Skip to main content

එඞ්ගාර් කේසි - වර්ජිනියා වෙරළේ ප‍්‍රාතිහාර්යකාරයා

බුදුන්වහන්සේගේ දේශනාවේ මැරුණු සත්ත්ව වර්ගයා සසර සැරි සරන බව දැක්වුව ද ලොව ඇති වෙනත් ආගම්හි මෙවැනි දෙයක් පිළිගන්නේ නැත. විශේෂයෙන්ම යුරෝපීයයෝ යළි ඉපදීමක් ගැන විශ්වාසයක් තබන්නේ නැත.

(එඞ්ගාර් කේසි)

එවන් ලෝකයක යළි යළිත් ඉපදීම පිළිබඳ මහත් වූ ආන්දෝලනාත්මක සිදුවීම් මාලාවක් විස්තර කරන්නෙකි එඞ්ගාර් කේසි.

එඞ්ගාර් කේසි මෙලොව එළිය දුටුවේ 1877 දී කෙන්ටකිහි හොප්කින්ස්විල් නම් ගම්මානයේය. දුප්පත් ගොවි පවුලක උපන් ඔහුට වැඩිදුර අධ්‍යාපනයක් ලබන්නට හැකියාවක් ලැබුණේ නැත. යන්තම් නම වැනි ශ්‍රේණිය දක්වා උගත් එඞ්ගාර් කේසි ගොවිතැනට හුරු කරන්නට ඔහුගේ මාපියන් කොතෙක් උත්සාහ ගත්ත ද එය ව්‍යර්ථ වූයේ කේසි නගරයට යාමෙනි. අනතුරුව පොත් සාප්පුවක ලියන්නකු ලෙස සේවය කළ කේසි රක්ෂණ සමාගමක වෙළෙඳ නියෝජිතයකු ලෙස කටයුතු කරන්නට වූවේය.


තරුණ වියේදීම කේසි බලාපොරොත්තු නොවූ අකරතැබ්බකට මුහුණ දුන්නේ හඩ පිට නොවීමේ රෝගයකින් පෙළීමෙනි. විටෙක ගොරෝසු හඩක් පිටකරන කේසිට තවත් විටෙක කිසිදු හඩක් පිටකිරීමට නොහැකි වෙයි. මේ රෝගයට කොතෙක් ප‍්‍රතිකාර ගත්ත ද එයින් ප‍්‍රතිඵලයක් අත්වූයේ නැත. රෝගයට ප‍්‍රතිකාර අපේක්ෂාවෙන් වෛද්‍යවරු ගණනාවක් සොයා ගිය ද අවසානයේ සිදුවූයේ බලාපොරොත්තු කඩවීම පමණි. මේ නිසාම ඔහුට තම කාර්යයන් කරගෙන යාම පවා අපහසු විය. ඒ නිසාම තම සේවයෙන් සමුගත් කේසි අවසානයේ ඡායාරූප ශිල්පියකුගේ සහායකයකු ලෙස එක්වූයේ ඒ සඳහා කට හඩ අවශ්‍ය නොවන බැවිනි.


මේ අලූත් වෘත්තිය කරගෙන යන අතරතුර දී ඔහු සිටි නගරයට අමුත්තකු පැමිණියේය. ඒ විනෝද කී‍්‍රඩකයකු මෙන්ම මෝහන නිද්‍රාව ප‍්‍රගුණ කළ හාට් නම් පුද්ගලයෙකි. මේ අමුත්තා නගරයේ දී කේසි හමුවූ අවස්ථාවක දී මෝහන නිද්‍රාව උපයෝගී කරගනිමින් ඔහුගේ රෝගය සුව කළ හැකිදැයි උත්සාහ කිරීමට තමන් කැමති බව කීවේය.


තමන්ට කරන්නට කිසිදු දෙයක් නොවුනෙන් තම රෝගය සුවකැර ගැනීම සඳහා ගත හැකි අවසන් තුරුම්පුව වූ මේ අවස්ථාවට මුහුණ දීමට කේසි ඉටාගත්තේය. අවසානයේ කේසි නිද්‍රාවට භාජන කැරිණි. කේසි නිද්‍රාවට යොමු කරන අවස්ථාවේ ලේන් නම් පුද්ගලයෙක් ද බලා සිටියේය. ඔහු ද ඒ වනවිටත් මෝහ නිද්‍රාව ප‍්‍රගුණ කරමින් සිටි තැනැත්තෙකි. හාට් මෝහ නිද්‍රාව උපයෝගී කරගනිමින් එඞ්ගාර් කේසිගේ රෝගයේ අක්මුල් සොයා යාමට උත්සාහ ගත්ත ද එයින් ප‍්‍රතිඵලයක් අත්වූයේ නැත. නමුත් ලේන් කේසිගෙන් ඉල්ලා සිටියේ තමන් සමග එක්ව නිද්‍රාවට පත්ව මේ සඳහා තවත් උත්සාහයක් යොදන ලෙසයි.


