Skip to main content

ෂරියා නීතියේ අන්තවාදයේ අස්වැන්න

ෂරියා නීතිය හා මුස්ලිම් මූලධර්මවාදය පිළිබඳ ලොව පුරා කතාබහට ලක්වෙමින් පවතියි. මානුෂිකත්වයට නිගාදෙන අන්තවාදී ඇතැම් ප්‍රතිපත්ති හේතුවෙන් ශිෂ්ට සම්පන්න ලෝකයා ඊට එරෙහිව විරෝධය නඟමින් සි‍ටිති. එහෙත් කෙනකුගේ නීතිය හා පිළිවෙළ තවකෙනකුගේ නීතිය හා පිළිවෙළට සමපාත නොවීම නූතන සමාජ - දේශපාලනික තත්ත්වය හමුවේ සැබවින්ම අභියෝගයකි.


සෞදියේ ඉස්ලාමීය ආගමික පූජකවරයෙකු පස් හැවිරිදි ස්වකීය දැරිය දූෂ්‍ය කොට ඝාතනය කර තිබුණු බව ඉකුත් සතියේ විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරන ලදී. වඩාත් ශෝචනීය පුවත වන්නේ එවැනි අපරාධයක් කරන ලද මුත් එරට අධිකරණය තුළින් පූජකවරයාට නිදහස ලැබීමයි.

 

ලමා-අල් ගාම්ඩී නමැති තාමත් කටේ කිරි සුවඳ හෝ නොවියැකුණු සෞදි දැරිය සිය පියා විසින් දූෂණයට ලක්කරනු ලැබුවේ ඉකුත් ඔක්තෝම්බර් මාසයේදීය. හිස් කබලේ පැලීම්, ඉල ඇට බිඳීම්,පිළිස්සුම් තුවාල, මෙන්ම මුළු ශරීරය පුරාම පිළිස්සුම් තුවාල සහිතව ඇය රෝහල් ගත කර තිබේ. ඒවන විට ඇගේ වම් අත ද අඹරවා කඩා දමා තිබුණු බවත් ශරීරයේ පසුපස පෙදෙසට දැඩි ලෙස තුවාල සිදුකර තිබුණු බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් දැඩි සේ පීඩා විඳි මෙම දැරිය පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.

ඉන්පසු අත්අඩංගුවට ගැනුණු ෆෙහාන්-අල් ගාම්ඩී නමැති පූජකවරයා දිනපතා එරට රූපවාහිනී මාධ්‍ය තුළින්ද අගාමික දේශනා පවත්වන්නෙකි. කෙසේ වෙතත් ඉකුත් නොවැම්බරයේ අත්අඩංගුවට පත්වී ඔහු මාස කිහිපයක් පමණක් රිමාන්ඩ් භාරයේ පසුවී පසුව ලේ ණය ගෙවීමෙන් පසු නිදහස් කරලීමට එරට අධිකරණය තීරණය කර තිබේ. මරණීය දණ්ඩණය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම නොකොට ලේ ණයට ජීවිතයක් හිලව් කිරීමට තරම් ෂරියා නීතිය සාධාරණ වී ඇත. ලේ ණය සමීපතම ඥාතියාට ගෙවිය යුතුය.

ඒ අනුව සිය දියණිය දූෂණය කර මරාදැමීම සම්බන්ධයෙන් තම බිරිඳම අමෙරිකානු ඩොලර් 50,000 ක මුදලක් ගෙවීමට අධිකරණය ඉදිරියේ පොරොන්දු වී ඇත. පිරිමි දරුවෙකු වීනම් ගෙවිය යුත්තේ එයින් අඩක් පමණි.

සමාජ සේවා ක්‍රියාකාරිකයෙකු පෙන්වා දෙන අන්දමට ෂරියා නීතියට අනුව තමන්ගේ දරුවන් මරාදැමීම සම්බන්ධයෙන් පියෙකුට මරණීය දණ්ඩනය දිය නොහැකිය. එසේම ස්වාමි පුරුෂයාට ස්වකීය බිරිඳ මරා දැමීම සම්බන්ධයෙන්ද මරණ දඬුවම ක්‍රියාත්මක නොවේ.


මනාල්-අල් ශරීෆ් ඇතුළු ක්‍රියාකාරීන්ගෙන් යුතු සංවිධානයක් ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරයි. ඔහු මෙම නීතිය සමානාත්මතාව වෙනුවෙන් ගෙන ආ යුතු බවට බලපෑම් කරනු ලබයි.

සමාජ ජාල වෙබ් අඩවි හරහා හෙතෙම විරෝධතාව දියත් කර තිබේ."අනා ලමා" එහි අර්ථය "මම ලාමා" යනුවෙනි. ස්ත්‍රීන් හා දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එට අරගල කරනු ලබයි.
සෞදි අරාබියානු රජය කෙරෙහි මහජන අප්‍රසාදය වර්ධනය වෙමින් පවතින බව එහි දේශීය මාධ්‍ය වාර්තා කරයි. ඒ නිසාම ළමා අපචාර පිළිබඳ පැමිණිලි කරන ලෙස දවසේ පැය 24 පුරාම සක්‍රීය දුරකථන අංකයක් ලබා දී ඇත. එහෙත් හුදු සිදුවීම් වලට එරෙහිවීමෙන් පමණක් තත්ත්වය සමහන් කරනු හැකියයි කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකිය.

