????

Posted: April 24, 2015 in Uncategorized

පැරීසියට උඩින් නැගෙන
හිරු මඩලෙන් වහන් වෙලා
මුවා වෙලා ගියොත් හොදයි
මම ඔබ වෙත බොහෝ දුරයි
හිම වැටෙනා කාලය තුල
එපා සීත නොදැනෙන්නට
උණුසුම ඔබ ලග රැදෙන්න
එපා ඇයව දමා යන්න
බක් මාසේ නැකත් දාට
කිරිබත් මේසය හදන්න
අවුරුදු කුමරිය වීලා
ඔබෙ නිවසට සිරිය දෙන්න
ෂේන් ගගේ රල රුදුරුද
අයිෆල් කුලුනට නැංගද
මේවා ගැන දැනගන්නට
අපිටත් දවසක් ඒවිද
නොආවාට අහිතක් නෑ
හිත් රිදුමක් ඇත්තෙම නෑ
හිනාවෙලා ඉන්නවා නම්
කොතැන වුනත් ඔබ හැමදින
මට මොනවත් නැතත් කමක් නෑ

Leave a comment