Thursday, January 15, 2015

Wi-Fi වල කාලෙ ඉවරයි. මෙන්න LI-Fi ඇවිල්ලා !!

Wi-Fi වල කාලෙ ඉවරයි. මෙන්න LI-Fi  ඇවිල්ලා !!
Wi-Fi වල කාලෙ ඉවරයි. මෙන්න LI-Fi  ඇවිල්ලා !! 

ඔයාලා වෙනුවෙන්ම හෙට ලෝකය ගැන සොයන මම ඔන්න අදත් අලුත් ම දෙයක් හොයාගෙන ආවා. 

එහෙනම් කෙලින්ම කතාවට බහිමු. 

පටාන් ගමු.

ප්‍රශ්නයක් අහලම Post එක පටන් ගන්නම් කෝ.

ඔයාලා එක තැනක ඉදන් තවත් තැනකට ඔයාල ලග තියෙන File , Video, Music වගේ ඒවා Wireless විදිහකට යවන්න පාවිචි කරන විදිය මොකක්ද?  එහෙමත් නැත්නම් High Speed Internet යන්න පාවිච්චි කරන Wireless විදිය මොකක්ද?  අනිවාර්යෙන් ඔයාල කියයි Wi-Fi  හරි Bluetooth හරි කියලා. 

සමහර වෙලාවට එපා වෙනවා නේද ලොකු  File එම යවන්න ගියාම. ඇත්තම කියන්නකෝ. 

මොකද කියන්නේ. අලුත් විදිහකට එකතු වෙමුද? 

හැබැයි දැන්මම නෙමෙයි. නුදුරු අනාගතයේදී. Ok? 

මේ ක්‍රමය තාම Testing. මේක අති සාර්තක වෙලා තියෙනවා.

ඈ!!

මොනවද  මම මේ කියන්නේ?
 මතෘකාවෙන් පිට යනව වගේ. හරි මම ඉක්මනට කියන්නම් කෝ. 

අද මම කියන්න කියලා හිතාගෙන ආවේ Wi-Fi  වගේ දෙයක් ගැන. ඒත් Wi-Fi  ගැන නම් නෙමෙයි  හරිද?
මේකෙ නම  LI-Fi . මේකේ නම Wi-Fi වගේමයි  නේද? Hikz....


LI-Fi  වලදිත්  Wi-Fi  වල වෙන දේමයි  වෙන්නේ.  ඒත් තාක්ශනයයි ගන්න පුලුවන් වේගයයි ගොඩක් වැඩී.

LI-Fi  වැඩ කරන්න ඕන වෙන්නේ පහල රූපයේ තියෙනවා වගේ LED බල්බ් එකක් විතරයි. පුදුමයි නේද?


LI-Fi LED BULB
LI-Fi LED BULB 


ම්ම්ම්ම්ම්ම්............

බැලූ බැල්මට සාමාන්‍ය LED බල්බ් එකක් වගේ. ඒත් මේ බ්ල්බ් එක වැඩ කරන විදිය වෙනස්. 
වෙනස මොකක්ද කියලා මේක දිගටම කියවාගෙන යන කොට තේරෙයි ඔයාලට.
 හරිද? 


මේකත් ගෙදර එලිය කරන්න පාවිචි කරන LED බල්බ් එකක් ම තමයි. ඒත් මේ බල්බ් එකට පොඩී මයික්‍රෝ චිපයක් (Micro Chip )  හයි කරල හියෙන්නේ. ඒක නිසා මේ බල්බ් එක හරියටම ඔයාල ගොඩ දෙනෙක්  Internet එන්න පාවිචි කරන රවුටර් එකක් විදිහට වැඩ කරනවා.
මේ අලුත් තාක්ශනය හදුන්වන නමට තමයි LI-Fi ( LI-Fi - light fidelity) කියලා කියන්නේ. 
දැන් තේරුනා  නේද? 

මේ පට්ටම පට්ට ක්‍රමය හොයාගත්තේ ජර්මානු ජාතික හැරල්ඩ් හෑස් කියලා සුදු මහත්තයෙක්. එයා මහා බ්‍රිතාන්‍යයේ එඩින් බරෝ විශ්වවිද්‍යලයේ ඩිජිටල් සන්නිවේදනය පිලිබද මහාචාර්‍ය වරයෙක්.

ජර්මානු ජාතික හැරල්ඩ් හෑස්
ජර්මානු ජාතික හැරල්ඩ් හෑස් පර්යේශන කරමින් 


අම්මෝ අතත් රිදෙනවා මේ ටික ටයිප් කරලා. LI-Fi ගැන තියෙන Video එකක් හම්බු උනා. ඒකත් බලලා මම මේ කියන්න හදන දේ ගැන පොඩි අවබෝදයක් ගන්නකෝ.




