Thursday, April 30, 2015

බදුලු සංචාරය - තෙවැනි දිගහැරුම (Trip to Badulla District - Part III)

6. දෝව රජ මහා විහාරය

බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ සුන්දර කඳු බෑවුමක පිහිටි දෝව රජ මහා විහාරය පෙර රජ දවස ඉදි කරන ලද සිත් පහන් කරන බෞද්ධ මධ්‍යස්ථානයකි. මෙහි විශේෂත්වය වන්නේ නිර්මිත භෞතික පරිසරයට හානි නොවන අයුරින් විහාරාංග නිර්මාණය කොට තිබීම ය. වළගම්බා රජු සැඟව සිටි ස්ථානය මෙළෙස විහාරස්ථානයක් ලෙසට පත් වී තිබේ. (Read More)

10922270_787055071383969_2725904325836404933_o10982563_787055504717259_1804507035899199639_o10974607_787055034717306_1553242357472381692_o10974373_787055214717288_2483843489764223069_o10984521_787055154717294_2297601722599140604_o

7. දුන්හිඳ දිය ඇල්ල

බදුල්ල නගරයට කි.මි 5ක් පමණ දුරින් පිහිටි දුන්හිඳ දිය ඇල්ල ලංකාවේ ඇති අලංකාරතම දිය ඇලි වලින් එකකි. එහි උස අඩි 210 කි. එනම් මී 64කි. දිය ඇල්ල පාමුල පැතිර පවත්නා මීදුම (ජල වාෂ්ප ) මෙයට එම නම ලැබීමට හේතුවයි. (සින්හලෙන් "දුන්" යනු මීදුම හෙවත් දුම යන්නයි ) බදුලු නගරය හරහා ගලා බසින බදුලු ඔය මේ දිය මනරම් දිය ඇල්ල නිර්මාණය කරයි. දිය ඇල්ලට ලගා වීම සදහා කි.මි. 1ක පමණ දුරක් යාමට සිදුවේ. එම මාර්ගයේ මද දුරක් ගමන් කරන විට තවත් කුඩා දිය ඇල්ලක් හමුවන අතර එය "කුඩා දුන්හිඳ" ලෙස හැඳින්වේ. මාර්ගය අවසානයේ දිය ඇල්ල නැරඹීම සදහා නරඹන්නන් හට ආරක්ෂිත වේදිකාවක් ඉදිකර ඇත.

1614518_787054818050661_212892906448414638_o10498478_787054631384013_2341571525836621261_o10847297_787054554717354_4899212564656173658_o


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

2 comments:

  1. වටිනා ලිපියක් වගේම වටිනා සේයා සටහන් ! තවම අපේ පාලන බලධර අෑයන් ගෙන ගොඩක් අයට නං මේ වයේ වටිනාකම දැනිල නෑ. ඒ හින්ද සුවාබාවික පරසරේ විතරක් නෙවයි පුරාවස්තුත් මුහුණ දීල තියෙන්නෙ නරක කලදසාවකට. ඒ හින්ද මෙහෙම දේවල් තිබුණ කියල හිතාගන්නත් මේ ලිපිය වටිනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් වටිනවා අදහස. අඩුම ගානේ මේ අදහස දකින කීප දෙනා හරි මේ ගැන හිතයිනේ. ස්තූතියි මේ පැත්තේ ගොඩවැදුනට. :) :-bd

      Delete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...