21 January 2015

බීලා ද ?

උදේ හවා බොරැල්ල ටවුන් එක හරහා වැඩට යන අතරේදි බොරැල්ලේ රිට්ස් සිනමා ශාලාවේ හින්දි චිත්‍රපටියක් ගැන ලොකු කටවුට් එකක් ගහලා තිබුනා. ඒ කටවුට් එකේ හිටියේ අමිර් කානුයි අනුශ්කා ශර්මායි. අමීර් කාන් ටිකක් විතර අමුතු ඇක්සන් එකකින් උන්නු නිසා මටත් පොඩි ආසාවක් ආවා චිත්‍රපටිය බලන්ඩ.

හෝල් එකට ගිහිං නෙමේ... චිත්‍රපටිය හොයාගෙන බලන්ඩ. ආයේ හිංදි, ඉංග්‍රිසි චිත්‍රපටි බලන්ඩ හෝල් ගානේ යන්ඩ ඕන යෑ.

චිත්‍රපටියේ නම තමයි පී.කේ.. ! ඒකේ සිංහල තේරුම 'බීලද' කියන එක. !

මම අපේ කන්තෝරුවේ ඉන්න අයගෙන් අහලා බැලුවා මේ චිත්‍රපටියේ කොපියක් තියෙනවාද කියලා. යන්තන් එක්කෙනෙක් ගාව මේ චිත්‍රපටියේ කොපියක් තිබුනා. මම ඒක ඉල්ලගෙන  සිංහල උපසිරැස ඩවුන්ලෝඩ් කරගෙන බැලුවා..


ශා... අගේ ඇති චිත්‍රපටිය.... !

චිත්‍රපටියේ කතාව මේකයි...

පිටසක්වල ග්‍රහලෝකයකින් මේ ලෝකයට ජීවියෙක් එනවා.ජීවියා එන්නේ ඉන්දියාවේ කාන්තාර ප්‍රදේශයකට. ඒ ජීවියා අපේ මනුස්සයෙකුගේ ස්වරූපයට සර්වසමයි. මේ ජීවියා ගොඩ බැහැලා ඇවිදගෙන යනකොට රේල් පාරක් හමු වෙනවා. මේ රේල් පාර ගාව ටික වෙලාවක් ඉන්නකොට මනුස්සයෙක් මේ ජීවියා ඉන්න දිහාවට ඇවිදගෙන එනවා.

මේ මනුස්සයා දකිනවා පිටසක්වලින් ආපු ජීවියාගේ කරේ දිලිසෙන අමුතු ගැජට් එකක් තියෙනවා කියලා. ඒකට ලෝබ හිතිලා මේ මනුස්සයා ඒ ගැජට් එක හොරකම් කරගෙන පැනලා යනවා...

ඒ ගැජට් එක තමා පිටසක්වල යානය ආපහු  මේ ලෝකෙට ගෙන්වන්න පණිවිඩ යවන දුරස්ථ පාලකය.. ඒ දුරස්ථ පාලකය නැතුව ඔහුට ආපහු තමන්ගේ ලෝකයට යන්න බැරි වෙනවා.  පෘතුවිය  ගැන මෙලෝ හසරක් නොදන්න ජීවියා  තනි වෙනවා.

ඔහුගේ වෑයම වෙන්නේ ඒ දුරස්ථ පාලකය සොයා ගැනීම...

කතාව බොහොම පොඩ්ඩයි කිව්වේ. pk කියන්නේ පැය 2යි විනාඩි 32ක් පුරා දිවෙන විනෝදාත්මක චිත්‍රපටියක්. විනෝදාත්මක චිත්‍රපටියක් වගේම මිනිස්සු, ආගම් මුවාවෙන් සිදු කරන කරන වංචාවන්  සියුම් උපහාසයට ලක් කරා චිත්‍රපටියක් කිව්වොත් මම නිවැරදි.

ගොඩක් අය මේ චිත්‍රපටිය බලලා ඇති. නොබලපු කෙනෙක් ඉන්නවා නං බලන්ඩ. අගේ ඇති චිත්‍රපටියක්. සිංහල හරි ඉංග්‍රිසි හරි  උපසිරැස නැත්තං ඉතිං චිත්‍රපටිය තේරුං ගන්ඩ ටිකක් අමාරුයි.

අමීර් කාන්, අනුශ්කා ෂර්මා, සංජේ දත් යන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. හොඳ imdb රෑන්ක් එකකුත් තියෙනවා.

25 comments:

  1. පහුගිය දවස් වල ගොඩක් කතාබහට ලක් වෙච්චි ෆිල්ම් එකක්.. තවමනම් බැලුවේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔය ඩේටා ටිකක් ඉතුරු වෙච්ච වෙලාවක බාගෙනම බලන්ඩ...

      Delete
  2. මලය ගෙනත් ගෙදර තිබුනා. ඉඳින් මාත් බලන්නම්..

