31 January 2015

දේශ හිතයිශී විනෝද චාරිකා ....


පෙරවදන : අනුන්ගේ කතාබහට කන යෙවිම මගේ එක නරක පුරුද්දකි . පෙර දිනයක තේ කඩයකදී , යාබද මේසයේ කතාබහක් මා කණ  වැකුණි .


ආ කොහොමද කාලෙකට පස්සේ 

කොහොමද කොහොමද 

මොකද කරන්නේ දැන් , තාම අර උපාසකම්මලා දඹදිව  පටවන  බිස්නස්  එකද ?

ඒ ලයින් එකේම තමා හැබැයි , දඹදිව නෙමෙයි .. මෙන්න මගේ බිස්නස් කාඩ් එක 

දේශ හිතයිශී  චාරිකා ...!   ඒ කිව්වේ  මුලින් ආගම වික්කා , දැන් ජාතිය විකුනනවා ?

ඔන්න ඔන්න උඹත් රෝන්  ට්‍රැක් ..

හරි හරි එහෙනම් කියපන්කෝ ..මොකක්ද ඔය කන්සෙප්ට් එක 

මෙහෙමයි , ඉස්සර අපි කලේ කට්ටියගේ බුද්දාලම්බන ප්‍රීතිය වැඩි කරන ට්‍රිප් නේ , දැන් අපි බැහැලා ඉන්නේ ජාතියාලබ්බන එක වැඩි කරන ට්‍රිප් වලට 

මොකක්ද බන් ඒ කුනුහරුපේ...ජාතියා ලබ්බේ  එක ?    ඒ කියන්නේ අනුරාධපුරේ පොළොන්නරුවේ සීගිරි  දඹුළු  එහෙමද ?

පිස්සුද , මුලින්ම අපි පටන් ගත්තේ ගිහින්  යුද්දෙන් පස්සේ උතුරේ ගෙනිහින් ,.. යාපනේ , කලටි කැඩිච්ච තල් ගස්, ප්‍රභාකරන්ගේ බංකරේ , නන්දිකුදාල් පෙන්නුවා , ගාන කඩා ගත්තා 

ඔව් ඔව් ඇයි අපිත් ගියේ ...කට්ටිය වෑන්  එහෙක දා ගෙන , "රණ බිම මැරුණේ සිංහලයෙකුනම් .... අපිට එපා බිම් අඟලක්වත් ...රත්න දීප ජන්ම භුමි ..." වගේ සිංදු  තියෙන කැසට් එකක් පුල් බ්ලාස්ට් දාලා කන පැලෙන්න..ගිහින් අපි ආමි කඩේකින් ජැප්නා ක්‍රැබ් කරී කාලා ...රියෝ අයිස් ක්‍රීමුත් කාලා ආවේ....තාම ඒවා බලන්න මිනිස්සු යනවද ?

නෑ  මචන්  දැන් එහෙ මිනිස්සු වැඩිය යන්නේ නෑ ... ජාතී ආලේ දැන් මෙහෙන් ගන්න පුළුවන්නේ ...දැන් රියෝ අයිස්  ක්‍රීම්  තියෙනවා වැල්ලවත්තේ ..

ඉතින් දැන් මොකද කරන්නේ 

අපි අලුත් වැඩක් පටන් ගත්තා ... දැන් ගෙනියනවා මැදමූලන 

ට හි ....( වාරණය කරන ලදී )...මොකක් කිව්වා ?  

 වන්දනාවේ යමු ප්‍රේමි ....ලා ...නන නන නන නා 
 වැඩෙන් ටා වැඩෙන් ටා හිතේ ජාත්‍යාලේ ඒ ඒ 

මැද මුලන ගෙනියනවා //

නන නන නන පෙන්වනවා //

ඔව් ඔව් ...අර පරණ වෑන් කට්ටේම  කට්ටිය දාගෙන , අර සින්දුම කියාගෙන .. ...... ගිය සුමානේ ගියා මම කට්ටියක් එක්ක ...තව "ආයුබෝවන් මහා රජාණෙනි " කැසට් පීස්  එකත් ගෙනිච්චා , හැබැයි ඒක  පහු ගිය දොහේ ප්ලේ කරලා කරලාම සවුත්තු  වෙලා......



