Monday, February 16, 2015

අහස් කවි















ඉර හදද රන් තරුද මේ කුලු
එක මිටට එකට ගෙන
අහස යයි නම් කර
පෙම් කලෙමි මම එදා අහසට

ඉර හද තරු අතර
මුකුත් නැති හිස්ම හිස් තැන
තමයි ඇත්තම ඇත්ත අහස
මෙදා මම දකිමි සැබෑ අහස
වලාකුලකුදු අයිතියක් නැති

තරු නම් නිවී දිලුනා විතරමයි කොහොහොමත්
අමාවකටත් පෙර සදද හැන්ගුවේ ඇයි අදුර බිහිකමින්
ඉර ඉතින් අපිට අවනත නොවන දැතිරොද ගමනකය
මේ කුලු උනත් බිදී විසිරී ගියේ අපිට ඕනිම වෙලාවටමද

කාලය රැගෙනා විත් ඇත අද
ඇත්තම ඇත්ත හිස් අහස මට

No comments:

Post a Comment