WTF 2015

Share

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ 2009/2010 කණ්ඩායමේ වාර්ශික සුහද හමුව (WTF 2015) මෙවරත් අති උත්කර්ශවත් අන්දමින් මේ මස 14 වැනිදා සෙනසුරාදා පවත්වන්නට නියමිතව තිබේ. එම උත්සවයේ සංවිධාන කටයුතු තම කරට ගනිමින් මහත් භාරධූර කටයුත්තක් ඉටු කරන රන්දිම බණ්ඩාර සොයුරා අපට මුණ ගැසුණා.

ඉතින් කොහොමද රන්දිම WTF 2015හි වැඩ කටයුතු?
හොඳයි. හොඳට කෙරී ගෙන යනවා.

රන්දිම මුලින්ම අපිට කියන්නකෝ මොකද්ද මේ කියන්නේ කියලා?
ඔව්. WTF කියන්නේ With The Family කියන තේරුමින්. ඒ කියන්නේ අපි විශ්ව විද්‍යාලයෙන් වෙන් වෙලා ගියත් අපේ බැඳීම, සහෝදරත්වය තාම තියෙනවා, ඒක හරියට පුංචි පවුලක් වගේ කියන තේරුමින්.

කවද්ද, කොහේද, කීයටද මේ සුහද හමුව පැවැත්වෙන්නේ?
මාර්තු මාසයේ 14 වැනිදා සවස 4 ඉඳන් කොළඹ Cey-Nor අවන්හලේ දී තමයි මේ උත්සවය පැවැත්වෙන්නේ. මේ දෙවැනි වතාවට තමයි අපේ සුහද හමුව තියන්නේ. ගියවරත් ඉතාම සාර්ථකව අපිට එය පවත්වන්නට හැකි වුණා. එය පැවැත්වුණේ ගිය වසරේ පෙබරවාරි මාසයේ දෙවැනි දා. ඒ වගේම කියන්න සතුටුයි මා දන්නා තරමින් එක් වසරක ආදි විද්‍යාර්ථයින් පමණක් එකතු වී මෙවැනි සුහද කමුවක් පවත්වන පළමු කණ්ඩායම අප වීම. මෙවැනි සුවිශේෂී කටයුතු රැසක් අප කණ්ඩායම අපගේ අධ්‍යන කාල සීමාව තුළ කළා.

එවැනි කටයුතු කිහිපයක් කෙටියෙන් මතක් කලොත්?
මුලින්ම අපේ පළමු වසර ගැන මතක් කලොත් අප එහිදී සුවිශේෂි කටයුතු රැසක් කළා. වාර්ශික ලේ දන්දීමේ වැඩ සටහන, පැදුරු සාජ්ජය වැනි කැපී පෙනෙන අංග රැසක් අප සිදු කළා. එමෙන්ම විශේෂයෙන් මතක් කරන්න අවශ්‍ය දෙයක් වන්නේ වාර්ෂික විනෝද චාරිකාව ගැන. අප තමයි විද්‍යා පීඨයේ මුලින්ම බලන්ගොඩ ආගල කන්ද තරණය කිරීම ආරම්භ කලේ. එතැන් සිට තමයි අපේ නංගිලා මල්ලිලා වාර්ශික චාරිකාව සඳහා එය තරණය කරන්නට තෝරා ගන්නේ.

ඉන්පසු දෙවන වසරේ දී අපි හන්තාන කන්ද තරණය කරනවා වාර්ශික චාරිකාව වෙනුවෙන්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ අපට welcome එකක් ලැබුන් නැති උනත් අපි විද්‍යා පීඨයේ සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් අපේ නංගිලා මල්ලිලාට welcome එක ලබා දීම ගැන. ඒ වගේම ක්‍රීඩා උළෙලත් අප පැවැත්වූවා ඉතාම උත්කර්ශවත් අන්දමින්.

තුන් වසරේ දී අප විවිධ අංග රැසක් සිදු කළා. ඒ අතරින් අවුරුදු උත්සවය විශේෂ ප්‍රමුඛතාවයක් ගනු ලැබුවා.  පිරිහී යමින් තිබූ විද්‍ය පීඨයේ සංස්කෘතිය රැක ගැනීමට විශාල සේවයක් කළ කණ්ඩායමක් ලෙස අප කණ්ඩායම හැඳින්වීමට හැකියි. ඉතින් ඒ අනුව යමින් තමයි අප මේ සුහද හමුවත් ආරම්භ කරන්නේ.

අවසාන වශයෙන් ඔබට මොනවද කියන්න තියෙන්නේ?
මේ අවස්ථාව ලබා දීම ගැන FOS Media හට මම ස්තුතිවන්ත වෙන අතරම ඔබත් 2009/ 2010 කණ්ඩායමේ සාමාජිකයෙක් නම් WTF 2015 සඳහා සහභාහී වී වෙනස්ම අත්දැකීමක් ලබා ගන්න ලෙසට මම ආරාධනා කර සිටිනවා.

1911130_745611438790380_94901627_o
WTF 2014 මතකසටහනක්