09 January 2015

මැතිවරණ ප්‍රථිපල වලට පසු...

හප්පා ඡන්දෙත් ඉවර උනා... !

සෑහෙන උණුසුමකින් මේ ඡන්දේ පැවැත්වුනා කිව්වොත් හරි. මම නම් ඊයේ හවස ඉදන්ම විමසිල්ලෙන් හිටියේ මොකද වෙන්නේ කියලා දැනගන්ඩ.


මහින්ද මහත්තයා අරලිය ගහ මන්දිරයෙන් සමුගැනීම හැරුනුකොට මට නම් වෙන කිසිම හෝඩුවාවක් තිබුනේ නෑ මෛත්‍රී දිනාවිය කියලා. මොකද කරට කර සටනක් පැවැත්වුනේ.

මේ ඡන්දයේදි මෛත්‍රිපාල මහත්මයාට වාසියකට තිබුනේ උතුරු නැගෙනහිර, ඌව, මහනුවර වගේ පලාත් වල ඡන්ද ප්‍රමාණයන්. මේ වගේ දිස්ත්‍රික්ක වල සෑහෙන ඡන්ද ප්‍රතිශතයක් මෛත්‍රීපාල මහත්මයා අත්පත් කරගෙන තිබුනා.


කොටින්ම උතුරු නැගෙනහිර සියයට හැටකටත් වඩා වැඩි ප්‍රමාණයකින් මෛත්‍රීපාල මහත්මයා දිනලා තිබ්බ එක මේ ඡන්දෙදි ඔහුට ලොකු වාසියකට හේතු උනා.

මහින්ද මහත්මයා දිනපු පලාත් වලින් මෛත්‍රීපාල මහත්මයා පරාද උනේ අඩු ඡන්ද ප්‍රමාණයකින් වීමත් ඔහුගේ ජයග්‍රහණයට එක හේතුවක්.

ඒත් හම්බන්තොට, තංගල්ල, ගාල්ල වගේ පැති වලින් මහින්දට සෑහෙන ඡන්ද ප්‍රමාණයක් ලැබුන එක මහින්දට වාසියකට හේතු උනා. ඒ පලාත් වලින් නම් මෛත්‍රීපාල මහත්මයාට ලංවෙන්ඩවත් බැරි පරතරයකින් මහින්ද මහත්මයා දිනලා තිබ්බේ.

පහලින් තියෙන්නේ උදේ දහය වෙනකොට තිබ්බ ප්‍රථිපල සටහන.
මේ තියෙන්නේ උදේ 11.17 වෙනකොට තිබ්බ ඡන්ද ප්‍රථිපල සටහන

පහලින් තියෙන්නේ අවසාන ඡන්ද ප්‍රථිපල සටහන.. පේනවනේ මෛත්‍රිපාල මහත්මයා වැඩිපුරම ඡන්ද ලබාගෙන තියෙන්නේ කොයි කොයි දිස්ත්‍රික්ක වලින්ද කියලා.
පහලින් තියෙන්නේ ප්‍රධාන අපේක්ෂක දෙපල ලබාගත් අවසාන ඡන්ද ප්‍රමාණයන්. වැඩි ඡන්ද 449,072ක් වගේ ප්‍රමාණයකිනුයි මෛත්‍රිපාල මහත්මයා ජයග්‍රහණය කරලා තියෙන්නේ.

නිදහස් හා සාමකාමිව පවත්වපු මැතිවරණයක් නිසා මේ තීරණයට පක්ෂ පාට වලින් තොරව හිස නමන්න ඕන. මහජන මතයට අපි ගරු කල යුතුයි !

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඡන්දය දිනා ගත්තා වගේම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රටට වැඩ කිරීම නව ජනාධිපතිතුමාගේ යුතුකමක් වෙනවා.

නව ජනාධිපති තුමාට සුබ පැතුම් !!

