මගේ බ්ලොගයට ආපු මිතුරු මිතුරියන් සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නවා.. හැමෝටම අලුත් දෙයක් ඉගෙන ගන්න / හිතන්න / හිනා වෙන්න ඇවිත් යන්න... මම දැකපු හසපු දේවල් වලට අමතරව කෙටි කතා, දිග කතා. අහුවෙන හැම එකක්ම දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලත් මේකෙන් පොඩි හරි අධ්‍යාපනයක් / විනෝදයක් ලැබුනනම් ඒකට ගොඩක් සතුටුයි. කමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා යාලුවනේ. ගොඩක් ස්තුතියි මගේ බ්ලොග් එක බැලුවාට.. අදහස් හා යෝජනා තියෙනවා නම් මා වෙත ලැබෙන්න සලස්වන්න.

Tuesday, December 9, 2014

ගීයක මියුරු - මහා වැස්සක පෙරනිමිති...

මම ඉතාමත් ආදරය කරන ගීතයක් ගැන මට දැනුන දේ මට පුළුවන් විදිහට ලියලා ඔබ හා බෙදාගන්න හිතුවා.. 

සුභාවිත ගීතයේ රසය සොයා යන පුද්ගලයෙකුට අමතක කල නොහැකි ගීතයක් ඔබ අතරේ බෙදාගැනීමට තීරණය කළා. සරල පද පෙලකින් යුක්ත උවත් ගැඹුරු යතාර්තයක් හොවා දක්වන මෙම ගීතය කේ.ඩී.කේ ධර්මවර්ධනයන්ගේ රචනයකි. මෙය සංගීතවත් කර ඇත්තේ සනත් නන්දසිරි කලාකරුවා විසිනි. මියුරු හඬින් ගායනා කරනු ලබන්නේ W.D අමරදේව අසාහාය නම් කලාකරුවා විසිනි. 1927 මොරටුවේ උපන් වන්නකුවත්ත මිටිවඩුගේ දොන් ඇල්බට් පෙරෙරා අප කා අතරත් ප්‍රසිද්ධ වේ ඇත්තේ "අමරදේවයන්" යන නමිනි.

මේ ගීතය අසනා විට මහළු වියේ කෙනෙක් තනි වූ විට ඇතිවන හැඟීම් ඉතාමත්ම අපූරුවට ගයන අමරදේවයන් අපගේ හැඟීම් හා එක් වන්නේ අපටත් නොදැනීම අපගේ තනිකම දුරලමින්. සරල ගීතයක් වන මෙය ආදරය / තනිකම / මහලුවිය / අතීතය හා වර්තමානය ගැන ප්‍රබල පුනරාකථනයක් සිදු කරනු ලබයි.

මහවැස්සක පෙර නිමිති පෙනෙනවා..
කවුළුව අතරින් හිරිකඩ එනවා..
මල් පැණි වඩියක උණුසුම ලබනට..
යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත..

වර්ෂාව සිදුවීමට ප්‍රථම සිදුවෙන සිදුවීම් හා බැඳුනු සුන්දරත්වය විස්තර කරන අතරම වැස්සත් සමග මිනිස් සිතේ ඇතිවන අව්‍යාජ සිතුවිලි ගැන ගී පද රචකයා විස්තර කරනු ලබනවා.

කබාය ඉරිලා ඊට කමක් නෑ..
කවුරු බලන්නද කවුරු දකින්නද..
මා දැන් මහළු වියේ..
මා දැන් මහළු වියේ..

ගී පද රචකයා කතා නායකයාගේ භෞතිකය පිලිබඳ මනා පැහැදිලි කිරීමක් මෙම පද පේලි තුලින් රස වින්දිනාට දැනගැනීමට සලස්වයි. වයෝවෘද භාවය හා භෞතික වස්තුන් කෙරෙහි ඇති ආශාව මදකම මැනෙන් පිළිඹිඹු වේ. මනුෂත්වය හා චෛතිකයයේ  වෙනස් වීම් සියුම් ලෙස ප්‍රකාශ කර තිබෙනවා.

පාරට බැස්සම නොවැසීතල වැඩි
තනිකම ඊට වැඩියි..
හිරිපොද වැස්සේ එකම කුඩය යට
තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොදහැටි මතකයි..

ස්වභාවික පරිසයේ වෙනස්වීම් තම ජීවිතය පිළිඹඳ සංසන්දනය කිරීම ඉතාමත් අගනේයි. මහලු වයසේ තනිවම දිවි ගෙවුවත් ආදරය දෙස බලා ඊර්ශියා කරනු වෙනුවට තමන්ගේ අතීතය දිගේ සිතින් ගමන් කිරීම ඉතාමත් සුන්දරව දක්වා තිබෙනවා.

මීවිතකින් ගත උණුසුම් වූවත්
සිත උණුසුම් වේදෝ..
එපා එපා මීවිත මගෙ දෙතොලට
එපා එපා මීවිත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටියට යනවා..
මා ආපසු යනවා..

අවසාන පද පේලියෙන් සුරාවෙන් ලබන තාවකාලික සුවයෙන් ඔබ්බට ගොස් ජීවිතයේ යතාර්ථය තේරුම් ගැනීම ඔස්සේ හුදෙක් ජනී ජනයාට ආදර්ශයක් සපයා තිබෙනවා.

No comments:

Post a Comment