියෙන්නේ බැටරිය ගලවලා අරන් ඒකේ තියෙන ස්ටිකරේ පරීක්ශා කරන්න. පහල රූපේ බලන්න.


දැන් කරන්න තියෙන්නේ ඔය ස්ටිකර් එක දිහා එක එල්ලයකින් බලන කොට phone එක on වෙද්දි එන අතට අත දෙන රූපෙ පේනවා. ඊට ටිකක් උඩින් ඔරිජිනල් නොකිය කියලා ගහල තියෙන ලාංචනයක් පේනවා. දැන් බැටරිය දකුනට බර කරන්න එතකොට එක තිතක් පෙනෙයි. දැන් බැටරිය වමට බර කරන්න තිත් දෙකක් පෙනෙයි. දැන් බැටරිය උඩට බර කරන්න තිත් තුනක් පෙනෙයි. දැන් බැටරිය යටට බර කරන්න (තමන්ගේ දෙසට බර කරන්න) තිත් හතරක් පේනවද බලන්න.
ඔය ඔක්කොම ටික හරියට පේනවනම් බැටරිය ඔරිජිනල් බැටරියක් බව ස්ථිර වේ.

ගලවපු Phone එහෙම දැන් ආපහු On කරගන්නකෝ. මේ ටික කරලා ඔය ගොල්ලන්ගේ පෝන් එක හොද තත්වයේ තියනවද කියල දැනගන්න...........

අපැහැදිලි යමක් තියෙනවනම් කොමෙන්ටුවකින් කියන්න..........
ගිහින් එන්නම්, සුභ දවසක්.
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon