March 27, 2015

ගල්තාර මාර්ග වෙනුවට හරිත මහාමාර්ග


අනාගත මාර්ග ඇදහිය නොහැකි තරම් අධි තාක්ෂණික ක්‍රියාකාරකම් වලින් යුක්ත වනු ඇත. විවිධාකාර උපද්‍රව තත්ත්වයන් පිළිබඳව රියදුරන් දැනුවත් කිරීම පමණක් නොව ආසන්නයේ ගමන් කරන මෝටර් රථ එකිනෙක සන්නිවේදනය කිරීම ද සිදු විය හැකිය. එහෙත් අනාගතය ගල්තාර පාර වෙනුවට පරිසර හිතකාමී හරිත තාර මහාමාර්ග  නිර්මාණය වේද ?

ගල් තාර වල බිටුමන් (Bitumen) ඇතුලත්ය. බිටුමන් යනු ඉන්ධන පිරිපහදුවේදී ලැබෙන නිෂ්පාදනයකි. සෑම පැලෑටියකම වාගේ ඇති සංයෝගයක් වන ලිගිනින් (Lignin)  යොදා ගනිමින් ගල්තාර වල බිටුමන් ප්‍රථිඵලයම ළගා කර ගත හැකි බව ඉංජිනේරුවරුන් විශ්වාස කරති. ලිග්නින් ඉතා ශක්තිමත්ය. ගස්එහි ඇති  විවිධ අමුද්‍රව්‍ය එකට බැදීම සඳහා ලිග්නින් භාවිතා කරයි. ප්‍රමාණාත්මකව විශාල ප්‍රමාණයෙන් ඇති ලිග්නින් දැනට කඩදාසි නිෂ්පාදනයේදී  නිපදවෙන අතර අපද්‍රව්‍ය ලෙස ඉවත දමයි.

බිටුමන් ප්‍රමාණය අඩකින් අඩු කරන බිටුමන් - ලිග්නින් සංයෝගයක් නිපදවිය හැකි බව ඇමරිකානු රසායන විද්‍යා සමාජයේ වාර්ෂික සමුළුවේදී විද්‍යාඥයින් විසින් නව පරයේෂණ පිළිබඳ වාර්තාවේ එළි දක්වා තිබේ. එමගින් ප්‍රදේශයේ කාලගුණික හා දේශගුණික තත්ත්වයට සරිලන මාර්ග නිර්මාණය සඳහා සුදුසු හරිත තාර (කාන්දුවීම වළකන ද්‍රව්‍ය / Sealant) නිෂ්පාදනය කළ හැකිබව පෙන්වා දී ඇත.
උෂ්ණ ප්‍රදේශ සඳහා මාර්ග වල ඇලෙන  සුළු බව වළක්වා ගැනීමට හැකි ලෙස මෙම ලිග්නින් - බිටුමන් සංයෝගය වඩා ඝන ලෙස සකස් කර ගත හැකිය. හිමායන (ඉතා සීතල) උෂ්ණත්ව සඳහා වඩා නැමෙන සුළු හරිත තාර නිපදවීමට සුදුසු  ලිග්නින් - බිටුමන් සංයෝගය නිර්මාණය කර ගැනීම ද පහසු වේ.

නිෂ්පාදනයේදී සහ සංවර්ධනය සදහා කල්පවත්නා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි සහ සෑම වසරකම ඵලදාව ලෙස ලබා ගත හැකි ද්‍රව්‍ය යොදා ගැනීම කෙරෙහි  යොමු වීම දීර්ඝ කාලීන අවශ්‍යතාවයන් බව ලිග්නින් ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු වන ටෙඩ් ස්ලැග්හෙක් (TED Slaghek) පවසයි. එහෙයින් බොර තෙල් වෙනුවට ස්වාභාවික කාබනික අමුද්‍රව්‍ය යොදා ගැනීම වඩා සුදුසුය.
ලින්ගින් මිශ්‍රණයෙන් අඩි 328 ක් දිග පාපැදි තිරුවක් නිර්මාණය කිරීමට ස්ලැග්හෙක් පර්යේෂකයෝ කටයුතු කරති. ඕලන්දය මෙම ක්‍රියාවලියේ ඉදිරියෙන් සිටිමින් ලිග්නින් භාවිතා කළ මාර්ග ළගදීම විවෘත කරනු ඇත. අදුරේ දීප්තිය (The glow in the dark) නම් ස්මාර්ට් අධිවේගී මාර්ග ඔවුන් විසින් දැනටමත් ඉදිකර තිබේ.


උපුටා ගැනීම:Plants could paved the way for greener road. By M.B.Griggs

https://www.youtube.com/watch?v=sXNBRIhPAGI

0 comments:

Post a Comment