12 comments:

  1. මට දුක සබරගමුවෙ නිල කැත කරපු එකට
    මාවනැල්ලෙ හම්බයො ටික පන්නන්න ඕන
    බලමු කැද හැලිය බෙදාගන්න විදිය කෝමද කියල

    ReplyDelete
  2. මාසයක සටනකින් රාජ්‍යබලයත් මාධ්‍යවල අධි බලයත් තිබුණ ප්‍රතිමල්ලවයා පැරදවීම පහසු දෙයක් නෙවෙයි.. උතුරෙ උනත් දකුණේ උනත් චන්ද දුන්න ඔක්කොම ලාංකිකයො.. අපි යන්නෙ ඕනෙ ඒ විදිහට හිතන රටක්ලටයි.. එහෙම නැතුව බේද අරං බොරු සතුරො මවල මරාගන්න තැනකට නෙවෙයි.. අපේ ලොකුම සතුරා ජාති ආගම් බේදයි.. යුද්දෙන් පස්සෙ මහින්ද මහත්තයාට ලැබුණා වගේම අවස්ථාවක් මයිත්‍රී මහත්තයටත් රනිල් මහත්තයටත් ලැබිල තියෙන්නෙ.. ඔවුන් ඒක හරිහැටි වටහාගෙන ඉදිරියට ගියොත් රට ගොඩ..

    ReplyDelete
    Replies
    1. සිංහල අපි හැමදාමත් කැමතියි ලාංකිකයෝ විදිහය හිතන්න. ඒත් උතුරේ සහ නැගෙනහිර ඉන්න අය එහෙම හිතන්න කැමති නැහැ. එහෙම හිතන්න කැමති නම් ලංකාව සහ පකිස්ථානය අතර ක්‍රිකට් තරග පවත්වන විට මුස්ලිමුන් පාකිස්ථානුවන්ට හුරේ දමන්නේ නැහැ. දෙමළ මිනිස්සු ගැනත් කියන්න තියෙන්නේ ඒ ටික තමයි.

      Delete
    2. නිරංජන් අය්ය i salute you

      Delete
    3. ai ane hama ekama sinhalayatama jathiwadaya gana kiyanna yanne. muslim demala untath oka kiyanna onene.

      Delete
  3. මස්ෙකලිෙයන් ලැබුණු ඡන්ද විශාල පරතරයක් අැති කරා. ඒ් වෙග්ම හිතන්ඩ ෙදයක් තිෙයනවා ඒ් උතුරු නැෙගනහිරින් ලැබුණු ඡන්ද විශාල ෙවනසක් අැති කිරීමයි

    ReplyDelete
  4. මහින්ද ගෙදර යාම ගැන මට ලොකු දුකක් හෝ මෛත්‍රී ජනපතිවීම ගැන මට අමුතු සතුටක් හෝ නැත. නමුත් මට ඇති එකම දුක සිංහලයන් බහුතරයක් සිටියත් රජයක් පිහිටුවන්නට දෙමළ හා මුස්ලිම් ඡන්ද හිගාකෑමට සිංහල දේශපාලඥයන්ට සිදුව තිබීමය. මෙය සිනහ වී ඉවත හෙළිය යුතු කරුණක් නොවේ. සිංහලයාගේ අනාගත මහා ව්‍යසනයක් පෙරනිමිත්තක් පමණි.

    ReplyDelete
    Replies
    1. well true when it understand it will be too late

      Delete
  5. මෙතනින් පස්සෙ හකීම්ලා, සම්බන්ධන්ලා හප් කිව්වත් චූ යන සින්හල නායකයන් පිරිසක් බිහිවනු ඇත.

    මුස්ලිම් වෙනම කලාපයක් හො දෙමල ස්වයන් පාලනයක් ඇති කිරීමට සිරිසෙන ජනබලයක් ඉල්ලුවෙ නැති බවද මතක තබා ගත යුතුය.

    ReplyDelete
  6. නොහිතපු තීරණයක්............ රටේ ජනතාවට අාචාර කළ යුතුයි......

    ReplyDelete
  7. //මහින්ද මහත්මයා දිනපු පලාත් වලින් මෛත්‍රීපාල මහත්මයා පරාද උනේ අඩු ඡන්ද ප්‍රමාණයකින් වීමත් ඔහුගේ ජයග්‍රහණයට එක හේතුවක්//

    මෙන්න මේක තමා ගොඩක් දෙනෙක්ට අත ඇරිච්ච පොයින්ට් එක. දෙමල මුස්ලිම් චන්ද වලින් විතරක් මයිත්‍රී දිනුවා කියන අයට...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.