මේක මම ලියපු එකක්නම් නෙමෙයි. මට අගෝස්තු වෙනකල් මුකුත් ලියන්න වෙලාවක් හම්බෙන එකක් නැහැ. ඒත් අගෝස්තු වලින් පස්සෙ ටිකක් නිදහස් මගෙ තිසිස් ඉවරවෙන නිසා.
කොච්චර වැඩ තිබුනත් ඊමේල් එකකින් ආපු මේ ලිපිය ඔයාලත් එක්ක බෙදාගන්න හිතුන ගොඩක් සංවේදී ලිපියක් නිසා. මේවගේ දේවල්, මේ අසරණ හැඟීම අද ගොඩක් දෙනෙකුට අත්දකින්න වෙනව ඇති. ඔයාලත් කියවල බලන්නකො.
සිත රිදුන තැන්… (උපුටාගැනීමකි)
ජූලි 9, 2011 indik විසිනි
කාලයකට ඉස්සර නත්තල් දවස්වල දී මෙහෙ ප්‍රසිද්ධ වෙලා ගිය සිංදුවක් තිබුණ ‘නත්තල් සපත්තු’ කියලා. මෙන්න ලින්ක් එක.
http://www.elyrics.net/read/n/newsong-lyrics/the-christmas-shoes-lyrics.html
දුප්පත් අයගෙ දරුවන්ට මෙහෙ තියනවා angel tree කියලා නත්තලට තෑගි අරන් දෙන්න පටන් ගත්ත සංවිධානයක්. ඒ වගේ සංවිධාන අපේම අය විසින් පටන් අරගෙන ලංකාව වගේ රටක ඇති වෙන්න කොච්චර කල් යයි ද?
මම දැකලා තියන විදියට ලංකාවේ අය වැඩිය කැමති අනාථ නිවාසයකට තෑගි දීලා ඒ ළමයි වෙතින් සුභාශිංසන සිංදු අහන්න.
අළුතින් ගත්ත දේවල් වුනත් හරියන්නෙ නැත්නම්, ඊට අකමැති නම් ඒවා දානය කරන්න, නැති කාට හරි බෙදන්න Goodwill වැනි සංවිධානයක් ලංකාවේ තියනවා ද?
තීසිස් එක හරියට ලියා ගන්න සුබ පැතුම්!
ස්තුතියි ඔබතුමියට…
ලංකාවෙ ගොඩක් සංවිධාන තියෙන්නෙ තමන්ගෙ වාසියටනෙ. ඒනිසා අවංක චේතනාවෙන් එවැනි දේවල් කරන්න හදන අයට ඉඩ අඩුයි…
සරල ලෙස පෙනුනට හරි සන්වේදි දෙයක්..
අපි පොඩි කාලෙ අපිට ලස්සන සපත්තු..බෑග්..අරව මේව කිස් දෙයක් හරියකට ගන්ට සල්ලි තිබ්බෙ නැති උනාට අපිට ෆන් එකේ ඉන්න ලෝකයක් තිබුන..
ඒකාලෙ සතියට පාරයි ටී වී බලන්නෙ ඒක නයිට් රයිඩර්..
තව වැඩ කෝටියක් තියෙනව අපිට ඉස්කෝලෙ ඇරිල ආවම කරන්න..
ඉතින් ගත්ත ෆන් ඉස්කෝලෙ ගිහින් විස්තර කරනෙකොට උන් කට ඇරන් බලන් ඉන්න එකෙන් අපිට තේරෙනව මුන්ට සල්ලි තිබ්බට මෙලෝ රහක් නැ කියල…
ඒත් දැන් තත්වය වෙනස් ..
මුදල මත හැමදේම රඳාපවතිනව…
ළමයි කොයිතරන් දක්ෂ උනත් ඉදිරියට එන්න ආර්ථිකේ හරස් වෙනව..
උදාහරනෙට මියුසික් වලට දක්ශ ලමයෙක් ගනිමු..