මොනවද එහෙ තියෙන්නේ ?

අයියෝ , උඹ ලංකාවේද ඉන්නේ ...දැන් හැමෝම ට්‍රිප් යන්නේ එහෙනේ ...අර වීරවංස මහත්තයා පාර්ලිමේන්තුවේත්  කිව්වේ ....නිකං  ආයේ පරණ රජ කාලේ ට ගියා වගේ ..හන්දියේ පොල් කොටං  වලින් ඉස්ටේජ්  එකක් ගහලා රජ කතා පෙන්නවා ....ගොඩක් වෙලාවට ඔක්කොම චරිත කරන්නේ මහින්ද මහත්තයම තමා ...එය හොඳ ඇට්ටර්නේ කොහොමත්..  ඇවිල්ලා ඉස්ටේජ්  එකේ රවුමක් දෙකක් කැරකිලා ...තනියම කඩු  පයිට් එකක් කරලා .... විරහ ගීයක් කියනවා , කදුළු ඇස් වලින් පනින්න ....ඇඬේනවා ..

නෑ ...ඉතින් උඹලා ගිහින් මොකද කලේ  .....

මුලින්ම අපි හාල් පොල් , සීනි ටිකක් අරන් ගිහින්  මහින්ද මහත්තයා  බැලුවා ... එහෙම කියලා ඉතින් රස්සාවෙන් හම්බු කරගත්ත දෙයක් තියෙනවා කියලා යෑ උන්දා  .... අපි කළගුණ සළකන  මිනිස්සුනේ .... කුරහන් තලපයක් හපලා පොඩ්ඩක්  කයියක් ගහ ගෙන ඉඳලා ... 

සිරන්ති නෝනා හිටියේ නැද්ද ?

හිටියා හිටියා ...එදා එයාගේ උපන්දිනේ ...ඉතින් කුස්සියේ කේක් එකක් හදනවා , කෑල්ලක් කාලා යන්න ඉන්න කිව්වා ..අපිට පරක්කු වෙන නිසා අපි බෑ කිව්වා....එන ගමන් ඕන්  තංගල්ලේ ජනමුල තේ කඩේ ගාව නැවැත්තුවා ...මේන් නාමල් ළමයත් බංකුවක ඉඳ ගෙන කහට කෝප්පයක බිබී දාන් අදිනවා ...එතනින් තේ බීලා  ..අපි එන්න ආවා ....

සෙනග හිටියද සූ  ගාලා ?

ඒ ගැන නම් මොකට කියනවද ...සූ ගාලා තමා 

ඇයි හිටියේ නැද්ද ,

සූ ගාලා ...

හ්ම්ම් ... වෙන මොනවද ඉතින් බලන්න තියෙන්නේ 

 තැන තැන අර පොඩි කඩ දාගෙන පෙරහැර කාලෙට වගේ මිනිස්සු සෙල්ලම් බඩු  , පිඟන් කෝප්ප , එහෙම ලාබෙට විකුනවා .... මමත්  ගත්තා පොඩි එකාට ලම්බෝගිනියකුයි හෙලිකොප්පරෙකුයි ...

දැන් ඉතින් ඔය ගමනෙන් අන්තිමේදී කට්ටියගේ ජාති ආලේ වැඩුනද 

ඒක නම් මම දන්නේ නෑ  ....අඩුම ගානේ ලීස් එකේ ගාන , ඩ්‍රයිවර්ගේ පඩියවත් කවර්  කර ගන්න ඕනෙනේ 

ඒකත්  ඇත්ත ...හැබැයි පුතෝ ...මේ යහ පාලන කාලේ ...පරිස්සමෙන් රාලේ ...