ලේන්ගේ සිතේ වෙනත් අදහසක් තිබෙන්නට ඇත. ලේන්ගේ පෙරැත්තය නිසාම කේසි මේ දෙවැනි උත්සාහය සඳහා ද එකග වූවේය.


ලෙන් ක‍්‍රමයෙන් කේසි මෝහ නිද්‍රාවට පත් කළේය. අනතුරුව ඔහු කළේ නිද්‍රාවේ සිටි කේසිට ඔහුගේ රෝග ස්වභාවය විස්තර කරන්නට යැයි යෝජනා කිරීමයි. මෙතෙක් කතා කිරීමට නොහැකිව සිටි කේසි කතා කරන්නට වූවේය. ටිකෙන් ටික තම හ`ඩ අවදි කළ කේසි තමන්ගේ රෝග ස්වභාවය විස්තර කරන්නට වූයේ එතැන සිටි ඔහුගේ හිතවතුන් පවා මවිත කරමිනි. සාමාන්‍ය තත්ත්වයේ දී කථා කළ නොහැකිව සිටි කේසි කියා සිටියේ පුදුම කථාවකි.


‘‘සාමාන්‍ය තත්ත්වයේ දී කථා කළ නොහැකිව ඇත්තේ ස්නායු දුර්වලතාවක් හේතුවෙන් ස්වර රජ්ජුන්ගේ පිටුපස ඇති පේශි අඩක් අකි‍්‍රයවීම හේතුවෙනි. මේ නිසා කායිකව රෝගී තත්වයක් ඇතිවී තිබේ.

නිද්‍රාවේ පසුවෙද්දී රෝගය වැළැඳී ඇති ස්ථානයන්ට ලේ ගමන් කරනු ඇතැයි යෝජනා කිරීමෙන් මේ රෝග තත්ත්වය ඉවත් කළ හැකිවනු ඇත.’’ මේ කථාව කීවේ කේසි විසිනි. එයට වහාම කි‍්‍රයාත්මක වූ ලේන්, කේසිගේ ස්වර රජ්ජුවලට ලේ ගමන් කිරීමේ දුර්වලතාව මග හැරී යනු ඇතැයි ද, එයින් මේ අපහසුතාව ඉවත්වනු ඇතැයි ද කේසිට යෝජනා කළේය.


විනාඩි කිහිපයක් ගතවිය. නිද්‍රාවේ පසුවූ මිනිසා යළි මෙසේ කීවේය. ‘‘දැන් සියල්ල හරි. රුධිර ගමනය නිසි පරිදි සිදුවනවා. ලේ ගමන ප‍්‍රකෘති තත්ත්වයට පත්වන්නටත් ඉන්පසු නැගිටින්නටත් යෝජනා කරන්න.’’ කේසිගේ මේ විධානය අනුව ද ලේන් කි‍්‍රයාත්මක වූවේය. නින්දෙන් පිබිදුණු කේසි සාමාන්‍ය තත්ත්වයෙන් කතා කරන්නට වූවේය. නමුත් වරින් වර ඔහුට මේ රෝගය යළි යළිත් වැළඳුනේය. ඒ සෑම අවස්ථාවකදීම ලේන් ලේ ගමනාගමනය නිසි පරිදි සිදුවන්නට යැයි කියා උපදෙස් දෙයි. එවිට කේසි යළි සාමාන්‍ය පරිදි කථා කරන්නට පටන් ගනී.