    ReplyDelete
  3. ඕ මයි ගෝඩ් එකට පස්සෙ ආව ඒ මොඩල් එකේම පිලුමක්... වෙනසකට තියෙන්නෙ අමිර් කාන් ගොය්යගෙ පට්ට ඇක්ටින් පාරයි ස්ක්‍රිප්ට් එක රළු විවේචනයෙන් තොර සදය උපහාසාත්මකව ලියල තියෙන එකයි
    සෑහෙන දවසකින් බැලුව පට්ටම පිලුමක්...
    අන්තර්ජංජාලෙ සබ් ඔක්කම අයින් කරල නේද...
    මාත් ප්ලේන් කොපියක් තමා බැලුවෙ
    හිහි

    ReplyDelete
    Replies
    1. ඕ මයි ගෝඩ් බලලා නම් නෑ..
      ඒකත් හොයාගෙන බලන්ඩ වටිනවා කියලා හිතෙනවා. සබ් අයින් කරලා වගේ. මාත් එකෝම එක සබ් එකක් යාන්තං හොයා ගත්තා.

      Delete
  4. කෝ බන් උපසිරැසි ලින්ක් එකක් එහෙම දැන්මනම්

    ReplyDelete
  5. බලන්නම ඔ්නේ කියලා දැන් හිතෙනවා.....

    ReplyDelete
  6. මාත් ෆිල්ම් එකනං ඩවුන්ලෝඩ් කරගත්ත. සබ් එකක් තාම හම්බඋනේ නෑ. බලමු.

    ReplyDelete
    Replies
    1. බයිස්කෝප් එකේ මම නම් ඒ දවස්වල ගත්තා. දැන් නම් ඒකේ නෑ වගේ, ඕන නම් මා ළග තියෙන සබ් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් විදිහට හදලා දාන්න පුලුවන්.

      Delete
    2. ස්තුතියි නිරංජන්.
      ඔය මධු උඩ දීල තියෙන ලිංක් එකෙන් මම සබ්එක බාගත්ත.

      Delete
  7. කිව්වා හින්දම බලන්නම තම හිතෙන්නෙ. .

    ReplyDelete
  8. අමීර්ගේ පිලුම් එකක් නං අනිවා මං බලනවා. හැබැයි ටිකක් පරක්කු වෙලා. අපිට කෝහේද ටොරන්ට්.. ගෙදර ඩීවිඩී..

    අමීර් තමා මං දන්න හොදම නලුවා..

    ReplyDelete
  9. හින්දි බලලම නැද්ද කොහෙද මමනම්

    ReplyDelete
    Replies
    1. @ඉවාන්,

      පව් අප්පා. මෙයාව නම් හින්දි ෆිල්ම් එකක් බලන්ට ගෙනියන්ටම වෙනවා...:P

      Delete
    2. නිරන්ජන් - අපරාදේ නේන්නම්


      පොඩ්ඩි - ඔව් අප්පා ඔයා එක්ක ගිය හැම සැරේම බැලුවේ හින්දි ෆිල්ම් නෙවේනේ :P

      Delete
  10. පිට සක්වල ජීවියෙක් මෙහෙ ඇවිත් පෙට්ට්‍රල් පම්ප් එකක් දැකල කිවුව කතාව මතක් උනා.
    අදම ෆිල්ම් එක හොයාගෙන බලන්න ඕනෙ

    ReplyDelete
  11. ෆිල්ම් එක බැලුවා. ආමීර් ඛාන්ගේ අනෙක් ෆිල්ම්ස් තරම්ම හොඳයි කියලා හිතුනේ නෑ. ඒත් දෙන පනිවිඩේ හොඳයි. කතාවේ ලස්සනටම පෙනුනේ මුලින් පෙන්නපු ටික. කතාව අන්තිමේදී ඒ කතාව ආපහු එලියට එයි කියලා හිතන්නේ නැති වෙලාවක (හපොයි කතාව නොලියා මෙහෙම ලියන එක මාර අමාරු වැඩක් ) ඒ සිද්ධිය ඇදිලා එන හැටි ලස්සනයි. එකම දේ නැවත නැවත පෙන්නපු නිසාද මන්දා මැදදි මහන්සි දැනුනා.

    අනුෂ්කා ෂර්මා ඇඳලා හිටපු ඇඳුම්, සපත්තු එහෙම මාර ලස්සනයිනේ. :D

    ReplyDelete
    Replies
    1. චැහ් මම හිතුවේ අමීර් ඇදුං නැතිව ඉන්නවා කියල නේ.. හැක්

      Delete
  12. ලගදි බැළුවා.. සිරාම ෆිල්ක් එක..

    ReplyDelete
  13. තාම බලන්න බැරිවුනා. :(

    ReplyDelete
  14. අනේ අපි නෑනෙ ඕවට....මට නං චිත්‍රපටි අරහං...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.