හරි හරි ...ඒ වුනාට ...කොන්සේප්ට් එකක් හැටියට නම් මේක තව විකුණ ගන්න  පුළුවන්..... ගන්න මිනිස්සු තව ඉන්නවා ... ට්‍රිප් යන්න අලුත් අලුත් ලොකේෂන් හොයා ගන්න විතරයි තියෙන්නේ 

.හ්ම්ම් ....අපිත්  යන්න ඕනේ  නිවාඩුවක් අල්ලලා  මැදමුලන 


42 comments:

  1. මල් හතයි. ආයේ කියන්න දෙයක් නෑ මල් හතයි. බඩ කොරවුනා හිනාවෙලා. යාළුවො දෙන්නෙක් ඇවිත් හිටියා එයාලටත් පෙන්නුවා. උන් බ්ලොග් බලන එවුන් නෙවෙයි. උන් කියනවා අදනේ දන්නේ මේ වගේ දේවල් අන්තර්ජාලේ තියනවා කියලා. ඔන්න ඔහොමයි නිර්මාණයේ අගය.

    අපි මේ හිනාවෙන්නේ අපිටත් එක්කමයි කියලා තේරෙන්නේ ටිකක් වෙලා හිතුවට පස්සෙයි. ඒ නිසයි අගය කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රතිචාරයට සහ අගය කිරීමට.. විචාරක තුමාත් නිවාඩු පාඩුවේ ගිහින් එන්න මැදමූලන පැත්තේ.. රජ නාඩගමක් බලලා විසිල් එකක් ගහලා..නිව් ජනමූල හොටෙල් එකෙන් තේ එකක් බීලා එන්න පුලුවන්

      Delete
  2. මල් අටයි (අද මං ගහන මලත් එක්කම)

    ReplyDelete
  3. මේ කතාවට අදාළම නැති වුනත්, මුලතිව්, පුදුකුඩුඉරිප්පු පැත්තෙ ගිහාම, පිරබාහරන් ගොයියගෙ බන්කරේ එහෙම බලපුවහම ජාත්‍යාලය කෙසේ වෙතත් ව්‍යාග්‍රාලයක් ඇති වෙනව. (ටයිගර් කියන්නෙ ව්‍යාඝ්‍රයාටයි) අර මෝටර් සයිකල් එන්ජින් වලින් සබ්මැරීන් හෙලිකොප්ටර් හදපු එවුන්ගෙ දක්ෂකම ගැන ලෝබ හිතෙන්නෙ නැද්ද? බංකරේ වුනත් මාර නිර්මාණයක්.
    අනුරාධපුරේ පොළොන්නරුව නටබුන් බලනකොට ඇති වෙන අභිමානය අපට ඇති නොවන්නේ අපේ අරමුණ වෙනස් නිසානෙ.

    ReplyDelete
    Replies
    1. pl see comment tiger post

      Delete
    2. ඔබේ ටයිගර් පෝස්ට් එක බැලුවා. එතකොට ජගුවර් කියන්නෙ මොකාද? උගේ පුල්ලි නිකං පැල්ලම් කීපයක් එක පොකුරට තියෙන රටාවක් තියෙන්නෙ. මම හිතුවෙ දිවියා කියන්නෙ ලෙපර්ඩ්. කොටියා ටයිගර් කියලා.

      Delete
    3. ඒක සාපේක්ෂයි.ඊලාම් මතවාදයට සහාය දක්වන දකුනෙ අය ඔය බංකර් ,සබ්මැරින් දැකල ඒව වර්නනා කරනව මම අහල තියනව.එන්ජී ඕ එකක විධායක නිලයක් දරපු මගෙ යාළුවෙක් කංකරච්චලයක් වෙනකම්ම ඔය බංකර්,හෙලිකොප්ටර් සබැරින් ගැන වර්නනා කළා.ඔහු කීවේ දෙමළ ජාතිය බුද්ධිමත් ශ්‍රේෂ්ට ජාතියක් කියල.ඔහු යාපනේ පොලව ගැනත් මතයක් පළ කළා,විශ්ව විද්‍යාලවලට සමත් වන සිසුන්ගේ වාර්ගිකත්වය ගැන සංඛ්‍යා ලේඛන පවා සදහන් කළා.ඒව බලනකොට ඇත්ත වගෙත් තමයි.