ලේන් සිටියේ ද කලක පටන් පවතින උදර රෝගයකින් පීඩා විඳිමිනි. මේ රෝගයට පිළියම් සෙවීම සඳහා ලේන් කේසිගේ සහය පැතුවේය. නමුත් මෙහිදී ලේන් කළේ සාමාන්‍යයෙන් කරන දෙයක් නොවේ. රෝගය ඇති තමන් වෙනුවෙන් කේසි නිද්‍රාවට භාජනය කිරීමයි. ඒ අනුව නිද්‍රාවේදී කේසි ලේන්ගේ ශරීර තත්ත්වය විස්තර කරමින් ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමයක් ද යෝජනා කළේය. මේ ප‍්‍රතිකාර ක‍්‍රමය ලේන් අත්හදා බැලූවේ කිසිදු පැකිලීමකින් තොරවය. අවසානයේ දී කේසි ජයගෙන තිබිණි. ප‍්‍රතිකාර ආරම්භ කොට සති කිහිපයකින් ලේන්ගේ උදරාබාධය සුව අතට හැරුණි.


කේසි මේ වනවිට කි‍්‍රස්තුස් වහන්සේගේ අනුගාමිකයකු බවට පත්ව සිටියේය. ඔහුගේ අපේක්ෂාව වූයේ ආගමික දේශකයකු වීමයි. එහෙත් ඔහුට අන්‍යයන් සුවපත් කිරීමේ හැකියාව ලැබී ඇතැයි ලේන් පෙන්වා දෙන්නට වූවේය. ලේන්ගේ පෙරැත්තය ප‍්‍රබල වෙමින් තිබිණි. අවසානයේ මේ ගැන සොයා බලන්නට ඔහු නොයෙක් ග‍්‍රන්ථ කියවුව ද අගක් මුලක් සොයාගත නොහැකි විය. අවසානයේ කේසි ලේන්ගේ ඉල්ලීමට එකගවූයේ මෙය පරීක්ෂණයක් වශයෙන් පමණක් සිදුකිරීමට කැමති බවත් කිසිසේත්ම තම සේවය වෙනුවෙන් මුදලක් නොගන්නා බවත් පවසමිනි.


මෙය පර්යේෂණයක් වූ බැවින් නිද්‍රාවේදී කේසි කියන දේ සටහන් කරගන්නට විය. ඔවුන් මෙලෙස සටහන් තබා ඇති පිටපත්වලට කේසිගේ පුනරුත්පත්ති සටහනින් නම තබා තිබේ. කේසිගේ මේ කියැවීම් දිනෙන් දින ජනපි‍්‍රය වන්නට විය. මේ අතර ඔහු විස්මිත ඇදහිය නොහැකි කියවීම් පිළිබඳ සටහන් තබා තිබේ. දිනක් කේසිට ලැබුණු පණිවිඩයකින් කියවුණේ දැරියක පිළිබඳ තොරතුරකි. පස් හැවිරිදි වියේ පසුවන මෙම දැරිය වසර තුනක කාලයක සිට මොළයේ අසාමාන්‍ය රෝගයකින් පෙළෙන බවත් එම කාලයේ සිට මනස නිසි පරිදි නොවැඩෙන බවත් මෙය ආරම්භ වූයේ සෙම්ප‍්‍රතිශ්‍යාවකින් පසුව බවත් කේසිට ලැබුණු තොරතුරු විය.


මේ දැරිය පිළිබඳ සොයා බැලීමට කේසි තීරණය කළේය. ඒ අනුව ඔහු එහි ගියේ ලේන් සහ සිය යතුරු ලියන්නා ද සමගිනි. වසර තුනකට පෙර සෑදුණු සෙම්ප‍්‍රතිශ්‍යාවකින් පසු දැරිය මේ තත්ත්වයට පත්ව තිබේ. මාපියන් පවසන්නේ මේ දැරිය රැගෙන හැකිතාක් විශේෂඥ වෛද්‍යවරුන් හමුවට ගිය බවත් ඒ කිසිදු වෛද්‍යවරයකු මේ රෝගය නිසි පරිදි හඳුනා ගැනීමට අපොහොසත් වූ බවත් කේසි දැන ගත්තේය.


දුප්පත් ගොවියකුගේ පුතකු වන කේසි වෛද්‍යවරුන්ට පවා සුව කළ නොහැකි යැයි කියා තිබූ මේ දැරිය සුවපත් කරන්නේ කෙසේදැයි කාගේත් අවධානයට ලක්ව තිබිණි. වෛද්‍යවරු කියා සිටියේ මේ රෝගය මාරාන්තික බවයි. නිතර නිතර වෙව්ලීමෙන් පීඩා විඳි දැරිය මරණාසන්නව සිටින බව පැවසූ වෛද්‍ය විශේෂඥයන් කියා සිටියේ දැරිය නිවසට ගෙනගොස් කැමැත්තක් කරගන්නා ලෙසයි.


