සැබෑ බන්ධනාගාර ;- “ගාඩ්ලා දොර ඇරියේ නැහැ එයා මැරුණා”

DSC_0504[1]

කොස්ම සුනිල් ශාන්ත. පදිංචිය දෙවිනිගොඩ මොරොන්තුඩුව පාර රත්ගම වයස අවුරුදු 49 යයි. විවාහක දරුවන් 03 යි. රැකියාව ධිවර රත්ගම පොලිසිය අත්අඩංගුවට ගෙන කුඩු පැකට් එකක් දැම්මා පෙර වැරදි නැහැ. ගාල්ල මහේස්ත්‍රාත් අදිකරණය. ගාල්ල බන්ධනාගාරයේ අච්චු ලෙස සති තුනක් හිටියා. අච්චු අංකය 5464 වේ. 2015 ජනවාරි 17 වගේ ගියේ. දඩය රුපියල් 10,000 ගෙවා ආවා.

කෑම බිම හරි නැහැ. ගෙදරින් ගෙන ඒවා කෑවා. මාසෙට පාරයි ගෙදර අයට බලන්න දෙන්නේ. වතුර නාන්න බකට් 06 ක් දෙනවා. ප්‍රමාණවත් නැහැ. ටොයිලට් අන්තිමයි. ඒවා 06 ක් තියෙනවා. පිරිස 1000ක් විතර ඒවාට යනවා. රැට අවශ්‍යතාවක් වුනොත් වතුර නැහැ.

පුස්තකාල පහසුකම් තියෙනවා. නමට විතරයි.

අඩි 06 අඩි 04 කාමරයක් තියෙනවා. එකේ නමයක් ඉන්නවා. නිදා ගත්තේ නැහැ. රැට වාඩි වෙලා ගුලි වෙලා ඉන්නවා. පරණ අය නිදා ගන්නවා.

පරණ කට්ටියෙන් අලුත් අයට ලිංගික අතවර වෙනවා.

කට්ටිය වැඩ නොකලොත් මහත්තුරු ගහනවා. අපි කුස්සියේ වැඩ.

ඇතුලේ කුඩු ගංජා තියෙනවා. ඒවා ගේන්නේ මහත්තුරු. ඒවාට මහත්වරුන්ට රැදවියන්ගේ ගෙවල් වලින් සල්ලි හම්බවෙනවා.

වෛද්‍ය පහසුකම් තියෙනවා. හැබැයි පැනඩෝල් තමයි හැම දේටම තියෙන්නේ. පැනඩෝල් දෙකක් විතරයි රැට දෙන්නේ.

“මම වාට්ටුවේ ඉන්න කොට අවුරුදු 55 ක විතර කෙනෙක් මැරුණා. එයාට ෆිට් එක හැදුනා. රැ හැදුනේ පැනඩෝල් විතරයි දුන්නේ. අපි කට උත්තර දුන්නා. රැම මැරුණා. අපි දොරවල් වලට ගහලා කැගැහුවා. ගාඩ්ලා දොර ඇරියේ නැහැ. ලොකු කෙනෙක් නැතුව අරින්න බැහැ කිවුවා.”

1 thoughts on “සැබෑ බන්ධනාගාර ;- “ගාඩ්ලා දොර ඇරියේ නැහැ එයා මැරුණා”

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