මෙය මා ඇසු දුටු සත්‍ය අත්දැකීමක් ඇසුරෙන් ලියන ලද්දකි. ඔහු මිලියනපතියෙකි..
මිහිරියේ...මා සිත හඬනා සුසුමන් දුටුවෙ ද..
තුරුණු මදෙන් සිත කැලතුන මොහොතක
පිපුණු මලෙන් රොන් ගිලගත් අඳුරේ
ඔබ සිත හඬනා සුසුමන් දුටු සඳ..
පසුතැවු මා හද හැඩුමන් දුටුවෙ ද
මිහිරියේ...මා සිත හඬනා සුසුමන් දුටුවෙ ද..
දහස් පියලි අත ගැවසෙන රිසියෙන..
බමණ මතින් හිස පිරිහුණු යුගයේ
තොර කල අන් දිවි දැකුමෙන් වියරුව
පසුතැවු මා හද හැඩුමන් දුටුවෙ ද
මිහිරියේ...මා සිත හඬනා සුසුමන් දුටුවෙ ද..
සෑම සිරින් පිරිපුන් අද දිනයෙක..
සහස් පියලි අසරණ වූ ඒ මොහොතේ
පිපුණු බිලිඳු මල මිලිනව යනු දැක
පසුතැවු මා හද හැඩුමන් දුටුවෙ ද
මිහිරියේ...මා සිත හඬනා සුසුමන් දුටුවෙ ද..
හැමදාම කවි ලිව්වට සින්දුවක් විදිහට දැනෙන දෙයක් ලියවුනු පලවෙනි වතාවදත් මන්දා...මම මේ කලාව ගැන ඒ තරම් දන්නෙ නැති වුනත්...මේකේ ලස්සනක් තියෙන බවක් නම් දැනෙනවා...සින්දුවකට ගැලපෙන අදහසකුත් තියෙන එකේ ඒ වෙනුවෙන් පොඩි උත්සාහයක් ගත්තොත් නරකයිද?
ReplyDeleteගැඹුරු අදහසක් මතුපිටින් අතගෑමක් වගෙයි මට දැනෙන්නෙ. ගීයකට හොඳයි තමයි. තනුවක් දම්මවගන්න බලන්න...
ReplyDelete