Skip to main content

මුහුණ සුදු කිරීමට ආලේප කරන ඇතැම් ක්‍රීම් වර්ගවල ඊයම් හා රසදිය අඩංගුයි

"කාන්තාවන් මුහුණ සුදු වෙන්න ආලේප කරන ක්‍රීම්වල රසදිය වැඩියෙන් අඩංගු බැව් චීනයේ කරන ලද පර්යේෂණයකින් අනාවරණය වුණා. මේ ආකාරයේ ක්‍රීම් වර්ග ශ්‍රී ලංකාවේ ද භාවිත වන නිසා අපටත් අවශ්‍ය වුණා මේ ද්‍රව්‍ය වෙළෙඳ පොළෙන් මිල දී ගෙන පරීක්‍ෂාවට ලක්‌ කරන්න. අපි මෙවැනි ක්‍රීම් වර්ග 32ක්‌ පරීක්‍ෂාවකට ලක්‌ කළා. මෙහි දී අනාවරණය වුණු දෙයක්‌ තමයි ඊයම් තිබිය යුතු ප්‍රමාණයට වඩා උපරිම ප්‍රමාණයක්‌ මේ ආලේප ද්‍රව්‍යවල අඩංගු බව." යනුවෙන් පරිසර යුක්‌ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ මහතා පැවසී ය. 

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ඒ මහතා කරුනු දැක්‌වූයේ මේ අයුරිනි.

"අප එදිනෙදා ජීවිතයේ දී භාවිත කරන විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන බොහොමයක්‌ තිබෙනවා. මේ නිෂ්පාදනවල ඝන ද්‍රව්‍ය, ද්‍රව තත්ත්වයේ පවතින ද්‍රව්‍ය හා වායුමය ආකාරයේ රසායනික ද්‍රව්‍ය වගේ ම මුහුණේ ආලේප කරන ද්‍රව්‍ය අඩංගු වෙනවා. මේවා එකිනෙකට වෙනස්‌ වූ රසායනික ගුණාංගවලින් සමන්විතයි. මේ නිෂ්පාදන තුළ කෘත්‍රිමව නිෂ්පාදනය කළ සංයෝග වගේ ම ස්‌වාභාවිකව නිස්‌සාරණය කරගත් රසායනික සංයෝග ඇතුළත් වෙනවා."

