javascript:void(0)

Thursday, March 19, 2015

උපාධිය - The Graduation


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

පිංතූරෙ ගත්තෙ --> මෙතනින්
මම දකිනව පිංතූර...
ගොඩක් පිංතූර....
සමහර ඒව දකිනකොට මට දුකයි...
මට ඒව දකිනකොට හිතෙනව, මමත් ඒ පිංතූර වල ඉන්න හිටපු කෙනෙක් නේද කියල. මම ඒ පිංතූර වල නෑ නේද කියල හිතෙනකොට හිතට මාර දුකයි...
ඊළඟට............
කවද හරි දවසක..........
 මම ඒම ඉන්න පිංතූර දකිනකොට.......
 එතකම් ගත වෙන්නෙ මගෙ ජීවිතේ වටිනා කාලය නේද කියල හිතෙනකොට, ජීවිතේ යම් ස්ථාවරයකට එන්න හිතන් හිටපු කාලය නේද කියල හිතෙනකොට හිතේ පතුලක ඉඳන් ඉහලට එන ඒ සියුම් දුක මිශ්‍ර වේදනාව ගිණියම් වෙච්ච ලෝදිය ටිකක් බිංදු බිංදු ඔලුවට හලාගත්තත් නොදැනී යන එකක් නෑ මයෙ හිතෙ...


මම ගුරුවරුන්ට බනින්න කැමති නෑ.... 
මොකද මමත් ගුරුවරයෙක් නිසා...


ඒ වගෙම මම පිණට ඉගෙන ගන්න ගියෙත් නෑ... 
ලක්ෂ ගාණක් වියදම් කරලයි මම ඉගෙනගන්න ගියෙ.
ගෙදරින් සල්ලි අරන් ගෙවුවෙත් නෑ... 
ගෙවපු සල්ලි ඔක්කොම වගෙ
 මම 
ණය වෙලා
වැඩ කරල
මහන්සියෙන් හොයපු සල්ලි...
මම කාටවත් බනින්නෙ නෑ... 
අපහාස කරන්නෙත් නෑ... 
මට මේ වෙන දේවල් ගැන ලොකු දුකකුත් නෑ, 
මහ ලොකු කලකිරීමකුත් නෑ....
 මේ මම පහුගිය ආත්ම වල හරි මේ ආත්මෙ හරි කරපු කියපු දේවල් තමයි මේ ලැබෙන්නෙ.
ලැබෙන්න තියන දේවල් මට ලැබෙයි, 
නොලැබෙන දේවල් නොලැබී යයි... 
ඒත් මම මගෙ උත්සහය වත් 
මගෙ ගේම වත් අත අරින්න කිසිම සූදානමක් නෑ,
 විස්වාසෙන් කියන්න පුලුවන්, 
මම ඒක අත අරින එකකුත් නෑ...!
මහ ඉහළින් දිනන්න කියල ලොකූ ආසාවකුත් නෑ, 
ඒ වගෙම පරදින්න බයත් නෑ....!
මහ ඉහළින් දිනන්න තරම් දේවල් 
මගෙ ජීවිතේ ඇත්තෙත් නෑ...!


----ජය----

10 comments:

  1. සමහරවිට ලැබෙන්න තියෙන දේවල් අපිට නොලැබී යන්න ඉඩ තියේවී. අපි කොහොම හරි ඒ දේවල් ලබා ගන්න ඕනේ...ලැබෙයි කියල නිකම්ම හිටියට ලැබෙයි කියලත් හිතන්න අමාරුයි නේද..ගුරුවරයෙක් නොවුණත් මමනම් ගුරුවරුන්ට බනින්න කැමති නෑ....ඒත් බොහොමයක් දේවල් ඇත්ත කියලයි මට හිතෙන්නෙ.......

    ReplyDelete
    Replies
    1. ලැබෙයි කියල බලන් ඉන්න පුරුද්දක් නම් කෝමටවත් නෑ මට.. හැමදාමත් හැමදේමත් මම මහන්සි වෙලාමයි ලබාගත්තෙ...
      නොලැබීම කියන කියන දේ ලෙසටම ලැබිල තියෙනො මට වෙන මොනා නැතත්...

      බොහොමයක් දේවල් කිවුවෙ?
      O.o

      Delete
  2. ජීවිතය ඔහොම තමා........ ඔ්වා ජීවිතය තමා.............

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් උනත් විඳ දරාගන්න පුරුදු වෙනො....

      ස්තූතියි ඔයාට....

      Delete
  3. අදමයි මේ පැත්තෙ ආවේ...
    ජීවිතේ හැටි පවනි....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නව මතක වස්තුවට...

      මගෙ නම් මුලු ජීවිතේම එහෙමයි අයියෙ...
      :(

      මහන්සියෙන් ලබාගන්න දේවල් වලටත් මොනවාම හරි බාල්දි පෙරලෙනව....
      :(

      Delete
  4. ලැබෙන දේ වෙනුවෙන් ජීවත් වීම වටී නොලැබෙන දේ වෙනුවෙන් මැරෙනවට වඩාා

    ReplyDelete
    Replies
    1. නොලැබෙන දේ වෙනුවෙන් නම් මැරෙන්නෙ නෑ මම්, ඒ වුනත් කෝමද ඒව ලැබෙනව ද නොලැබෙනව ද කියල දැනගන්නෙ උත්සාහ නොකර....

      ඒකයි මේ හැම වෑයමක්ම...

      ස්තූතියි ඔයාගෙ අදහසටත්..

      Delete
  5. Try try try then U can fly!!!

    ReplyDelete
    Replies
    1. ඔව්.... මම තවමත් උත්සහ කරනො....

      ස්තූතියි ඔයාට....

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....