-------------------------------------------------------------
උපුටා ගැනීම අද දෙරණ වෙබ් අඩවියෙනි
Dailymail- ඇසුරිණි
.

Comments

Popular posts from this blog

කුණ්ඩලීණි චක‍්‍ර භාවනාව මග පෙන්වීම්

චක‍්ර භාවනාව ගැන පටන් ගන්න කලින් මුලින්ම දැන ගන්න ඔන කාරනා කිහිපයක් තියෙනවා. ප‍්‍රධානම දෙය තමයි සෘෂි භාෂිත පංච නීවරණය . මොකක්ද මේ ....... බොහොම සරල දෙයක් 1. ප‍්‍රණ ශක්තිය පාතනය කිරිමඅපගේ ජිවිතය රුදිලා තියෙන්නේ හුස්ම මත ..... අපි විස්වාස කරන්නේ එහෙමයි. හැබැයි එක ඇත්ත නොවෙයි. හුස්ම ගැනීමට වඩා නොගෙන ඉන්නවනම් වැඩි කාලයක් නිරෝගීව ජිවත් වෙන්න පුලූවන්.ප‍්‍රණ ශක්තිය පාතනය කරන්න කියලා කියන්නේ ප‍්‍රණ ශක්තිය වෙනත් ශක්තියකට පෙරලන්න කියන එකයි. කුණ්ඩලීණිය වඩන්නනම් මුලින්ම අපි හුරු වෙන්න ඔනේ හුස්ම ගැනීම වෙනුවට නොගෙන සිටිමත් එයින් ඇතිවෙන ශක්තිය කම්පන තරංගයකට පෙරලා ගැනීමටත් 2. ඉන්පසු වැදගත්ම දේ තමයි. අනුන්ගේ දේ නොගැනීම. අනුන්ගේ දේ කියන්නේ හුස්ම පාලනය කිරිම තුළින් අපි රූප ධ්‍යාන මට්ටමට ලගා වෙනවා. අනුන්ගේ දේ කියලා කියන්නේ අන් සතු රූප නොගැනීම . යොගියා භාවනාවෙන් රූප දකින්න පටන් ගත්ත ගමන් ඒ තුළින් ආස්වාදයක් වින්දනයක් ලබන්න පටන් ගන්නවා. අනිත් කෙනා කරන දෙය අල්ලපු ගෙදර වෙන දෙය ඉතිහාසය දෙවියන් ආදිය බලමින් එතනින් ඉදිරියට යෑම නතර කරනවා........ඒ කියන්නේ චක‍්‍ර භාවනාවේ පලමු ච‍්‍රක‍්‍රය එනම් මුලාදාරය අවදිවීම ත

ආහාර හා පෝෂණය පිළිබඳ මෑතකාලීන අධ්‍යයන සමහරක වැදගත් අනාවරණ

මහාචාර්ය ජයිරාම් වනමාලා (Jairam Vanamala) විනෝදාංශයක්‌ ලෙස කළේ සුරතල් සතුන් ඇති කිරීම ය. ඔහු ගේ නිවසේ හාවුන් රැසක්‌ හා මීයන් සුරතල් සතුන් සේ ඇති කරනු ලැබී ය. (අපේ රටේ නිතර ම දක්‌නට ලැබෙන මීයන් නො ව ලස්‌සන මීයන් ය). ඔහු ගේ හාවුන් හා මී රැළ අතරෙන් වැඩි කොටසක්‌ හදිසියේ ම මහාන්ත්‍ර පිළිකා රෝගවලට බඳුන් වී මිය ගිය අතර ඉතිරි වූයේ දෙතුන් දෙනකු පමණි. මේ ඉතිරි වූ දෙතුන් දෙනා ගැන ඔහු ඉන්පසු වැඩිපුර අවධානය යොමු කරන්නට විය. ඉන්පසු ඔහුට නිරීක්‌ෂණය කළ හැකි වූයේ අපූර්ව දෙයකි. මේ අය, ලබා දෙන සාමාන්‍ය ආහාරවලට අමතරව, වත්තෙහි (මොවුන් කුඩා විවෘත බිම් පෙදෙසක හැදී වැඩුණ සතුන් ය) වූ මිදි ගස්‌වලින් වැටෙන මිදි ආහාර ලෙස ගන්නා බවයි. මේ සිද්ධියෙන් පසු මිදි පිළිකා කෙරෙහි දක්‌වන ප්‍රතිචාර ගැන දීර්ඝ ලෙස අවධානය යොමු කරන්නට Jairam සිතිණි. Jairam යනු ඇමෙරිකාවේ පෙන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයයේ ආහාර විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකි. ඔහු පෙන් විශ්විද්‍යාලයයේ පිළිකා ආයතනයේ ද දේශකයෙකි. ඔහු මහාන්ත්‍ර පිළිකා සහිත මීයන් 52 දෙනකු ගෙන ඔවුන් කොටස්‌ තුනකට බෙදුවේ ය. එක්‌ කොටසකට සාමාන්‍ය ආහාරවලට අමතරව මිදි සහිත ආහාර වේලක්‌ ලබා දුන් අ

අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු

නරකය නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි. 01)  සඤ්ජිවය යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් වෙ.  අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරු නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි. 02) කාලසුත්‍රය උපන් සත්ත්වයින් ගිනියම් වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මේ නරකයේ පැසෙයි. 03) සන්ඝාතය මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලෝහමය පොළවේ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරලි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගලයින් හා ස