Sunday, February 8, 2015

මල් සිනාවකින් නෙත් සඟල පුරෝගෙන..........
මා වට නිති සැරිසරන නියා..........
සිත් මඩල පුරෝගෙන ආදරයෙන් මම.........
ඔබේ සිනාකැන් සුව වින්ඳා..........

ළඟට එන්න යැයි වදනින් කියන්න.......
අවසර නැති මුත් සිතට මෙදා.......
ඔබ නෑවිත් සිටි විට පාළුව රජයයි.........
අඳුරු වළාවට මුවාවෙලා........

ඔබට හැකි ද මා මඟහැර යන්නට..........
ඔබේ සිතේ දොරගුළු වහලා..........
ජීවිතයට එක මොහොතක් ලැබේ ද.........
සෙනෙහස කියන්න පද ගළපා..........

No comments:

Post a Comment