      අනුරාධපුරේ පොළොන්නරු ස්මාරක වලට කැමති ජාතික මතය තුල ඉන්න අය.ඔබ කී දේ හරි

      "අනුරාධපුරේ පොළොන්නරුව නටබුන් බලනකොට ඇති වෙන අභිමානය අපට ඇති නොවන්නේ අපේ අරමුණ වෙනස් නිසානෙ"

      Delete
    4. අභිමානය අනිවාර්යයෙන්ම තම දැක්මෙන් , තමන් ඉන්න තැන ඉඳලා බලලා ඇතිවෙන හැඟීමක් තමා . මධ්‍යස්ත හැඟීමක් නෙමේනේ . එතකොට අර පොළොන්නරුවේ ශිව කෝවිල දකින කොට ඇතිවෙන හැඟීම ? අර ඉන්නේ පැරකුම් බා රජතුමා නෙමෙයි පුලස්ති පඬිවරයා කිව්වම ඇතිවෙන හැඟීම ?

      ඔය සබ්මැරින් ගැන කිව්වම , මගේ හිතේ රැඳී හැඟීමක් ලියන්නම්....මට ඉඳ හිට හිතෙනවා අර සබ්මැරීනයේ අර ඇහැක් ඇන්දේ ඇයි කියලා ...ත්‍රස්තවාදියෙක් ඇතුලේ හිටපු කලාකාමියෙක් එලියට පැන්නද ?

      Delete
    5. @JP: ඔබත් පටලවාගෙන ඉන්නෙ. කොටි කියන එක දිවියට අයිතියි තමයි. මගේ තර්කය මේකයි. ටයිගර් කියන්නෙ වයිරං තියන සතාට. ලෙපඩ් කියන්නෙ පුල්ලි තියන සතාට. අපි වයිරං තියන සතාට කියන්නෙ ව්‍යාග්‍රයා කියල. පුල්ලි තියන සතාට ඉස්සර කිව්වෙ කොටිය කියල. දිවිය කියන්නෙ පොඩි කොටි වර්ග වලට. දැන් පුල්ලි තියන සත්තු ඔක්කොටම කියන්නෙ දිවියො කියල. මේක සත්ව විද්‍යාඥයො කියන දෙයක් නෙවෙයි, මාධ්‍ය නිසා සාමාන්‍ය මිනිස්සුන් ඉගෙනගෙන තියන විදිහ.
      දෙහිවල සත්වොද්‍යානයෙ අපූරුවට ගහල තියෙන්නෙ ව්‍යාග්‍රයා කියල රෝයල් බෙන්ගෝල් ටයිගර් කියල ඉංග්‍රිසියෙන් ගහල. වන ජීවී එකේ කාගෙන් හරි අහල බලන්න ලංකාවේ කොටි (සිවුපා) නෑ කියන්නෙ ඇත්තද කියල.

      Delete
    6. @මධ්‍යස්ථ මතධාරියා:
      බංකර් / සබ්මැරීන් හදපු අරමුණ මොකක්ද කියල හිතන්නෙ නැතුව ඒව හදපු අය දිහා බැලුවොත් ඔවුන්ගේ දක්ෂතාව අගය කළ යුතුයි කියන එකයි මං කියන්නෙ. දෙමළ ජාතිය බුද්ධිමත් කියල කියන එක ජාතිවාදී ප්‍රකාශයක්. මං ඒවා පිළිගන්නේ නෑ. මිිනිහගෙ බුද්ධිය වැඩෙන්නෙ පරිසරයත් එක්ක. මොන ජාතියක හරි කුඩා දරුවෙක් ආදී වාසී ජනපදයක හැදුනොත් ඒකගේ බුද්ධිය වර්ධනය වෙන්නෙ ආදී වාසීන්ගෙ මට්ටමට තමයි. බෝධිසත්වයෝ පස් මහ බැලුම් බැලුවෙත් බුද්ධිය වර්ධනය කරගන්න පුළුවන් පරිසරයක් අවශ්‍ය නිසා.
      අනුරාධපුර පොළොන්නරුවෙ ස්මාරක ගැන නෙවෙයි මං කතා කළේ නටබුන් ගැන.

      අනුරාධපුර නටබුන් බලද්දි දැනෙන අභිමානය කොටි කඳවුරුවල නටබුන් බලද්දි ඇති වෙන්නෙ නෑ. ඒ වුනත් නිර්මාණය කරපු අයගෙ නිර්මාණශීලිත්වය අගය කරන්න වෙනව.

