සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

මුදුන් වෙයි හිරු කිරණ
මාදු ගං කොමළිය මතට
හමන මද පවන යට
අපි ඔරුව මත තුටින......

වියළි අහසට ඔරවමින
ඇදෙයි ඔරු කඳ සෙමින
කවට කෙළි සිනා බස මුසු
අපේ මුළු බර දරන්...... 

එහෙන් කරදිය රළයි
මෙහෙන් මිරිදිය රැලයි
කඩොලාන පසුබිමයි
අපේ සිත් තුටු කරයි.......

යන්තරේ සියුමැලිය
හඩ ටිකක් ගොරහැඩිය
පදින අත් හැඩි දැඩි
අපට වින්දනයක් ගෙනෙන......

මිහිර නම් උපරිමයි
වෙහෙස නම් එහෙම මයි
ජීවිතය ජය ගන්න
හෙළන දහදිය මුතු වගෙයි.......

එකින් එක අත්ත ගෙන
කුරුටු හැර රත් කරන
පිහි තුඩින් පොතු ගැහෙන
කුරුඳු සුවඳින් පිරිණ......

හිරු අවරේ සැගව යන
වලාවෙන් හැඩ වැටුණ
අහස දෙස නෙත් යොමන
මට සිතුනි  පාවෙන්න......

පුංචි කරදහියක එතුණ
මල් කිනිත්තක දුමින
පා වෙලා ගිය නිතින
සිතින් අප තව එතැන 


29 comments:

  1. ෂා...... කලකට පස්සේ නලින් අයියා වේලකට බැහැලා වගේ ආ..... වේලට නෙවි ගගකට

    ReplyDelete
    Replies
    1. කම්මැලිකම හන්දා බ්ලොග අතැරිලා යනවා...ඒ වගේම සකබරයා ලින්ක් දාන්න දෙන්නේත් නෑ අෆ්ෆා... එපා වෙනවා එතකොට...

      Delete
  2. ඇවිත් නෑවිත් බලන
    හැම දනා තුටු කරන
    කඩොලාන මැද ගැයෙන
    දකුණු දිග දිවි ගීය..

    ReplyDelete
    Replies
    1. හිතට වැදුණා ඒ දිවිය

      Delete
  3. මාදු ගගේ ඔරු පැදපු හැටි මතක් වුනා... අපූරු පද වැල් ටිකක්.

    ReplyDelete
    Replies
    1. ඔයා බලපිටිය පැත්තෙද?

      Delete
    2. අනේ නෑ. ට්‍රිප් එකක් ගිය වෙලාවක.

      Delete
  4. මගෙත් එක සිහිනයක් මාදු ගඟේ දූපතක රැයක් ගතකිරීම. අපි ආයෙත් යමුද නලීන්. ඔයා තමයි නඩේ ගුරා. අනික් කට්ටිය කවුද කියලා දන්නවනේ.

    ReplyDelete
    Replies
    1. අනිවා යමු අපේ සෙට් එකත් එක්ක හොද ෆන් එකක් ගන්න හැකියි.....

      Delete
  5. ඇති යංතං අපිවත් මතක්වෙලා තියෙන්නේ

    ReplyDelete
  6. හම්මේ නලින් අයියා දැක්ක කල්

    ReplyDelete
  7. ලස්සන සංචාරක සටහනක් කතාවක් වගේ කියවන්න හිතාගෙන ආවෙ. කමක් නෑ, කවියත් ඉස්තරම්. අන්න විඳිනවනම් ජීවිතේ.

    ReplyDelete
  8. වතුරේ ගිලෙමින්... සෙලවෙන වතුරට සඳ රැස් වැටිලා දිලිහෙන හැටි... මල් සුවඳ විඳිමින්... වතුරෙම ඉඳන් අත්විඳිනකොට.... ම්ම්ම්හ්හ්....
    //සිතින් අපි තව එතන// තමා..
    (ඔබේ අත්දැකීම් බෙදා හදාගෙන මතක ගුහා ඇවිස්සුවාට තුති..)

    ReplyDelete
  9. අපි දන්නවානේ ඔයා ආතල් බුවා කියලා..

    ReplyDelete
  10. මාදු ගඟේ ගියාද? අපේ උන්දැගෙ ගම් පලාත. මේ හරියෙ යනකොට නම් ලොකෙම අමතකයි සුන්දරත්වයට.

    ReplyDelete
  11. සුකොමළය මාදු ගඟ
    මතක අවදිව නැගෙන
    තවම මතකෙන් ඇසේ
    පකුල් හඬ 'ලැප්' නදින...

    ප.ලි. පකුල යනු ඔරු තල්ලේ වදින සිහින් රළය. විලියම් බට්ලර් යීට්ස් ගේ 'ලේක් අයිල් ඔෆ් ඉනිස්ෆ්‍රී' කවියේ ආභාසයෙනි.

    ReplyDelete
  12. හුඟ කාලෙකින් සමකය වටේ ගියේ...

    ReplyDelete
  13. අප්පටසිරි, මම හිතුවා බුකියේ දැක්ක ෆොටෝ සෙට් එක හන්දා ගිය ට්‍රිපක් ගැන විස්තර්යක් කියලා.. බැලින්නම් කයියෙන්ම ට්‍රිප් එකේ විස්තරේ ගොඩ දාලනේ.. මරු මරු..

    ReplyDelete
  14. ඔය ෆොටෝ දෙක ගත්තෙත් පොල්ලෙන්ද ?

    ReplyDelete
  15. නලියා.............. පහුගිය ටිකේම ලියන්නැතිව හිටපු ඒක ගැන අපේ කණගාටුව... මචං ඔබ වැන්නන් බ්ලොග්කරණයෙන් අෑත් වීම මහා පාලුවක්..... නලියා දිගට ම ලියමු... මේ තියෙන්නේ උඹේ සමස්ථ හැකියාවම නෙමෙයි... ඒක මීට වඩා ගොඩාක් ඒහා.... කවි ටික නම් පංකාදුයි.....

    ReplyDelete
  16. නලින් මල්ලි අපි කළුද අපිට කතා නොදාන්නෙ ?

    ReplyDelete
  17. මචංලා මට උත්තර ලියන්න බෑ ඇඩෙනවා බං සිරාවටම....

    ReplyDelete
  18. මාදු ගඟ ඉතාම සුන්දර ස්ථානයක්. රැයක් ගත කරන්න නම් ආසයි. බලමු වෙලාවක. නලින් ආපහු ලියන්න පටන් ගත්ත එකේ දිගටම ලියමු.

    ReplyDelete
  19. නලින් මල්ලි අපි කළුද අපිට කතා නොදාන්නෙ x2

    ReplyDelete
  20. කුරුඳු සේ පොතු අරිනු හැකිද
    අඳුරු ජීවිතයේ දුකම විතරද
    පඳුරු කඩොලානේ පාළුද
    මාදු කොමළිට හාදු දෙන්නද

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT