Monday, January 19, 2015

Smart Helmet

යතුරුපැදි තාක්ශනයේ පෙරලියක්!



හැමදේම ස්මාර්ට් වෙන මේ කාලෙ හෙල්මටුත් ස්මාර්ට් වෙලා ඕං.මේ වැඩේ කරල තියෙන්නෙ Skully කියල සමාගමක්.මේකෙ නම AR-1 Skully .GPS,Bluetooth,music වෙබ් අඩවි වලට සම්බන්ධ වීම වැනි පහසුකම් රාශියක් මේ හරහා යතුරුපැදිකරුට සැපයෙනවා.යතුරු පැදිකරුට තමා ඉදිරියේ  අඩි 10ක දුරක් පැහදිලිව පෙනෙන පරිදිත් 180ක කෝනයකින් පසුපස සම්පූර්නයෙන් පෙනෙන පරිදිත් සවිකල Blind Spot වර්ගයේ Camera මේකෙ හයිකරල තියෙනව.මෙම හෙල්මටය වයිසරය මත ජල වාශ්ප බැදීමක් හෝ දූවිලි බැදීමක් සිදුවෙන්නෙ නම් නෑ.ඒ යොදාගෙන ඇති නැනෝ තාක්ශනය නිසා.ඒ වගේම රෑට පාරේ යතුරුපැදිය පදවන විට ඉදිරියෙන් එන වාහන Dim නොකලහම යතුරුපැදි කරුට ඉදිරිය නොපෙනී යාමත් ඒ නිසා ඔහු අපහසුතාවයට පත්වීමත් සාමන්ය හෙල්මට් භාවිතා කරන ඔබ අපි සැමට අත්විදීමට වෙන ඉරනමක්.මේ හෙල්මට් එක භාවිතා කරනකොට නම් එහෙම වෙන්නෑ.මොකද මෙහි තිබෙන Light Reducer තාක්ශනය නිසා.පොඩිම අවුලකට තියෙන්නෙ මේකෙ ගාන.මිල ඇමරිකන් ඩොලර් 1,399ක්.සෙල්ලම් නෑ නේ?  

No comments:

Post a Comment