දැරිය නිවසට රැගෙන ගිය පසු එඞ්ගාර් කේසිගේ හැකියාව පිළිබඳ දැනගත් මාපියෝ ඔහුට ආරාධනා කළහ. දැරියගේ නිවසටම කේසි ගියේය. ඒ ලේන් ද සමගිනි. ලේන් යෝජනාව කළේය. අනතුරුව කේසි කියන දේ වචනයෙන් වචනය සටහන් කළේය. කේසි කියා සිටියේ සෙම්ප‍්‍රතිශ්‍යාව වැළඳීමට ටික දිනකට පෙර දැරිය වාහනයකින් වැටී ඇති බවයි. මේ වැටීමෙන් තැලූණු ස්ථානයේ සෙම්ප‍්‍රතිශ්‍යාවට හේතු වන විෂබීජයක් තැන්පත්ව ඇති බැවින් වෙව්ලීම සිදුවන බවත් කේසි කියා සිටියේය. මේ සඳහා සුදුසු ප‍්‍රතිකාර ද කේසි පැවසීය.


දැරිය වාහනයකින් වැටුණු බව ඇගේ මව කීවාය. බාහිරින් කිසිදු තුවාලයක් පෙනෙන්නට නොමැති බැවින් ඒ ගැන වැඩි අවධානයක් යොමු නොවූ බව ද මේ රෝගයත් වැටීමත් අතර කිසියම් සම්බන්ධයක් ඇතැයි කිසිවකුත් විශ්වාස නොකළේය. රෝගයත් එයට ප‍්‍රතිකාරත් විස්තර කිරීමෙන් පසු කේසි නිද්‍රාවෙන් අවදි වූවේය. ලේන් උපදෙස් දුන් ආකාරයට දැරියගේ මාපියෝ අදාළ ප‍්‍රතිකාර ආරම්භ කළහ. සති කිහිපයක් ඇතුළත දැරියගේ වෙව්ලීම නැතිවී ගියේය. ටික කලකින් දැරියට පැරණි දේ පිළිබඳ මතකය යළි ලැබෙන බව පෙනෙන්නට තිබිණි. ඉන්පසු ඇය තම මාපියන්ට කලකට පසු කථා කළාය. අවසානයේ දී ප‍්‍රධාන පෙලේ විශේෂඥ වෛද්‍යවරුන්ට පවා නොහැකි වූ දේ ගොවියකුගේ පුතකු වූ එඞ්ගාර් කේසි සිදුකිරීම පුදුම සහගත දෙයක් වී තිබිණි.

සටහන - ( 2012 - සැප්තැම්බර් - 23 ඉරිදා ලංකාදීප පවත්පතට සජීව විජේවීර ලීයූ ලිපියක් ඇසුරිනි)

Comments

  1. Mamath kemathi manussayek gena thamai liyala thiyebne.. "sansaara mandhira" kiyala sinhala pariwarthanaya kala pithak thiyenawa meyage..hoyan kiyawanta..honda lipiyak..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. ලංකාදීපේ කියවද්දී අනිත් අයත් කියොවුවෝත් හොදයි කියලා හිතුන නිසයි මේක උපුට ගත්තේ

