Ceylon Motor Show 2015 - BMICH (8-10 May)

Ceylon Motor Traders Association සහ Classic Car Club of Ceylon ඒකාබද්ධව සංවිධානය කරන "සිලෝන් මෝටර් ෂෝ 2015" රථවාහන ප්‍රදර්ශණය පසුගිය මැයි 8 වැනිදා ආරම්භවුනා. මෙම මෝටර් රථ ප්‍රධාන අංශ තුනකින් සමන්විත වුනා. එනම්

[1] ක්ලැසික් කාර් හෙවත් ඉපැරණි මෝටර් රථ ප්‍රදර්ශණය
[2] නවීන මෝටර් රථ ප්‍රදර්ශණය හා
[3] වාණිජ වාහන ප්‍රදර්ශනයයි.

මෙයින් පැරණි වාහන ප්‍රදර්ශණය හැමෝගේම සිත් ඇදගන්නට සමත්වූ අතර දෙවැනිව වැඩියෙන්ම ජන ආකර්ශණය තිබුනේ බ්‍රිතාන්‍ය හා ජර්මන් සුඛෝපභෝගී මෝටර් රථ අංශයටයි. දැන් ඉන්දියාවේ ටාටා සමාගමේ අයිතියට පත්ව තිබෙන "ජැගුවර්" හා "ලෑන්ඩ් රෝවර්" වැඩිදෙනාගේ, විශේෂයෙන්ම තරුණ පරපුරේ ආකර්ශණයට බදුන්වී තිබුණා.  එමෙන්ම 1960 ගණන්වල ඉතා ජනප්‍රියවූ,  සුප්‍රකට බ්‍රිතාන්‍ය නිර්මාණයක් වූ මිනි මයිනර් රථ මාදිලිය මිනි කූපර් ලෙස නැවත හඳුන්වාදී ඇති අතර, මෙම රථ එකතුවද බොහෝ දෙනෙකුගේ අගැයිමට බඳුන්වුනා.

The MINI

මිනි (හෙවත් කුඩා) ලෙස හැඳින්වෙන රථමාදිලිය බ්‍රිතාන්‍යයේ "බ්‍රිටිෂ් මෝටර්ස් කෝපරේෂන් - BMC" සමාගමේ නිර්මාණයකි. මෙය බ්‍රිතාන්‍යයේ නම්දැරූ රථවාහන ඉන්ජිනේරුවෙකුවන සර් ඇලෙක්සැන්ඩර් ඉසිගෝනී විසින් නිර්මාණය කරන ලද්දකි. කාර් රථවල එන්ජිම හරස් අතට (transverse) තබා නිර්මාණය කල පලමුවැන්වන්නේ සර් ඇලෙක්සැන්ඩර්ය. මෙම නිර්මාණය ලොවපුරා සියලුම කාර් නිශ්පාදකයින් දැන් අනුගමනය කරති.

1959දී නිර්මාණය වූ මිනි රථය 1960 දශකයේ බ්‍රිතාන්‍යයේ ජනප්‍රියම මෝටර් රථය වූ අතර එහි අයිතිය 2000 වසර වනතෙක්ම බ්‍රිතාන්‍යයේ සමාගම් කිහිපයක් අතර හුවමාරු විය. එහි අවසන් බ්‍රිතාන්‍ය අයිතිකරුවාවූයේ රෝවර් සමාගමයි (මෙය ලෑන්ඩ් රෝවර් සමාගම හා සම්බන්ධයක් නොමැත ). බංකොලොත් රෝවර් සමාගම ජර්මනියේ BMW සමාගම මිළදී ගන්නා ලද අතර, මිනි සන්නාමය නැවතත් ජනප්‍රිය කරවීමට BMW සමාගම දැවැන්ත උත්සහයක් ගන්නා ලදී.  බී.ම්.ඩබ්ලිව් සමාගම සතු අතිනවීන තාක්ශණයද මුහුකොට නව මුහුණුවරකින් වසර 2000න් පසු මිනි සන්නාමය ලොවට හඳුන්වාදෙන ලදී.

Ceylon Motor Show 2015 ප්‍රදර්ශණයේදී, මිනි කූපර් රථ මාදිලි තුනක් දක්වා තිබුණි. ඒ "මිනි කූපර්", " මිනි කන්ට්‍රිමන්" හා "මිනි කැබ්‍රියෝ" යන මාදිලි තුනයි.

Mini Cooper @ Ceylon Motor Show (Photos by Terence Kahapola Arachchi)



Mini Countryman




Mini Cabrio Convertible




Jaguar XF



Jaguar F-Type Convertible



Audi A6



Ceylon Motor Show 2015 හි අධිවිබේධන ඡායාරූප නැරඹීම සඳහා අපගේ ෆ්ලිකර් ඡායාරූප ඇල්බමය වෙත යන්න... 

මෙම Flickr ඇල්බමය තුල ඉහත ඡායාරූප වලට අමතරව එම මාදිලිවලම තවත් ඡායාරූප රාශියක් මෙන්ම, මෙහි අඩංගු නොකල, පහත වාහන මාදිලිවල ඡායාරූපද නැරඹිය හැකිය.

1] Audi A3
2] Chrysler Jeep Wrangler
3] Land Rover Defender
4] Land Rover Discovery Sport
5] Range Rover
6] BMW i8 Plug-in Hybrid

Click here to visit the photo album













Comments

  1. Just wanted to convey my regards. This was really a valuable experience. I will ensure that my friends also read this as soon as possible. I cannot wait to share this. online assignment help australia

    ReplyDelete
  2. You are doing a tremendous job. It is very enlightening and achieves what it desires. I will make sure that I read all of your blogs in future. It will definitively enhance my knowledge. dubai events

    ReplyDelete
  3. I enjoy kinds very own post. It will be respectable to get a single narrative inside and outside of the core of this distinctive core specialized niche will likely be commonly knowledgeable.
    assignment writing help

    ReplyDelete
  4. I enjoy kinds very own post. It will be respectable to get a single narrative inside and outside of the core of this distinctive core specialized niche will likely be commonly knowledgeable.
    assignment writing help

    ReplyDelete

Post a Comment