මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, February 17, 2015

කවියක මලගම

රිදෙන රිද්දන අකුරු
ඇස් පියාගෙන
අප අතර
කිසිවක්ම සිදු නොවූවා සේ සිටින

 

අද මරණ දිනයකි
ඔබගැන ලියූ කවියක

 

මම දුරින් ඉමි
ඔබ නික්මගිය පිය සටහන්
විදිමි විදවමි

 

යන්නම් කියා ගිය අය
ආයෙමත් විත්
කොනිත්තා යන එක

 

එක් දිනක ප්‍රේමයක
සියක් වසරක
මතකයන් තිබිය හැක.

 

මම යලිත් කවි නොලියමි
අකුරු
කවි නොකොට
සුදු රෙදිකඩක ඔතා වලලමි

No comments:

Post a Comment