March 23, 2015

මරණ දැන්වීමකි ( පෙම්වතාට පෙම්වතියගෙන්)

රෝස කටුවක්
ඇනී
කිරිල්ලක මිය ගියා
ආදාහනය ඉරිදා
නෙලුම් මල් කනත්තේ
ඇගේ ලය සිදුරු වී
ගලා ගිය ලේ බිඳිති
කහට පැල්ලම්
ලෙසින්
පෙනේ මිහි සලුව මත
මීට පසු
සවස් යම
ඔබෙ කවුලු
නොහරින්න
ඈ යලිත්
මියුරු ලෙස
නොගයාවි
කිසිදාක.......................

4 comments: