කැනන් සමාගම මෙගාපික්සල් 50ක ෆුල් ෆ්‍රේම් කැමරාවක් හඳුන්වාදෙයි.


ජපානයේ යොකොහාමා නුවර පැවැත්වෙන CP+ ඡායාරූප ප්‍රදර්ශණයේ දී කැනන් සමාගම මෙගාපික්සල් 50ක විබේධනයක් ඇති සෙන්සරයක් සහිත මිලිමීටර් 35 ෆුල්ෆ්‍රේම් කැමරාවක් හඳුන්වාදුනි. Canon EOS 5Ds ලෙස නම්කොට ඇති මෙම මාදිලිය දැනට ඇති ඉහලම මෙගාපික්සල් විබේධනයෙකින් යුතු  වෘත්තීය මට්ටමේ DSLR කැමරාව බව විචාරකයින් පවසයි.

CMOS තාක්ශණයේ සෙන්සරයක් වන මෙය විශාලත්වයෙන් ෆුල්ෆ්‍රේම් හෙවත් මිලිමීටර් 35 සෙන්සරයකි. ෆුල්ෆ්‍රේම් ලෙසින් හැඳින්වෙන්නේ පැරණි සේයාපට කැමරාවල මිලිමීටර් 35 සේයාපටයක එක් ෆ්‍රේම් එකක විශාලත්වයෙන් යූතු සෙන්සරයකි. මෙහි විශාලත්වය 35mm x 24mm වේ. සාමාන්‍යයෙන් වෙලඳපොලේ මිලදීගැනීමට ඇති කැමරාවලින් විශාලම සෙන්සර් අඩංගුවන්නේ 35mm ෆුල්ෆ්‍රේම් කැමරාවලය. ඊට අමතරව මෙම කැමරාවට කැනන් සමාගමේ නවතම DIGIC 6 ප්‍රොසෙසර් දෙකකින් සමන්විත ප්‍රොසෙසර් පද්ධතියක් ලබාදී ඇත්තේ විශාල අධිවිබේධන ඡායාරූප ඉක්මණින් processes කරවා ගැනීමටය.

Canon EOS 5Ds කැමරාවේ තාක්ශණික තොරතුරු මෙසේය.

  • 50MP CMOS sensor
  • 5fps continuous shooting
  • ISO 100-6400 (Extends to 12,800)
  • 61-point AF module with input from 150k pixel metering sensor
  • Dual Digic 6 processors
  • 3.0" 1.04m dot LCD
  • CF & SD slots (UHS-I compatible)
  • 1080/30p video
  • M-Raw and S-Raw down-sampled formats
  • 30MP APS-H crop and 19.6MP APS-C crop modes
  • USB 3.0 interface

මීට අමතරව, කැමරාව මගින් ලබාදෙන අතිවිශාල විබේධනය ආධාරයෙන් ඉහලම තත්වයේ ඡායාරූප ලබාදීම සඳහා සුවිශේෂී තාක්ශණික උපක්‍රම රැසක් මෙම කැමරාව තුල අඩංගුකොට ඇත.

Comments