      Delete

Post a Comment

Popular posts from this blog

කුණ්ඩලීණි චක‍්‍ර භාවනාව මග පෙන්වීම්

චක‍්ර භාවනාව ගැන පටන් ගන්න කලින් මුලින්ම දැන ගන්න ඔන කාරනා කිහිපයක් තියෙනවා. ප‍්‍රධානම දෙය තමයි සෘෂි භාෂිත පංච නීවරණය . මොකක්ද මේ ....... බොහොම සරල දෙයක් 1. ප‍්‍රණ ශක්තිය පාතනය කිරිමඅපගේ ජිවිතය රුදිලා තියෙන්නේ හුස්ම මත ..... අපි විස්වාස කරන්නේ එහෙමයි. හැබැයි එක ඇත්ත නොවෙයි. හුස්ම ගැනීමට වඩා නොගෙන ඉන්නවනම් වැඩි කාලයක් නිරෝගීව ජිවත් වෙන්න පුලූවන්.ප‍්‍රණ ශක්තිය පාතනය කරන්න කියලා කියන්නේ ප‍්‍රණ ශක්තිය වෙනත් ශක්තියකට පෙරලන්න කියන එකයි. කුණ්ඩලීණිය වඩන්නනම් මුලින්ම අපි හුරු වෙන්න ඔනේ හුස්ම ගැනීම වෙනුවට නොගෙන සිටිමත් එයින් ඇතිවෙන ශක්තිය කම්පන තරංගයකට පෙරලා ගැනීමටත් 2. ඉන්පසු වැදගත්ම දේ තමයි. අනුන්ගේ දේ නොගැනීම. අනුන්ගේ දේ කියන්නේ හුස්ම පාලනය කිරිම තුළින් අපි රූප ධ්‍යාන මට්ටමට ලගා වෙනවා. අනුන්ගේ දේ කියලා කියන්නේ අන් සතු රූප නොගැනීම . යොගියා භාවනාවෙන් රූප දකින්න පටන් ගත්ත ගමන් ඒ තුළින් ආස්වාදයක් වින්දනයක් ලබන්න පටන් ගන්නවා. අනිත් කෙනා කරන දෙය අල්ලපු ගෙදර වෙන දෙය ඉතිහාසය දෙවියන් ආදිය බලමින් එතනින් ඉදිරියට යෑම නතර කරනවා........ඒ කියන්නේ චක‍්‍ර භාවනාවේ පලමු ච‍්‍රක‍්‍රය එනම් මුලාදාරය අවදිවීම ත

ආහාර හා පෝෂණය පිළිබඳ මෑතකාලීන අධ්‍යයන සමහරක වැදගත් අනාවරණ

මහාචාර්ය ජයිරාම් වනමාලා (Jairam Vanamala) විනෝදාංශයක්‌ ලෙස කළේ සුරතල් සතුන් ඇති කිරීම ය. ඔහු ගේ නිවසේ හාවුන් රැසක්‌ හා මීයන් සුරතල් සතුන් සේ ඇති කරනු ලැබී ය. (අපේ රටේ නිතර ම දක්‌නට ලැබෙන මීයන් නො ව ලස්‌සන මීයන් ය). ඔහු ගේ හාවුන් හා මී රැළ අතරෙන් වැඩි කොටසක්‌ හදිසියේ ම මහාන්ත්‍ර පිළිකා රෝගවලට බඳුන් වී මිය ගිය අතර ඉතිරි වූයේ දෙතුන් දෙනකු පමණි. මේ ඉතිරි වූ දෙතුන් දෙනා ගැන ඔහු ඉන්පසු වැඩිපුර අවධානය යොමු කරන්නට විය. ඉන්පසු ඔහුට නිරීක්‌ෂණය කළ හැකි වූයේ අපූර්ව දෙයකි. මේ අය, ලබා දෙන සාමාන්‍ය ආහාරවලට අමතරව, වත්තෙහි (මොවුන් කුඩා විවෘත බිම් පෙදෙසක හැදී වැඩුණ සතුන් ය) වූ මිදි ගස්‌වලින් වැටෙන මිදි ආහාර ලෙස ගන්නා බවයි. මේ සිද්ධියෙන් පසු මිදි පිළිකා කෙරෙහි දක්‌වන ප්‍රතිචාර ගැන දීර්ඝ ලෙස අවධානය යොමු කරන්නට Jairam සිතිණි. Jairam යනු ඇමෙරිකාවේ පෙන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයයේ ආහාර විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකි. ඔහු පෙන් විශ්විද්‍යාලයයේ පිළිකා ආයතනයේ ද දේශකයෙකි. ඔහු මහාන්ත්‍ර පිළිකා සහිත මීයන් 52 දෙනකු ගෙන ඔවුන් කොටස්‌ තුනකට බෙදුවේ ය. එක්‌ කොටසකට සාමාන්‍ය ආහාරවලට අමතරව මිදි සහිත ආහාර වේලක්‌ ලබා දුන් අ

අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු

නරකය නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි. 01)  සඤ්ජිවය යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් වෙ.  අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරු නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි. 02) කාලසුත්‍රය උපන් සත්ත්වයින් ගිනියම් වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මේ නරකයේ පැසෙයි. 03) සන්ඝාතය මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලෝහමය පොළවේ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරලි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගලයින් හා ස