නොලැබුනත් මට

නොලැබුනත් මට නුඹේ උණුහුම
දුරින් සිට හෝ දකිමි නුඹෙ සැම
දිනක් වේ නම් ලැබෙන සැනසුම
ලංව නුඹ හට කරන්නට පෙම

දුටිමි නුඹෙ රුව කලක් ගතවිද
වෙනස් වී නැත පළමු දින සිට
නුඹෙ නුවන් නා කොපුල් ලවනද
විඳින්නට ස්පර්ෂයෙන් මා අත

අහිංසක ඒ නුවන් යුග පිරි
මුව පොවුන් මෙන් පිරී තිබු සිරි
එ'මේ අත දුව පැනපු නුඹ සරි
සොරා ගත්තා මහද හරි හරි

දොඩන්නට බස් පොරොත්තුව සිටි
පතන්නට සුභ පැතුම් අටියෙනි
පිළිතුරක් ලද සැනින් නුඹගෙනි
දොඩනු වස් මා අවධි වූයෙමි

අතට අත දී වදන් තෙපුලන
දිනක් නුදුරේ උදා වන්නෙද
එතෙක් මා මග බලා සිටිනෙමි
නුඹෙන් වදනක් ලැබෙන තුරු යලි

Comments

  1. පලක් නෑ සිතලා ගිය දේ
    වැඩක් නෑ මතකෙට පෙර දේ
    අමතක කර පෙර වූ දේ
    අප ඉදිරිය වෙත යා යුතු වේ..

    ReplyDelete
  2. ලස්සන පද ගැලපීමක්

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.