එයා දක්ශ උපකරණය මිලදි ගන්න බැරි වෙනව කියන එක නවතින්නෙ එයා චිත්‍ර පන්තියට ඇතුලත් වීමෙන්…
දැන් සමාජය ඉස්සරට වඩා ගොඩක් සංකීර්ණයි. ළමයින්ට ජීවිතය විඳින්න වෙලාවක් නැහැ. දෙමව්පියන්ට ඒකට ඉඩදෙන්න පුලුවන්කමකුත් නැහැ තරගකාරීත්වය නිසා. මෙහෙ සමාජය ගොඩක් වෙනස්. අධ්‍යාපනය, රැකියා හැමදේම… අතුගාන කෙනාට උනත් සමාජයෙ කිසිම වෙනසක් නැහැ. කැම්පස් ළමයි වේටර් විදියට වැඩ කරනව හෝටල්වල. මේ රටවල් දියුණුවෙලා තියෙන්නෙ ඒ නිසාද රටවල් දියුණු නිසා එහෙමද හරියටම තේරෙන්නෙ නැහැ…
ඕකම මම දැක්ක ඊයේ බ්ලොග් එකකත් දාල තිබ්බ
මට කාලෙකින් බ්ලොග් බලන්න බැරි උනා. ඒ ගැනැ සමාවෙන්න. මම දැක්කෙ ඊමේල් එකක තිබිල…
ලිවිල්ල නම් මරු මචෝ. මම කැමතිම බ්ලොග් එකක් මේක. ආපහු කියවන්න ලැබීම ගැන සතුටුයි. මම අද ආපහු වර්ශා සීරීස් එක කියෙව්වා. සුලෝචන සර් අපෙ ක්ලාස් ටීච මම A/L කරන කාලෙ. පරන එව්වා මතක් වුනා කියවද්දි. වෙලාව තියන විදියට ලියපන්.
ජයෙන් ජය.
JH
ස්තුතියි සහෝ… ඒත් මේකනම් මම ලියපු එකක් නෙමෙයි…
හරිම සංවේදී කථාවක් නේද..
ඔව්… කියෙව්ව ගමන් මට කට්ටිය එක්ක බෙදාගන්න හිතුනෙත් ඒකයි…
මගේ කුඩා දියණිය අවුරුදු තුනේ ඉඳල දවල් දවස ගත කළේ ” ඩේ කෙයා” සෙන්ටර් එකක. අප දෙදෙනා හවස ඇයත් රැගෙන ” ඇනොන් ” එකට යනව පාන් ගන්න. එතන පාන් රසයි. සුවඳයි. අපිටත් මහන්සියි. දුව කියනවා, ” තාත්ති අපි මොනව හරි කාලම යමුද” කියල. අවුරුදු පහ උනාට ඇය ගිරවෙක් වගේ කතා කරනවා. අපි මොනව හරි කන්න වාඩි වෙනව. එතන ෂෝට් ඊට්ස් මාර රහයි. දුව පැටිස් එකක් කාල තව එකක් ගන්නව අතට. අපි වේටර් තරුණියට කියනවා අපි කාල ඉවරයි මේක ගිහින් තියල බිල අරන් එන්න කියල. ඒ… දුව තව මොනව හරි ගත්තොත් අපි ළඟ ගෙවන්න සල්ලි මදි වෙන නිසා.
පාර අයිනේ කඩ සාප්පු වල සෙල්ලම් බඩු දකින ඇය දවසක් කියනව, ” තාත්ති ඒව තියෙන තැන බලා ගන්න .. එතකොට අපිට පස්සෙ දවසක ගන්න පුළුවන්නෙ කියල.”
ඉහත ලිපිය කියවන විට අවුරුදු විස්සකට කලින් සිදුවූ දේවල් ගොඩාක් මතකයට ආව.
අද ඔබ ඉන්න තත්වෙ ගැන සතුටු වෙන්න. තමන්ගෙ උත්සාහයෙන් නැගිට්ටම ඒකෙ වටිනාකම ගොඩක් වැඩි. ජීවිතේ දුක් විඳලම නැත්නම් ගොඩක් දේවල් පේන්නෙ පටු විදියට. එහෙම අයගෙන් වැරදි වෙන්න අවස්ථාව ගොඩක් වැඩි…
See this one:
http://reargate.blogspot.com/2011/08/blog-post_31.html
ගොඩක් සංවේදියි සහෝ…