තව එකක් හම්බු උනා. ඒකත් බලන්නකෝ.





මරු නේද? ඔයාලට Video එක බැලුවනම් එහෙම හිතෙයි.

හරි එහෙනම් දැන් අපි මේක වැඩ කරන හැටි ගැන පොඩී අවබෝදයක් ගමුකෝ.

මේක වැඩ කරන්නේ මූලික වශනයෙන් බයිනරි ක්‍රමයක් පාවිච්චි කරලා. දැන් ඔයාලට එන ප්‍රශ්ණය තමයි බයිනරි කියන්නේ මොකක්ද කියලා.

බයිනරි කියන්නේ 1 සහ 0 විතරක් තියෙන පරිගනක භාශාවක්. අපි උදාහරනයක් ගමු. 
බල්බ් එක පත්තුවෙන කොට ඒකෙන් 1 කියලා කියනවා. බල්බ් එක නිවුනම 0 කියල  කියනවා. මේ ක්‍රමයට ඕනම දෙයක් ගැන තොරතුරක් දක්වන්න පුලුවන්. Numbers පෙන්වන හැටි ගැන පහල පින්තූරෙන් ඔයාලට පොඩී අවබෝදයක් ගන්න පුලුවන් වෙයි.


බයිනරි  Number  ක්‍රමය.
බයිනරි  Number  ක්‍රමය.
  ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..............

දැන් ඔයාලට පැහැදිලි එති කොහොම්ද මේක වැඩ කරන්නේ කියලා. තව පොඩී දෙයක් තියෙනවා තේරුම් ගන්න. මම අර කලින් කිවුව මයික්‍රො චිප් එකෙන් තමයි මේක දැල් වෙන එක හරි නිවෙන එක හරි පාලනය කරන්නේ. ඒ තොරතුර පරිගනක මූලික උපකරනයකයකට පහසුවෙන්ම හදුනා ගන්නත් පුලුවන්. බල්බය මගින් එන තොරතුරු හදුනා ගත්තා කියන්නේ බඩුම තමයි, ඒ කිවුවේ Wi-Fi අහු උනා වගේ තමයි. හැබයි මේක  LI-Fi !!!

මේක වැඩ කරන හැටි ගැන සම්පූර්න විස්තරයක් මේ විදියට කියන්නම්කෝ.

මේ ක්‍රමේදී අන්තර්ජාලයට සම්බන්දය දෙන කේබල් එකකුයි විදුලි බලය ලබාඩෙන කේබල් එකකුයි විශේශ උපකරනයකට ( Transceiver ) සම්බන්ද කරනවා.  ඒකෙන් එලියට එන්නේ විදුලිය සමග දත්තද ඇති කේබලයක්.  LED බල්බ් එක මේකට හයි කරනවා. ඒකෙන් එලියට එන්නේ දත්තත් එක්ක ආලෝකය යි. 
මේ ආලෝකය විශේශ සන්වේදක උපකරනයකට වැටෙන්න සලස්වනවා.
එතැනින් සම්ප්‍රේශනය වෙන දත්ත, Wireless ඩොන්ගලයක් හරහා හෝ ජන්ගම උපකරනයක් නම් (  Tab, Smart Phone වගේ එවා ) මගින් කියවා ගන්න පුලුවන්. ඒක නිසා එලිය වැටෙන ඕනම තැනකදී අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පුලුවන් ලොවක් හදන්න Li-Fi තාක්ශනයට පුලුවන් කියලා දැන් ඔයාලට පැහෙදිලි ඇති.

Li-Fi On Room
Li-Fi On Room
බල්බ් එක නිවෙන පත්තුවෙන වේගය අනුව මේකෙන් ලබාගන්නා පුලුවන් වේගය තීරනය වෙනවා කියලා දැන් ඔයාලට පැහැදිලි ඇති.දැනට පාව්චි කරන සාමන්‍ය LED බල්බයක් වුවද තප්පරයෙන් දශ ලක්ශයෙන් පන්ගුවක් දක්වා අඩු කරන්න පුලුවන්. ඒකෙන් උපදින වේගය 10Gbps විතර වෙනවලු. මේ වේගයෙන් Full HD Movie එකක් Download කරගන්න යන්නේ විනාඩි බාගයක් විතරයි.


ආ..... අමතක උනා. ඔක්කොම කිඋවා. මේක 


දැන් අපි බලමු මේක ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුලුවන්ද කියලා. 

