2015 මාර්තුවේ දිස්වුනු දශයකයේ දර්ශණීයම පූර්ණ සූර්යග්‍රහණය


2015 මාර්තු 20වැනිදා දිස්වුනු මෙම සූර්යග්‍රහණය, උත්තර ද්‍රැවාශිත ප්‍රදේශවලට ඉතා හොඳින් දර්ශණය වුනා. මෙය වඩාත්ම හොඳින් දිස්වුනු නෝර්වේ රටට උතුරින් ආක්ටික් සාගරයේ පිහිටි ස්වල්බාඩ් දූපතට අතිවිශාල ජනකායක් එක් රොක්වී සිටි අතර ඔවුන් අතරින් සමහරක් අමෙරිකාව, කැනඩාව වැනි රටවල් වලින් මෙම සූර්යග්‍රහණය දැක බලාගැනීම සඳහාම පැමිණ සිටියා.



මාර්තු 20වැනිදා පෙරවරු 8.39ට ඇරඹි සූර්යග්‍රහණය 10.48 දක්වා පැවති අතර පෙරවරු 10.11ට ස්ව්ල්බාඩ් දූපත ඝණ අඳුරින් වෙලාගත් පූර්ණ ග්‍රහණය සිදුවූ බව වාර්තාවනවා.  දූපත විනාඩි දෙකකට මදක් වැඩි කාළයක් ඝණ අඳුරින් වැසීතිබූ අතර එම අවස්ථාවේදී හිරුවටා ඇති කොරෝනා නැමති රැස් වළල්ල ඉතා පැහැදිලිව දිස්වුනු ආකාරය ඡායරූපවල සටහන්වී තිබෙනවා.

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය දියත්කල ප්‍රෝබා-2 සූර්ය නිරීක්ශණ චන්ද්‍රිකාව, මෙම සූර්යග්‍රහණය සිය කැමරාවට හසුකරගත් ආකාරය
ලොව කොතැනකහෝ මෙවැනි පූර්ණ සූර්යග්‍රහණ ඇතිවන සෑම අවස්ථාවක් නිරික්ශණය කිරීම සඳහා එම ස්ථානවලට යාමට සැදී පැහැදී සිටින පිරිසක් යුරෝපීය හා අමෙරිකානු රටවල සිටින අතර ඔවුන් "eclipse chasers" හෙවත් සූර්යග්‍රහණ ලුහුබඳින්නන් ලෙස හඳුන්වනවා. මෙම සූර්යග්‍රහණ ලුහුබඳින්නන්, ඉතා පැහැදිලිව සූර්යග්‍රහණයක් දකින්නට ලැබුණහොත් එම අවස්ථාව සැමරීම සඳහා ශැම්පේන් පානය කිරීමේ චාර්ත්‍රයක්ද සිදුකරන බවට පැවසෙනවා. පූර්ණ සූර්යග්‍රහණයෙන් ස්වල්බාඩ් දූපත අඳුරුවී ගිය වහාම ඔල්වරසන් දෙමින් අත්පුඩි තැලූ මෙම සූර්යග්‍රහණ ලුහුබඳින්නන්, එම අවස්ථාවේදීද ශැම්පේන් බෝතල් විවරකරමින් සව්දිය පිරූබව ස්වල්බාඩ් දූපතෙහි සිටි පුවත්පත් වාර්තාකරුවන් වාර්තාකොට සිටියා.


මීට පෙර පූර්ණ සූර්යග්‍රහණයක් 2012 වසරේ නොවැම්බර් මස ඔස්ට්‍රේලියාවට දිස්වුනු අතර මීලඳ පූර්ණ සූර්යග්‍රහණය 2016දී ඉන්දුනීසියාවට දිස්වෙනු ඇතැයි නාසා ආයතනය පවසනවා.



Comments

  1. I know this is one of the most meaningful information for me. And I'm animated reading your article. But it's a good thing, the website is perfect; the articles are great. Thanks for the tone of tangible and possible help.
    freelancers

    ReplyDelete

Post a Comment