      මට ඕනැකළේ දේශ හිතෛශී විනෝද චාරිකා යනකොට පුදුකුඩුඉරිප්පුව පැත්තෙ යන්න එපා කියල කියන්නයි. ඒ පැත්තෙ ගියොත් දේශ හිතෛශී අදහස් එන්නෙ නෑ ඔළුවට.

      තරහකාරයෙක් ඇවිත් මට ගැහුවොත් ඇතිවන තරහට වැඩිය වෙනස් ටවුන් එකේ චණ්ඩින්ට බොන්ඩ දීල ගැස්සෙව්වොත්. එතකොට වෛරයක් ඇති වෙනව. ඌ කැටපෝලයක් හදාගෙන මට විද්දොත් මට ඌත් එක්ක යාළු වෙන්නත් හිතෙයි. පිස්ටල් එකක් අරගෙන කකුලට තිබ්බොත් එහෙම ලෙන්ගතු කමක් ඇති වෙන්නෙ නෑ.

      Delete
    7. @ Madhumadhavi Poetry
      වයිරන් තියන සතා ටයිගර්. ඉස්සර ව්‍යාග්‍රයා කියල කිව්වෙ. “වග වලසුන්“ කියද්දි “වග“ කියල කිව්වෙ ඌට.
      පුල්ලි තියන සතා ලෙපර්ඩ්. ඉස්සර කොටිය කියලයි කිව්වෙ. කැලේ මාරු වුනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ කියනවනෙ. එතකොට, අර ගමරාළගෙ හේනට ආපු කොටියෙක් “හොරි කහපිය ගින පිඹපිය“ කියල කතාවක් තියෙන්නෙ. තව කොහොද කොලුවෙක් “කොටිය ආවෝ“ කියල බොරුවට කෑ ගහපු කතාවකුත් තියනවනෙ. ඔය එක කතාවකවත් කියවෙන්නෙ නෑනෙ ඒව පිටරටක වෙච්ච දේවල් කියල. ඒ කියන්නෙ ලංකාවෙ කොටිය කියන සතා ඉන්නව කියන එකනෙ. ඒ වුනාට ලංකාවෙ ඉන්නෙ පුල්ලි තියන ලෙපර්ඩ්ල මිසක් වයිරන් තියන ටයිගර්ල නෙවෙයිනෙ. එතකොට ටයිගර් කොහොමද කොටිය වෙන්නෙ?

      Delete
    8. එතකොට ඉඳලා තියෙන්නේ අපේම නොවෙන අපේ කොටි ... ඒක එක පැත්තකින් හරි

      Delete
    9. @හෙනහුරා, ටයිගර් පෝස්ට් එකේ මගේ දෙවනි කමෙන්ට් එක බලන්න. ස්තුතියි

      Delete
  4. දැන් ගෙවල් ඩිසයින් කරන්නෙත් මහජාතිය අමතන්න පුලුවන් සයිස් ජනෙල් දාල. බටහිර කුමණ්ත්‍රන නිසා පොඩි ජනෙල් තියන අය දේශමාමක විදිහට ඒව ලොකු කරගන්නව

    ReplyDelete
    Replies
    1. ෆ්‍රෙන්ච් වින්ඩෝස් නෙමෙයි දැන් දේශමාමක කවුළු හාහාහා .....උලුවහුත් දාන්න ඕනේ හොඳ හයිය ලීයෙන් එල්ලිලා ඉන්න ...ගෙදර හදිසි වෙලාවකට ගන්න මෙගා ෆෝන් එකකුත් අරන් තියන්න .

      Delete
  5. මේ දැන් ඩිංගකට කලින් කාල්ටන් එක ලඟින් ගියා. බස් එකකින් ඇවිල්ල සෙනඟ බැස්ස ලොක්ක බලන්න.

    ReplyDelete
    Replies
    1. මට අමතක උනා රාජ් එහෙ බව ..... අර කතාකරපු හාදයත් හිටියද දන්නේ නෑ බස් එකේ ....ඇත්තටම කොහොමද එහෙ තත්වේ ?

      Delete
  6. කාළයක් මේ වගේම අර පිරිත් පැන් බෙදන එකෙක් බලන්න ගියා නේද කස්ටිය. මට නම මතක නෑ..

