April 24, 2015

ඔබේ ජීවිතය වෙනස් කරන තාක්ෂණයන්

Live Science කතෘ විසින් 2008 ජනවාරි 10 දින ඔබේ ජීවිතය වෙනස් කරන තාක්ෂණයන් 10 ලෙස ඉදිරිපත් කළ තාක්ෂණයන් අද වන විට අපේක්ෂිත ප්‍රමාණය ද ඉක්මවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වී තිබේ. ඒවා කිහිපයක් පහත දැක්වේ.

1.      ජලකර වායු ආර්ථිකය (හයිඩ්‍රජන්)
ඛනිජ තෙල් සැපයුම්කරුවන්ගේ අනුකම්පාව දිනාගෙන විශාල ප්‍රමාණයෙන් ඛනිජ තෙල් ආනයනය කරනු වෙනුවට ජලය ජලකර වායුව බවට පත් කර දහන බල උත්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගැනීමට අවශ්‍ය තාක්ෂණය ලැබී තිබේ. ජලකර වායු දහනයේ එකම අතුරු ප්‍රතිඵලය ජලය වේ. කෙසේ වෙතත් ජලය ගබඩා කිරීමේ ගැටළුව ජයගත යුතුය. මේ නිසා ඛනිජ තෙල් ආර්ථිකය වෙනස් වී බිහිවන නව බලශක්ති ආර්ථිකයන් අතර ජලකර වායු ආර්ථිකය ප්‍රධාන තැනක් ගනු ඇත.


2.      ක්ලෝනින් වෛද්‍ය ප්‍රතිකර්ම
ක්ලෝනකරණය යටතේ පුද්ගලයකුගේ හෝ බැටළුවකුගේ සර්ව සම පිටපත් සෑදීම තවදුරටත් අවශ්‍ය නොවේ. ශරීරය ප්‍රතික්ෂේප නොකරන අවයව හෝ පටක කොටස් පිටපත් කිරීම ක්ලෝනකරණයේ  ප්‍රධාන අරමුණවේ. රෝගී වූ අවයව හෝ පටක වෙනුවට මෙම ක්ලෝනකරණයෙන් නිර්මාණය කළ ඒවායේ නිරෝගී පිටපත් ප්‍රතිස්ථාපනය කළ හැකිය. ඒ අනුව පිළිකා හෝ වෙනත් හානි වූ අවයව සහිත රෝගීන් සුවපත් කිරීමේ ක්ලෝන පිටපත් තාක්ෂණය, ඉදිරියේදී මිනිස් ජීවිත වලට සුවිශේෂී ලෙස බලපානු ඇත.

3.      පරිගණකයෙන් ත්‍රිමාණ මුද්‍රිත භාණ්ඩ නිෂ්පාදනය
ඔබට අවශ්‍ය භාණ්ඩය හෝ අමතර කොටස් ලබා ගැනීම සඳහා වෙළඳපොළට යෑමට ඉදිරියේදී අවශ්‍ය නොවනු ඇත. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන සැලැසුම් අන්තර්ජාලයෙන් භාගත කරගෙන හෝ ඔබ විසින්ම නිර්මාණය කර ඔබගේම පරිගණකයේ ත්‍රිමාණ මුද්‍රණය පහසුකම භාවිතයෙන් නිෂ්පාදනය කර ගත හැකිය.ඊලග අධියර ඔබගේ සැලසුම් හා නිර්මාණ අන්තර්ජාලය හරහා විකිණීම වේ. අඩුම වශයෙන් සෙල්ලම් බඩු, මුළුතැන්ගෙයි උපකරණ සහ විසිතුරු භාණ්ඩ මෙසේ ත්‍රිමාණ මුද්‍රණයෙන් නිෂ්පාදනය කළ හැකිවේ. ගෘහස්ත කර්මාන්ත ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් නවීකරණය වනු ඇත.
2008 ලිපියේ එසේ සඳහන් වුවද අද වන විට ත්‍රිමාණ මුද්‍රණය ආහාර පාන, යන්ත්‍ර සූත්‍ර, මිනිස් අවයව නිෂ්පාදනය කිරීම දක්වා දියුණු වී තිබේ.

උපුටා ගැනීම - 10 Technologies that will Transform your life by live science staff, January 10,2008

http://www.livescience.com/11368-10-technologies-transform-life.html

0 comments:

Post a Comment