Wednesday, November 5, 2014

මෙල්යා දුටු අත්භූත සිදුවීම ,, අදින් ඇරඹෙන ප්‍රබන්ධය

මෙල්යා එදින නිවෙස බලා ආවේ තැතිගැන්මෙනි. වේගයෙන් ආ  ජීප් රථයක් හදිසියේ නැවැත්වූ අතර ඉන් බට කිහිපදෙනෙක් පාරේ යමින් සිටි දැරියක් එයට නංවා ගෙන පලා ගියහ.මෙල්යා  එදින කෑවේද නැත.හවස අම්මා හා තාත්තා පැමිණි පසු මේ ගැන කීවත් ඔවුන්ට එවැන්නක් ආරංචි වී  නොතිබිණි.මෙවැනි සිද්ධියක් සිදුවිනි නම් එය පාරේ ගිය අනෙක් අය නොදකින්නට ඉඩක් නැත.එහෙත් මෙල්යා දැඩි මානසික පීඩනයක සිටින බැවින් මෙල්යාගේ පියා මෙය වැඩිදුරටත් විපරම් කළේය.එල්යාගේ පියා ස්ටෙෆාන් කොබ්බි යනු ප්‍රදේශයේ විමසුම් සහගත  පුද්ගලයෙකු නිසා ඔහුට ඕනෑ වුනේ මෙල්යා ගේ සැක සංකා දුරු කිරීමටය.නිකම්ම මෙල්යා ට මෙය බොරුවක් කියා අමතක කරවන්නට වෙන ඕනෑම කෙනෙක් උත්සාහ දැරුවත් ස්ටෙෆාන් කොබ්බි විශාල උත්සාහයක් ගත්තේ සාක්ෂි සහිතවම මෙල්යාට මෙය මායාවක් බව ඔප්පු කිරීමටට්ය.එය අසාර්ථක වුනොත් මනෝ විද්යා උපදේශකයෙකුගේ පිහිට පැතීමට ස්ටෙෆාන් මහතා තීරනය කර තිබුණි.

මෙල්යාගේ නගරය ජනශූන්‍ය පාලුඑකක් නොවේ.එහෙත් ඉතා කාර්යබහුල වූවක්ද නොවේ.ගැඹුරු මුහුදෙන් මායිම් වූ මේ කුඩා නගරයට ධීවරයන් හා වෙරලේ විනෝද වීමට එන කිහිප දෙනෙක් හැරුන විට ලොකු ඝෝෂාවක් නැත.එහෙත් මෙවැන්නක් දැක කලබල නොවන්නට තරම් පාළුවක් නැත.එහෙත් මෙය දැක තිබුනේ මෙල්යා පමණි.

එම මොහොතේ පාරේ ගමන් කරමින් සිටි කිහිප දෙනෙකු දෙනෙකු මුණ ගසුන ස්ටෙෆාන් ඔවුන් ලවා මෙල්යාට එවැන්නක් ඇත්තටම සිදුනොවූ බව ඒත්තු ගන්වන්නට උත්සාහ කළේය.එහෙත් ස්ටෙෆාන් විස්මයට පත්වුනේ ප්‍රදේශයේ පොලිස් ශෙරිෆ් වරයා කී කතාවක් නිසයි.

මේ වර්ගයෙ ජීප් භාවිතයෙන් ඉවත් කරලා අවුරුදු 40 ක් විතර.දැන් කොහෙවත් මෙහෙම ජීප් දකින්නට නැහැ.එල්යා වගෙ කුඩා ළමයෙක් මේ වර්ගයෙ ජීප් එකක් දැක්කා කීම පුදුම සහගතයඉ.
ඒත් මිස්ටර් ස්ටෙෆාන් ප්‍රශ්නෙ ඒක නොවෙයි.මා මීලඟට කියන්න දේ ඇසුවොත් ඔබ ඇස් උඩ ඉන්දුවා ගනීවි.මෙතන නොවෙයි මීට තරමක් දුරින් ඔය වෙලාවට ඔහොම දෙයක් ඇත්තටම සිද්ධ වුනා.

මොනවා ස්ටෙෆාන් ට කියවුනි.

ඔහු ශෙරීෆ් වරයා දෙස දෑස් දල්වා ගෙන සිටියේය.

ඔවු .ඒත් අපි මේක ළමයගෙන් වසං කරමු.ළමයට මේක මානසිකව බලපාන්න පුළුවන්.

