Friday, May 1, 2015

නොඉදුල් කදුකර පෙදෙසකදිය



නොඉදුල් කදුකර පෙදෙසකදිද
දකිත හැක ලීහී ගිලිහී නාය ගිය තැන්
බොහෝ කුඩාවට උවද
විසිරී පැතිරුන

නුවුවමනා නෙරුම් ඉදිමුම් රළු තැන්
සමතලා කර සමනය කෙරුමට වෙන්න ඇති
නැතොත් ඒ අලුත්ම අලුත් ගසකට
පැල වෙන්න ඉඩ දෙන්න වෙන්න ඇති
ඔය මොනව නොවුනත්
තම සලුව සියතිනම පලුදු කර
නව රටාවකට පුරුද්දන එක
විනෝදය ගෙන දෙනු ඇත
කදුකරය නම රූබර අගනට

උපන් හැටියට හතර කොන රක්ශාකරගෙන
ඝනීභවනය වෙන එකද? නොඉදුල් කම
කාලයට  ජීවිතේ අලුත්වන ආශාවට ඉඩදෙන්න
එදිනෙදා රිද්මයට මුහුවෙන එකද? නොඉදුල්කම
යන පැනය ඉතිරිකරනෙමි ඔබට
දිනක මම නැතත් කවුරුන්ම හෝ සමග
නොඉදුල් කදුකර පෙදෙසක් තරනය කර
සොයා පාදා පිලිවදන් සපයනු පිනිස

1 comment:

  1. බ්ලොගය පැත්තට අාවේ පරණ බ්ලොග් අතර සැරි සරද්දි... බ්ලොගය අගෙයි... ඒත් තාම සින්ඩි වලට ගෙනැත් නැහැ.... බ්ලොග් කියවන්නන් අතරට ගෙනත් නැහැ.... අපේ සින්ඩියට නම් දා ගත්තා..... අනික් ඒවාටත් හදුන්වා දෙන්නම්..... ඔබත් හැකිනම් සින්ඩි වලට ඉල්ලුම් කරන්න.. ඒක අනික් අයටත් මේ පැත්තට ඒන්න සහයක් වේවි.... දිගට ම ලියන්න... ඒකත් ඉතා වැදගත්....

    සින්ඩියට ලින්කුව
    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete