Sunday, January 11, 2015

බයෝ ප්‍රින්ටින්! තීන්ත වෙනුවට සෛලත් කඩදාසි වෙනුවට සමත් යොදා ගෙන අවයව මුද්‍රණය කරයි




කොහොමද යාලුවනේ? මම නම් හොදින්. ඔයාලට කොහොමද? හරි හරි මම දන්නවා ඔයාලත් හොදින් කියලා. අද නම් මම ඔයාලට ගෙනාවේ පට්ටම පට්ට  post එකක්. මේකත් ඉතින් තාක්ශනයේ දියුනුවත් එක්ක මේ ලෝකෙට ඉපදුන එකක් තමයි.   මේකෙ නම බයෝ ප්‍රින්ටින්!      මේ post එකේ මාතෘකාවෙන්ම තේරෙන්න ඇතිනේ මම මොකක් ගැනද මේ කියන්න හදන්නේ කියලා.

කතා කලා අති දැන් කතාව කියන්නම් කෝ.

 ඔයාල දන්නවනේ ඉන්ජෙක්ට් ප්‍රින්ටරයකදී කඩදාසියක් මත මුද්‍රණය කරන්නේ තීන්ත විදීමෙන් කියලා. එහෙම වෙන්නේ තීන්ත විදීමේ රටාවත්, විදින තීන්ත වර්ගයත් මොනවාද කියා ඔයාලගේ කොම් එකෙන් දෙන විධාන  නිසා කියලා ඔයාල දන්නවානේ. ඒවගේම තමයි මේ අලුත් තාක්ශනයනුත් කරනේ. ඒත් පොඩි වෙනසක් තියෙනවා. ඒ තමයි තීන්ත වෙනුවට සෛලත් කඩදාසි වෙනුවට සමත් යොදා ගෙන අවයව "මුද්‍රණය" කරන්න පුලුවන් වීමයි. මේක හොයාගෙන තියෙන්නේ අමෙරිකානු පොරක්. එයා තමයි කෝනෙල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හොඩ් ලිප්සන් කියන සුද්දා.
              එයා මේ වියාපෘතිය නම් කරල තියෙන්නේ ' lab @ home '  කියලා. මේකත් 3D ඒ කියන්නේ ත්‍රමාන මුද්‍රණය යන්ත්‍රයක්.  මේක ලෝකෙට එලි දක්වන වෙලාවේ එයා කෘත්‍රම කනක්  මුද්‍රණය  කරලා ඒක සාර්තකව ජීවියෙකුට බද්ද කරලා පෙන්වලා තියෙනවා. මේකෙන් මුද්‍රණය කරන්නේ නොයෙක් බදාම මාදිලියේ රසායන ද්‍රවයයි. එහෙත් ස්වාභාවික කට්ලේජයක ගති ඇති සිලිකෝන් වර්ගයකින් ලු.

           
                                       මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලත් දැන ගන්න ඔයාල කැමති ඇති.                   ඉවසල ඉන්නකෝ.  මම ටික ටික ඔක්කොම  කියනකල්.
හම්මේ කරිම මහන්සී. මේ ටික ටයිප් කරලා. මම වතුර එකක් බීලා එන කල්  ඔහොම්ම ම  ඉන්නකෝ.
මම  වතුර එක බීලා එනකම් ඔයාලා මේ  බයෝ ප්‍රින්ටින් ගැන තියෙන  video එක බලන්නකෝ.







         ඔන්න මම වතුර එකක් බීලා ආවා. video එක බැලුවද? ඔයාලට එහෙනම් මම කියන්නේ මොකක්ද     කියලා තේරෙන්න ඇති.

        හිතන්නකෝ ඔයාව ගොඩාක් පිච්චුනා කියල. ඔයා ලග බයෝ ප්‍රින්ටරයක් තියෙනවනම් තුවාලය Scan කරලා තුවාලය වැහෙන්න හම මුද්‍රණය කරනවා. ඒකත් නිකන් ආවාට ගියාට නෙමෙයි  කරන්නේ තුවාලයේ ගැඹුර, හානි වී අති සම්බන්ධක පටලවල තත්ත්වය වගේ ඒවා  විශේශ පරිගනක වැඩසටහනක්  විසින් අවශය සෛල තෝරා දෙයි.  ඊට පස්සේ සාමන්‍ය විදිහට ඒ කියන්නේ සාමන්‍ය මුද්‍රණ යන්ත්‍රයකින්  මුද්‍රණය කරනවා හා සමානව අලුත් සමක් ද මුද්‍රණය කරන්න පුලුවන්. මේ ප්‍රින්ටරයේ නම බයෝප්‍රින්ටරයයි.                              

  එල-කිරි හරි ශෝක් !

         බයෝප්‍රින්ටරයෙන් අවයවයක් මුද්‍රණය කිරීමත් , ඒක  සිරුරට සම්බන්ද කිරීමත්, අජීවී චායාරූපයක් ප්‍රතිනිර්මානය කරනවාට වඩා බොහෝ සංකීර්ණය. වැරැද්දක් නම් උනොත් නම්  විනාසයි.  මිනිස් ජීවිත සමග ගනුදෙනු කල හැකි තරමට මේ  තාක්ශනය විශ්වාසනීයවෙන්න ඕනේ. මේ ඔක්කොම එක පාර කරන්න බෑනෙ. මේකෙ වැඩ ඉවර කරන්න තව කාලයක් යයි. දැන් පර්යේශන කරන වේගයෙන්, අනලස්ව ඒ වැඩ කරගෙන ගියොත්, තව අවුරුදු  20ක් යන කොට ඔයාලගේ ගෙදරටත් මේක සාමාන්‍ය උපකරනයක් වෙයි.

හරි ශෝක් නේද? ගෙදර වෙන තුවාල ඒ වෙලාවෙම හොද කර ගන්නත් පුලුවන් වෙයි. ඒ දවස එනකන් අපි නිහඩව බලාගෙන ඉමු.

               ලැබ් ඇට් හෝම් යනු අනාගතය වෙනස්කරන වෛද්‍ය  සම්ප්‍රදායයි.


0 comments:

Post a Comment