ඉන්දියාවේ Societe Generale de Surveillance හෙවත් SGS ආයතනයටයි අපි පරීක්‌ෂාව පිණිස නියෑදි යෑව්වේ. විදෙස්‌ ආයතනයක්‌ තෝරා ගත්තේ වඩාත් නිවැරැදි ප්‍රතිපල ලබා ගැනීම සඳහායි. මේ නියෑදි පරීක්‍ෂාවට ලක්‌ කළේ පරමාණුක අවශෝෂණ වර්ණාවලිය තුළිනුයි. එයින් ලැබෙන ප්‍රතිපල නිවැරැදියි. මෙහි දී අපි මේ ආලේප ක්‍රීම්වල රසදිය හා ඊයම් තිබේ ද යන්නයි පරීක්‍ෂා කළේ. රසදිය කවර හෝ ප්‍රමාණයක්‌ මෙවැනි ආලේපන ද්‍රව්‍යයක තියෙන්න බැහැ. එහෙත් බොහෝ ආලේපනවල රසදිය ද තිබුණු බව අනාවරණය වුණා. (මේ පිළිබඳ සවිස්‌තර ලිපියක්‌ ඉදිරි විදුසර කලාපයක පළ වේ). අපට මේ ද්‍රව්‍ය භාවිත නො කර විකල්ප ද්‍රව්‍ය භාවිත කිරීමෙන් යහපත් ප්‍රතිපල ලබාගන්න පුළුවන්. අපි නිවසේ වාතය පවිත්‍ර කරන්න විවිධ පවිත්‍රකාරක භාවිත කරනවා. මේවායින් නිකුත් කරන රසායනික ද්‍රව්‍ය නොදැනුවත්ව ම ශරීරගත වෙනවා. ඒ වෙනුවට සැවැන්දරා මුල්, මදගින්නේ තැම්බූ කුරුඳු හා කරාබු නැටි භාවිත කළ හැකියි. පවිත්‍රකාරක වෙනුවට බේකින් සෝඩා කෝප්ප 2/3ක්‌ ඇමෝනියා කෝප්ප 1/4ක්‌ සහ විනාකිරි කෝප්ප 1/4ක්‌ උණු වතුර ගැලුමකට මිශ්‍ර කර භාවිත කරන්න පුළුවන්. බිම ඇමදීමේ දී මේ ද්‍රාව්‍යයෙන් පිසදැමීම කළ හැකියි. පිත්තල ඔප දැමීම සඳහා විනාකිරි ලුණු සහ පාන්පිටි එකට දමා සාදාගත් පල්පය භාවිත කරන්න පුළුවන්. මෙහි දී කළ යුතු දෙයක්‌ තමයි මේ පල්පය ආධාරයෙන් පිත්තල භාණ්‌ඩ ඔප දැමූ පසු සෝදා හැරීම. අපි හැකි තරම් එදිනෙදා ජීවිතයේ දී විෂ රසායනික ද්‍රව්‍ය වෙනුවට ස්‌වාභාවික ද්‍රව්‍ය භාවිතය හුරු වීමෙන් දිගු කාලීනව මේවාට නිරාවණය වීම නිසා ඇති රෝග තත්ත්වයන් ගෙන් ආරක්‌ෂා වීමට හැකියාව ලැබෙනවා. පිළිකා වැනි රෝග තත්ත්ව, වකුගඩු අක්‌මා වැනි ඉන්ද්‍රියන් ආබාධ සමෙහි ඇති වන ආබාධ මෙවැනි රෝග අතර ප්‍රධාන වෙනවා. මේ හැරුණම නිවසක්‌ තුළ භාවිත කරන විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන රාශියක්‌ තිබෙනවා. තීන්ත දිය කිරීමට ගන්නා තිනර්, සේදුම්කාරක ද්‍රව්‍ය, මදුරු දඟර, විවිධ කෘමි නාශක, පරණ බැටරි, CFL විදුලි පහන් වගේ ම ටියුබ්ලයිට්‌ ද මීට අයත්." 


උපුටා ගැනීම
අමල් උඩවත්ත (විදුසර) (http://www.vidusara.com/2012/12/12/news1.html)

Comments

Post a Comment

Popular posts from this blog

කුණ්ඩලීණි චක‍්‍ර භාවනාව මග පෙන්වීම්

චක‍්ර භාවනාව ගැන පටන් ගන්න කලින් මුලින්ම දැන ගන්න ඔන කාරනා කිහිපයක් තියෙනවා. ප‍්‍රධානම දෙය තමයි සෘෂි භාෂිත පංච නීවරණය . මොකක්ද මේ ....... බොහොම සරල දෙයක් 1. ප‍්‍රණ ශක්තිය පාතනය කිරිමඅපගේ ජිවිතය රුදිලා තියෙන්නේ හුස්ම මත ..... අපි විස්වාස කරන්නේ එහෙමයි. හැබැයි එක ඇත්ත නොවෙයි. හුස්ම ගැනීමට වඩා නොගෙන ඉන්නවනම් වැඩි කාලයක් නිරෝගීව ජිවත් වෙන්න පුලූවන්.ප‍්‍රණ ශක්තිය පාතනය කරන්න කියලා කියන්නේ ප‍්‍රණ ශක්තිය වෙනත් ශක්තියකට පෙරලන්න කියන එකයි. කුණ්ඩලීණිය වඩන්නනම් මුලින්ම අපි හුරු වෙන්න ඔනේ හුස්ම ගැනීම වෙනුවට නොගෙන සිටිමත් එයින් ඇතිවෙන ශක්තිය කම්පන තරංගයකට පෙරලා ගැනීමටත් 2. ඉන්පසු වැදගත්ම දේ තමයි. අනුන්ගේ දේ නොගැනීම. අනුන්ගේ දේ කියන්නේ හුස්ම පාලනය කිරිම තුළින් අපි රූප ධ්‍යාන මට්ටමට ලගා වෙනවා. අනුන්ගේ දේ කියලා කියන්නේ අන් සතු රූප නොගැනීම . යොගියා භාවනාවෙන් රූප දකින්න පටන් ගත්ත ගමන් ඒ තුළින් ආස්වාදයක් වින්දනයක් ලබන්න පටන් ගන්නවා. අනිත් කෙනා කරන දෙය අල්ලපු ගෙදර වෙන දෙය ඉතිහාසය දෙවියන් ආදිය බලමින් එතනින් ඉදිරියට යෑම නතර කරනවා........ඒ කියන්නේ චක‍්‍ර භාවනාවේ පලමු ච‍්‍රක‍්‍රය එනම් මුලාදාරය අවදිවීම ත