    හිනා වෙලා ඉල ඇට ඇඳුනා.. මල් අටයි.. ඒ මල මගේ ගානේ.. අම්මපා මල් මක්කටෙයි මෙහෙම පෝස්ට් එනවානම්...

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ අර දොළුකන්දෙ බුවා වෙන්න ඇති.

      Delete
    2. ස්තුතියි ......දොළුකන්ද බොට්ල් පිරිත් වෝටර් ....මැදමුලන ජනමුල බනිස් ?

      Delete
  7. මැදමුලන ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස් නව් ලෙවල්ස් ඉන් බොවල්ස්.

    ReplyDelete
  8. බලාගෙන ගියාම උතුරෙ ප්‍රභාකරනුයි,දකුනෙ මැදමූලන බයියයි,හරියට එකම කාසියෙ දෙපැත්ත වාගෙයි.

    ReplyDelete
    Replies
    1. නැහැ ඇනෝ උන් නෙමෙයි ...උන්ව අදහන්නේ ඉතින් මේ වර්ග හැතැප්ම 65610 තුල ඉන්න මිනිස්සු නේ ...උනුයි ඒ ඉල්ලුම හදන්නේ ..එහෙම හිතෙන්නේ නැද්ද ?

      Delete
  9. මේක කියවලා මට නිකම් මොකක්දෝ වගේ වුනා. මම අහන්නේ අපේ හිටපු මහ රජ තුමාව බලන්න එහෙම හරි ජාත්‍යාලම්බන චාරිකා පටන් ගන්න එක කොයි තරම් හොඳද? එතුමාගේ ප්ස්සෙන් හිටපු හෙන්චයියෝ ටිකත් අතෑරලා දාලා ගියකොට එතුමට පාලුවෙන් විශාධිය හැදෙන්නත් පුළුවන් නෙව. කොහොමට හිටිය මනුස්සයෙක්ද මම අහන්නේ අද මෙහෙම උන්නට?
    ඔන්න ඔහෙ කිරි පැනි ටිකකුත් අරගෙනම යමු...!!!

    ReplyDelete
    Replies
    1. බූරු ... අන්න තේරුණා ... අපි කළගුණ දන්න, කළ අගුණ අමතක වෙන ජාතියක් ....හැබැයි අර කිරිපැණි කතාව කිව්වමනම් මට මතක් උනේ , ගම්පහ පැත්තේ අන්නාසි වවන මගේ යාලුවෙක්ගෙ ගෙදරට අන්නාසි ගෙඩියක් අරන් ආපු අමුත්තෙක්ගේ කතාව

      Delete
    2. දැන් තමයි කළගුණ සළකන්න තියන වෙලාව. මෛත්‍රිට චන්දෙ දැම්මට මාත් වෙලාවක යන්න ඕනැ මහින්ද ලොක්කව බලන්න.
      (පහනක් පත්තු කරනවට වඩා ලේසියෙන් විදුලි ආලෝක පූජාවට රුපියල් පනහක ටිකට් එකක් ගන්නව වගේ කෙළෙහි ගුණ සළකන්නත් ගමේ පන්සලට ගිහින් කොළ කෑල්ලෙ කතිරෙ ගහල ෂේප් වෙන්න හිතන මිනිස්සුනෙ මේ රටේ ඉන්නෙ, රටට හෙණ ගැහුවත් කමක් නෑ කියල.)

      Delete
  10. තක්භිර් වී ඇති බැවින් සිනාව කැපුනි.

    ඕකට බැරිද අපේ රත්තරන් වාහිනියේ උන්දලාට කියල ඇඟ කිලිපොලා යන ඇඩ් එකක් හදා ගන්න... එතකොට ඔක්කොම සම්පුර්ණයි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. මේ වගේ වැඩ වලට වැඩියෙන්ම සුදුසු සුවේටම දීන රූපවාහිනි නේද

      Delete
    2. අනේ හඩ්සන් ලොක්කට මොකද වුනේ කියල කවුරුවත් හොයල බැලුවෙ නෑ නේද? පවු!

