Friday, May 15, 2015

Ae Ri Pawan

ලතා මංගේෂ්කාර්ගේ මා බොහෝ ආස කරන ගීතයකි. ආර්ඞී බර්මන්ගේ අපූරු තනුවකි. කලකින් නැවත ඇසුවෙමි. අරුතද ලිවීමි.

හමා යන පවන,
මේ සොයමින් යන්නේ කාවද
උමතුවෙන් මෙන් සරන්නී
නුඹේ පෙම්වතා සැබවින්ම කවුද

වලාවන් සමග නුඹේ කවර හෝ
නෑකමක් තිබෙනවා නොවෙද?
මෝසම් ඍතුව එනවිටම
රගන්නේ, ගයන්නේ, බමන්නේ මෙතරම්ම ඇයි

හොරෙන් හොරෙන් රහසින්
හඬ නොනගා හද දොරින්
නුඹ නික්මෙන්නී
සිහිනයේ පා නූපුර බඳිමින්
එනමුදු පසුකර යනවිට
ඒ නූපුර හඬයි සන සන සන් නදින්
උමතුවෙන් මෙන් සරන්නී
නුඹේ පෙම්වතා සැබවින්ම කවුද

තනිව හමා යන්නී
නුඹය මාගේ එකම මිතුරිය
පවසන්න, කිසිවෙකු නැති ජීවන ගමනේ
තනිවූවෙකුට ජීවිතයක් කියා දෙයක් තිබේද?
උමතුවෙන් මෙන් සරන්නී
නුඹේ පෙම්වතා සැබවින්ම කවුද

No comments:

Post a Comment