Friday, February 13, 2015

අහස් කවි

























අහසටත් ඇත
උස් මිටිකම් පන්ති බේද

මුලින්ම ඉර එලිය වැටෙන්නේත්
වලාකුලු සරන්නේත්
කොත් කැරලි දිලෙන්නේත්
ඉහල අහසෙහිය උදාරම් ලෙස

දූවිලි සුසුම් බර මිස
උරුම නැත අහස් නිල
පහල අහසකට කිසිලෙස

බොහෝ අය නොදැක්කට
ගස්වල අතු බෙදෙන්නෙත්
දලු දමා මල් ඵල උනන්නේත්
පහල අහසෙහි පපුතුරෙහි නිති

No comments:

Post a Comment