Saturday, February 21, 2015

DataSTICKIES! හඳුන්වා දෙයි.

      පරිගණකයක උපාංග අතර තොරතුරු හුවමාරු කර ගැනීමට Flash Drive භාවිත කිරීමේ දී විවිධ අපහසුතාවන්ට ලක්වේ. Flash Drive නියමිත Slot එකටම සම්බන්ධ කළයුතු වීම, එය භෞතික වශයෙන් තරමක් ලොකු උපංගයක් වීම, නිතර මගහැරෙන්නට හෝ නැති වීමට ඉඩ තිබීම යනාදියයි. මෙම අපහසුතාවයන් මගහැර පරිගණක අතර දත්ත හුවමාරු කළ හැකි නව උපාංගයක් හඳුන්වා දී ඇත. එය නමින් Datastickies ලෙස හැඳින්වෙන අතර එය

නිපදවූයේ ඉන්දියාවේ ආදිති සිං සහ පරාග් ආනන්ද් යන දෙදෙනා විසිනි. Datastickies යනු Sticky Note මෙන් සැහැල්ලු කඩදාසි ලෙස පෙනෙන ඉලෙක්ට්‍රොනික තීරු විශේෂයකි. එය තනා ඇත්තේ Protective layer දෙකකට මැදි කළ Graphene layer එකක් යොදාගෙනය. මෙම තීරුවක 32GB දක්වා තොරතුරු රැදවිය හැක. තොරතුරු රැදවූ මෙවැනි තීරුවක් එහි ඇති මැලියම් තීරුව මගින් යම් තැනක ඇලවූ විට,  Flash Drive එකක් USB Port එකට සම්බන්ධ කළ විටදී මෙන් දත්ත හුවමාරු කළ හැක. මෙම Datastickies එකකින් දත්ත හුවමාරු කළ හැකි විශේෂ ස්ථරයක්ද (ODTS- Optical Data Transfer Surface) තනා තිබේ. එය පාරදෘශය. ස්ටිකරයක්මෙන් පරිගණක මොනිටරය වටා ඇති පෙදෙසේ, Smart Phone යේ යනාදී ඕනෑ තැනක එය අලවා විදුලි සම්බන්ධය ලබා දිය හැක. දැන් මේ ODTS මත අලවන Datasticki එකෙහි ඇති දත්ත පරිගණකය හෝ වෙනත් දත්ත භාවිතා කෙරෙන උපකරණයක් වෙත ලබා ගන්නට පුළුවන.


            මෙම Datastickies විවිධ පැහැයෙන් නිමවා ඇති අතර Flash Drive 100ක් 200ක් ලඟ තබා ගත්විට මෙන් ඉන් ප්‍රයෝජන ලබා ගත හැක. මෙම Datastickies තාක්ෂණය සම්පූර්ණයෙන් ම අත්හදා අවසන් අතර එහි ප්‍රායෝගික දෝෂ නැත. වානිජ වශයෙන් නිර්මාණය කරන විට Flash Drive වලට වඩා අඩු මිලකට ලබදිය හැකි බව නිෂ්පාදකවරුන්ගේ මතයයි.                

1 comments:

අලුත් දෙයක් ගැන දැනුවත් කළාට ස්තූතියි.

Comment එකක් දාන්න