      Delete
  11. අපි කොහොමට වන්දනාවෙ ගිය මිනිස්සුද අප්ප. ඉස්සෙල්ලම ගියා අර තෙල්දෙනියෙන් එහා හැදෙන මහ කොන්ක්‍රීට් යෝධයො බලන්න. ඉන් පස්සෙ දකුණෙ ඉඳන් බස් අරගෙන දඹුල්ලෙ, ආනමඩුවෙ දිහා ගම් උදාවෙ ගිහින් සිරීපාදෙ නැගල, අරලිය ගහමන්දිරෙත් බලල ආව. ඊටත් පස්සෙන් පහු තාන්ඩිකුළමෙදියි අපේ අයටයි, පුළුයන්කුලමෙ උන්ගෙ අයටයි කියල කිරිජ්ජපල්ල අතගාවගෙන යාපනේ ගෙහුන් ආව. ඒකෙනුත් පස්සෙ ඔන්න යන්තන් මුලතිව් නන්දිකඩාල් යන්න චෑන්ස් එක ලැබුන. අනේ ඉතින් ඔය ගමන් නිසා අමතකම වෙලා තිබ්බ කතරගමයි, මුල්කිරිගලයි ආයෙ වඳින්න යතෑකි මැදමුලනෙ හරි තංගල්ලෙ හරි දවල් බතට නවත්තල.

    නායකයන්ට ස්තූතියි, අපිව හැමදාව වටේ ගෙනිච්චට!

    ReplyDelete
    Replies
    1. දෙඅතින්ම තම්බ්ස් අප්ය

      Delete
  12. ෂහ්!! සුපිරියටම ලියල තියෙනවා. එක අතකින් හොඳයි නේද. රජ පරපුර නිසා එතනත් උපසංස්කෘතියක් හැදිලා. මිනිස්සු කඩ කෑල්ලක් දාගෙන ට්‍රිප් එන උන්ට සෙල්ලම් බඩු, ඉරිඟු, බෙලිමල්, කහට, සරුවත් විකුණනවා, තව කට්ටියක් හයර් ගිහින් හම්බකරගන්නවා!!! එළ! එළ!!!

    ReplyDelete
  13. ලංකාවේ උන්ට රජෙක්ම ඉන්න ඕනේ ඉතිං වැදගෙන ඉන්න!

    ReplyDelete
  14. පට්ට හොඳ එක බොලව්, ජාතියක කඳුළු තනිව පිස දැමු මිනිසෙකුට නේද මේ අපහාස කොරන්නේ , හිනා වෙලා මලා

    ReplyDelete
    Replies
    1. ජාතියක කඳුළු තනිව පිස දැමු කියන්නේ .... ජාතියේ ලේන්සුවද ?

      අපහාස කලේ ඇත්තටම ඔහුට නොවේ ......

      Delete
  15. විහිළුවට ලියල තිබෙනවා වුනත් ඇත්ත. හොරණ පැත්තේ බස් තුනකින් ගිහින් තිබුන. කඩවතත් එහෙමයි. ගියපු එකෙක්ගෙන් මන් ඇහුව මොකක්ද ඔච්චර දුක කියල. මිනිහ කිව්වා අනේ බලන්න ඉතින් රජෙක් වගේ හිටපු උත්තමයෙකුට කල දේ. මන් කිව්වා චන්දෙන් සාධාරණව පැරදුන එකනේ වුනේ කියල. නැහැ ඔයා පිටරට ඉන්න නිසා තේරෙන්නේ නැහැ. දැන් ඉන්න එක්කෙනා පෙන්දෙක් වගේනේ පෙන්නේ නැත්ද? රජෙකුට හරියනවද? මන් එතනින් එහාට මුකුත් කිව්වේ නැහැ. මම ලංකාවෙන් ආවේ 1984. මම හිතන්නේ එන්න ඇත්තේ 1804.

    ReplyDelete
    Replies
    1. අපේ රජ ෆැන්ටසිය ඉබේ මිය නොගොස් , බලෙන් අයින් කළ නිසාද මන්දා
      එහෙමත් නැත්නම් රජෙකුට දීනව 1972 තෙක් සිටි නිසාද මන්දා

      මේ ෆැන්ටසිය ජාන ගත වෙලා වගේ තියෙන්නේ

      Delete
    2. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15613-2015-02-01-22-06-31

      Delete

Have commented