ආහාර හා පෝෂණය පිළිබඳ මෑතකාලීන අධ්‍යයන සමහරක වැදගත් අනාවරණ

මහාචාර්ය ජයිරාම් වනමාලා (Jairam Vanamala) විනෝදාංශයක්‌ ලෙස කළේ සුරතල් සතුන් ඇති කිරීම ය. ඔහු ගේ නිවසේ හාවුන් රැසක්‌ හා මීයන් සුරතල් සතුන් සේ ඇති කරනු ලැබී ය. (අපේ රටේ නිතර ම දක්‌නට ලැබෙන මීයන් නො ව ලස්‌සන මීයන් ය). ඔහු ගේ හාවුන් හා මී රැළ අතරෙන් වැඩි කොටසක්‌ හදිසියේ ම මහාන්ත්‍ර පිළිකා රෝගවලට බඳුන් වී මිය ගිය අතර ඉතිරි වූයේ දෙතුන් දෙනකු පමණි. මේ ඉතිරි වූ දෙතුන් දෙනා ගැන ඔහු ඉන්පසු වැඩිපුර අවධානය යොමු කරන්නට විය. ඉන්පසු ඔහුට නිරීක්‌ෂණය කළ හැකි වූයේ අපූර්ව දෙයකි. මේ අය, ලබා දෙන සාමාන්‍ය ආහාරවලට අමතරව, වත්තෙහි (මොවුන් කුඩා විවෘත බිම් පෙදෙසක හැදී වැඩුණ සතුන් ය) වූ මිදි ගස්‌වලින් වැටෙන මිදි ආහාර ලෙස ගන්නා බවයි. මේ සිද්ධියෙන් පසු මිදි පිළිකා කෙරෙහි දක්‌වන ප්‍රතිචාර ගැන දීර්ඝ ලෙස අවධානය යොමු කරන්නට Jairam සිතිණි. Jairam යනු ඇමෙරිකාවේ පෙන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයයේ ආහාර විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකි. ඔහු පෙන් විශ්විද්‍යාලයයේ පිළිකා ආයතනයේ ද දේශකයෙකි. ඔහු මහාන්ත්‍ර පිළිකා සහිත මීයන් 52 දෙනකු ගෙන ඔවුන් කොටස්‌ තුනකට බෙදුවේ ය. එක්‌ කොටසකට සාමාන්‍ය ආහාරවලට අමතරව මිදි සහිත ආහාර වේලක්‌ ලබා දුන් අ

අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු

නරකය නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි. 01)  සඤ්ජිවය යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් වෙ.  අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරු නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි. 02) කාලසුත්‍රය උපන් සත්ත්වයින් ගිනියම් වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මේ නරකයේ පැසෙයි. 03) සන්ඝාතය මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලෝහමය පොළවේ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරලි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගලයින් හා ස