සාමාන්‍ය LED බල්බයකින් මේ ආකාරයට තොරතුරු හුවමාරු කරන්නට  එහි පරිපතයේ වෙනසක් කල යුතුය. ඒ සදහා දැනට තිබෙන පරිපතයටම කුඩා ඉලෙක්ට්‍රොනික  උපාන්ගයක් සවි කර එය දත්ත විමෝචනය කරන්නක් බවට පරිවර්තනය කර වන්නට පුලුවන්. ඒ බල්බය කුමන හෝ සාමන්‍ය හෝල්ඩරයකට සම්බන්ද කර එයින් නික්මෙන ආලෝකය හදුනා ගත හැකී රිසීවරයකට සම්බන්ද කරයි.. අපි හිතමු ඒක ප්‍රොජෙක්ටරයකට සම්බන්ද කලා කියලා. ප්‍රොජෙක්ටරයෙන් බල්බය තුලින් එන තොරතුරු පෙන්වනවා. දැනට මේ ක්‍රමයෙන්  ලබාගෙන ඇති උපරිම වේගය 500Mbps විතර වෙනවලු. මේක 10Gbps දක්වා වර්දනය කරන්න පුලුවන්. 

ඔයාලා දන්නවනේ දැනට තියෙන 4G තාක්ශනයෙනුත් ලබා ගන්න පුලුවන් උපරිම වේගය 100Mbps  වෙනවා කියලා. පිට රටකනම් මේක 20-50Mbps  විතර ස්පීඩ් එකක් ගන්න පුලුවන්. ඒත් ලන්කාවේ දී ගන්න පුලුවන් වේගය ගැන දන්නෝ දනිති.
 මේ අනුව Li-Fi වලදී ගන්න පුලුවන් වේගය අදිවේගයක් කියලා පැහැදිලි ඇති. 


Li-Fi වල වාසි ගොඩාක් තියෙනවා. 1ක් 2ක් කියන්නම්කෝ. ඔයාලට දැන් මේක කියවලාම එපා වෙලා ඇති.

Wi-Fi මෙන් නොව ආලෝකයේ වේගය විශාල බැවින් Li-Fi වල දී Wi-Fi ජාලයකට වඩා දහස් ගුනයකින් බලවත් වෙනවා. ඒ වගේම දෘශ්‍ය ආලෝකය පාවිච්චි කරන නිසා බාවිතය ලේසී. ඒවගේම ගොඩාක් ලාබදායකයි. ඒවගේම මේක ගොඩාක් කාර්‍යක්ශමයි.

අනාගතයේදී දවසක් එයි LED බල්බ් වලින් මුලු ලොවම තොරතුරු හුවමාරු කර ගන්න.  එදිනට මේ තාක්ශනය හොයා ගත්ත හැරල්ඩ් හෑන්ස්  ලෝක පූජිත වෙනු ඇත. ඒ ලොව ලාබදායකම සහ කාර්‍යක්ශම ම තොරතුරු සන්නිවේදන තාක්ශනය සොයා ගත් තැනැත්තා වශයෙනි.




2 comments:

  1. අපෝ මහ චොර බ්ලොග් එකක්නේ බන්
    ෂිට්.. ගූ ගොඩක්!

    ReplyDelete
  2. පහලින් ඒ සයිට් එක හරිම චොර ස්යිට් එකක් කියලා කොමෙන්ට් කලේ කවුරු උනත් කමක් නෑ. ඒත් මේකත් මතක තියා ගන්න. කියන්න ඩෙයක් තියෙනවනම් කෙලින්ම කියන්න.anonymous විඩිහට කියන්නේ නැතුව. ඔයා අනිවාර්‍යයෙන් බ්ලොග් එකක් කරන අසහනකාර හෙන හොරෙක් වෙන්න ඇති. ඔයාට ගොඩක් රිඩෙන්න ඇති මේ බ්ලොග් එක කොප්යි කරන්න බැරි බව දැන ගෙන. මේක කොහොම හරි ක්‍රමයක් හොයාගෙන Copy කරොත් අනිවාර්‍යයෙන් Google එකට Complene කරනවා. මේ සයිට් එකට මම ම තමයි ලිපි ලියන්නේ. ලන්කාවේ පලවෙනි වතාවට තමයි මේකෙ තියෙන සමහර ලිපි පලවෙන්නේ. ගොඩක් අය මගේ බ්ලොග් එකෙන් Copy කරපු නිසා තමයි Copy කරන්න බැරි කරේ. Admin ----: http://djjanithnilan.blogspot.com

    ReplyDelete