ඔවු ශෙරීෆ් .මේක මොකක් වුනත් මට දැන් ඕන ළමයව මේ අහක යන කුණු කන්දල්වලින් අයින් කර ගන්න.දැන් නම් තත්වය තරමක් හොඳ අතට හැරිලා.

හ්ම්ම්ම් ශෙරීෆ් හිස වැනුවේය.

මම එන්නම් ළමයා මම මේක බොරුවක් කීවම ළමයා විශ්වාස කරාවි ශෙරීෆ් කීවේය.

ඔවු මට ඕනත් එච්චරයි ස්ටෙෆාන් පිළිතුරු දුනි.

ස්ටෙෆාන් නිවෙසට ආවේ අවුල් වූ සිතිනි.ඔවු බිරිද මාගරිටා ට මෙය කී විට ඇය බියපත්ව මවිතයට පත්වූවාය  (absolutely terrified ).

මෙල්යා ගේ මානසිකත්වය යහපත් අතට හැරුනි.consultant කෙනෙක් හමුවීම අවශ්‍ය නොවීය.එහෙත් ශෙරීෆ් වරයාට මෙය එලෙස ඉවත දැමිය හැකි දෙයක් නොවීය.ඔහු අද්භූත දේවල් ගැන පර්යේශන කරන කිහිප දෙනෙකුටම මේ ගැන දැන්වූවේ එනිසයි.
වැඩි ප්‍රසිද්ධියක් නැතිව විශේෂඥයන් පිරිසක් රැස්ව මේ ගැන සංවාදයකට මුල පිරූහ.

එය සිදුවුනේ මාර්ටින් සිමර්ස් නම් පර්යේශකයාගේ ප්‍රධානත්වයෙනි.සුළු සිද්ධියක් වුනත් නිකම්ම ඉවත දැමීමක් හෝ ආගමික අර්ථ කථනයක් දී එහි  සිරකර අතහැර දැමීමක් ඇමරිකාවේ සිදු නොවේ.තුන්වැනි ලෝකයේ රටකනම් ආගමික කරුණු ඔප්පු කිරීමට  විද්වතුන් සමඟ පවත්වන මාධ්ය සාකච්ඡාවකින් සියල්ල සතිඋඅය්කින් දෙකකින් අවසන් වෙයි.ඉන්පසු ජනතාවටද කිසිවක් මතක නැත.

කුඩා කාමරයේ වටමේසයක වාඩිවී සිටින පිරිස ඇමතූ මාටින් කටහඩ අවදි කළේය.

මහත්වරුනි
මීට කලකට පෙර සිදුවූ සිද්ධියක් ඊට පසු දිනක එම වේලාවටම දර්ශනය වීම විස්තර කරන්නෙ කොහොමද
ආගමික රාමුවකින් තොරව පැහැදිලිකිරීමක් ලබා ගන්නෙ කොහොමද
කියන ඒවයි අපට තිබෙන ගැටළු.

අනෙක මේ කිසිම දෙයක් ගැන නැවත ළමයගෙන් තොරතුරු ලබා ගන්න බැහැ.ළමයගෙ දෙමවුපියන්ගෙන් කිසිම සහයෝගයක් අපට ලැබෙන්නේ නෑ.මාටින් තව දුරටත් පැවසීය.

පරා මනෝවිද්‍යා විශය ගැන ගැඹුරු දනුමක් සහිත මහාචාර්ය කූලි තරමක් නිහඩ චරිතයකි.ඔහු මදක් වේලා කල්පනා කර කීවේ අප මෙවැනි සිදුවීම් ගැන දත්ත එකතුවක් හදා ගන්න ඕන.

එවන්නක් දර්ශනය වෙනවා කියන්නෙ එම දත්ත විශ්වයේ තිබෙනව කියන එකයි.මෙන්න ඒකට විද්‍යාත්මක ආකෘතියක් හදා ගන්න ඕන .ඒකයි අපට තිබෙන අභියෝගය ." කියාය.

සාකච්ඡාව අවසන් වුනේ යළි රැස්වන බවට වූ සපථ කිරීමකිනි.


මෙල්යාගේ සිද්ධිය නගරයේ ලොකු ආන්දෝලනයක් ඇති කළේ නැත.මීට කලකට ඉහත අන් තැනක වූ දෙයක් කාගේවත් මතකයේ නොවීය.එහෙත් සියල්ල වෙනස්වුනේ තවත් අද්භූත දෙයක් නිසාය.


No comments:

Post a Comment